X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


ජනපති - අගමැති හා හිටපු ජනපතිගෙන් අවුරුදු සුබ පැතුම්

අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමේදී රජය ක්‍රියාත්මක කරන මතින් තොර රටක් ක්‍රියාවලියට දායකත්වය ලබාදෙමින් එම සත්ක්‍රියාවට දායකත්වය දී අලුත් අවුරුද්ද සමරන ලෙසත් සොඳුරු වාද බේද නැති රටක් ඇති කිරීමට අධිශ්ඨාන කරගත යුතු බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද අලුත් අවුරුද්ද වෙනුවෙන් කොස්ලන්ද ශ්‍රී අරියවංශාරාමයට අද (13) පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු සුබ පැතුම් එක් කළේය. මේ අලුත් අවුරුද්ද සිංහලයන්ට ද්‍රවිඩයන්ට සීමාවී නැති බවත් ලොව පුරා තවත් රටවලද අවුරුද්ද සැමරෙන බවත් කී අගමැති ලබන්නාවූ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සැමට වාද බේද නැති සුබ අලුත් අවුරුද්දක් වන්නැයි ප්‍රාර්ථනා කළේය.

අලුත් අවුරුද්දේ සංහිඳියාවෙන් හා එකමුතුවෙන් ජීවත් විය යුතු බවත් සාමය සතුට භුක්ති විඳින්නට අවස්ථාව ලබාදුන් රණවිරුවන් සිහිකර උතුම් මාතෘ භූමිය රැකගන්නට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කරමින් පැවසීය.



අදහස් (0)

ජනපති - අගමැති හා හිටපු ජනපතිගෙන් අවුරුදු සුබ පැතුම්

රුපා Thursday, 14 April 2016 04:34 AM

නිවහල් රටක් තනා දුන් මහින්ද මැතිදුන්ටත් රට තවත් යහපත් කිරීමට ආ අලුත් නායක දෙපළටත් සියලු රට වැසියන්ටත් සුබම සුබ නව වසරක් වේවා. (ම)

:       0       0

ජයතු Saturday, 16 April 2016 01:12 AM

මේගොල්ලෝ ඔක්කොම ජනතාවට අවුරුදු කොකා පෙන්නනවා. සිංහලයා කවදත් කැවුම් කන්න යෝධයානේ. තවත් කාලන්තරයක් මේ ලෙසම දේශපාලුවන්ට කරදරයක් නැතුව ජනතාව සුරාකමින් රට පාලනය කළහැකියි. (නි)

:       0       0

ජයතු Friday, 15 April 2016 07:47 PM

සිංහලයාට ඕනෑ රට උගස්තියලා හරි කන්න. මහින්ද මහත්තයා ඒක කළා. ඒත් පැරදුන එක ගැන තමයි කණගාටු. (නි)

:       0       0

ගාමිණි Friday, 15 April 2016 03:51 PM

රටට පණදුන් හිටපු ජනාධිපතිතුමාට සුබ නව වසරක් වේවා! (නි)

:       0       0

සිරි Friday, 15 April 2016 09:33 AM

අපේ ජාතියේ නිදහස ලබාදුන් වීරයාට සුබ පතමි! දැනට බලය ගෙන ඉන්න අයටත් සුබ පතමි (නි)

:       0       0

විපුල Friday, 15 April 2016 06:16 AM

හිටපු ජනපතිට සුබ අලුත් අවුරුද්දක් වේවා (ම)

:       0       0

ජගත් Friday, 15 April 2016 12:37 AM

අවුරුදු කන්න අවුරුදු කාලෙටවත් බඩු මිල ටිකක් අඩුකරලා දෙන්න කියලා මේ අයගෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

මැගිලින් Thursday, 14 April 2016 11:35 AM

නුවන්, ඒ කාලේ කොහෙද හිටියේ? අඟහරු ලෝකෙද? අපි නම් 2009 මැයි මාසයේ ඉඳලා හොඳට අවුරුදු කනවා (නි)

:       0       0

නාලක Thursday, 14 April 2016 10:17 AM

මිනිසුන්ට ගිය අවුරුද්ද ටිකක් හොඳට කන්න පුළුවන් වුණා. දින 100 දීපු සහන සමඟ මිනිස්සු හිතුවා මේ රජය මහින්දට වඩා හොඳට රට කරයි කියලා. නමුත් හරි දුකයි මිනිස්සු මේ අවුරුද්ද ගතකරන විදිය දැක්කහම. ගත් ණය වල ප්‍රතිඵල සහ අපනයන භාණ්ඩ වල මිල අඩුවීමේ බලපෑම රටටම තදට දැනිලා. (නි)

:       0       0

රන්ජී Thursday, 14 April 2016 10:17 AM

මීට කලිනුත් මෙහෙම කලින් හිටපු අය සුබ පැතුවද? (නි)

:       0       0

ගාමිණි Thursday, 14 April 2016 07:05 AM

නුවන්, ඔයා නිදාගෙනද හිටියේ? (නි)

:       0       0

සරත් Thursday, 14 April 2016 07:05 AM

අද අපිට අවුරුදු සමරන්න රට බේරාදුන් නායකයා ඇතුළු අනෙකුත් නායකයන්ටද සුබ අලුත් අවුරුද්දක් වේවා!

:       0       0

සෞදි සරත් Thursday, 14 April 2016 06:38 AM

අපේ රට ජාතිය බේරාදුන් නායකයා ඇතුළු සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

ධම්ම Thursday, 14 April 2016 06:27 AM

සුබපැතූ එක ගැන සතුටුයි. (නි)

:       0       0

සිරි Thursday, 14 April 2016 05:27 AM

කෝ අපේ මැඩම්ගේ සුභ පැතුම? (ම)

:       0       0

ටිකිරි Wednesday, 13 April 2016 01:47 PM

ඔබතුමන්ලාටත් මේ අලුත් අවුරුද්දේ ජය සතුට සපිරේවා! (නි)

:       0       0

ශානක Thursday, 14 April 2016 04:09 AM

නුවන් කියන්නේ කොහොම කෙනෙක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

දුමින්ද Thursday, 14 April 2016 04:08 AM

මව්බිම පෙරට - සමරමු අවුරුදු (නි)

:       0       0

ආර්. වික්‍රම Thursday, 14 April 2016 02:38 AM

නුවන් කවදාද ඉපදුනේ? ඊයේ පෙරේදාද? (නි)

:       0       0

පාඨලී Thursday, 14 April 2016 01:47 AM

මේ රටේ අය නොවන ආකාරයට සිතන අදහස් දක්වා ඇති සමහරු ගැන මට හරිම කණගාටුයි (නි)

:       0       0

ඉමේෂ් Thursday, 14 April 2016 01:27 AM

සමහරු ඒ අවස්ථාවෙනුත් ප්‍රයෝජන ගන්නේ දේශපාලනයට. අනේ අපි වගේ ජනතාවකට මේ වගේ නායකයෝ යැයි කියන උදවිය ලැබුනේ පෙර පිනකට. (නි)

:       0       0

ටානි Wednesday, 13 April 2016 11:28 PM

ඔබ සියළු දෙනාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 13 April 2016 08:48 PM

සමහර අය අවුරුද්දට සුබ පතන්නේත් දේශපාලන වාසියක් උදෙසා යැයි සිතේ. අලුත් අවුරුදු දිනය යනු රණවිරු දිනයවත් ජාතික නිදහස් දිනයවත් නොවේ. (නි)

:       0       0

නුවන් Wednesday, 13 April 2016 07:21 PM

ආ! රාජපක්ෂ මහත්තයත් සුබ පතනවද? බොහොම හොඳයි. ඒ කාලෙත් මෙහෙම තිබුනද කියලයි මම මේ කල්පනා කළේ (නි)

:       0       0

යසන්ත Wednesday, 13 April 2016 07:15 PM

මහින්ද මහත්තයා ගැන අපිට කණගාටුයි. ඔබ ඇතුළු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

සොපි Wednesday, 13 April 2016 05:16 PM

ඔබතුමන්ලාටත් එසේම වේවා........ ! (නි)

:       0       0

විමලරත්න Wednesday, 13 April 2016 03:30 PM

ඔබතුමන්ලාගේත් සියළු පැතුම් ඉටුවේවා! (නි)

:       0       0

ඩිලාන් Wednesday, 13 April 2016 02:30 PM

නිවහල් රටක් ඉතුරුකර දුන් වීර මහින්ද මහත්තයාටත්, ගරු ජනපති අගමැතිතුමන්ලාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

සිල්වා Wednesday, 13 April 2016 01:52 PM

වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කඹ ඇදිලි තුරන්කර එකමුතුව, එක්සත්ව අපේ රට ගොඩදාන්න මේ ලැබුවා වූ අවුරුද්දේ වාසනාව ලැබේවා කියලා අපිත් පතනවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site