X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ජපාන අධිකරණ අමාත්‍යංශ තීන්දුව ඉවතට - ලාංකිකයාට සරණාගත භාවය

දේශපාලන රැකවල් ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයෙකු සඳහා සරණාගතභාවය ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් ජපාන අධිකරණ අමාත්‍යාංශය දුන් තීරණය එරට අධිකරණය විසින් අවලංගු කර ඇතැයි එරට පළවන ජපෑන් ටයිම්ස් පුවත්පත  වාර්තා කළේය.
 
ජපාන අධිකරණ අමාත්‍යාංශ  සිය ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එලෙස අගතියට පත්  ලාංකික සරණාගතයෙකු විසින් ගොනු කරනු ලැබූ පැමිණිල්ල විභාගයට ගෙන අවසන් කරමින් ටෝකියෝ දිසා අධිකරණය   මෙම තීන්දුව ලබා දී ඇතැයි එම පුවත්පත් වාර්තා වේ වැඩිදුරටත් සඳහන්වේ.
 
නම් ගම් හෙළි කිරීමට අකැමැති පනස් අට හැවිරිදි මෙම ලාංකිකයා   තමන්ට රජයේ ආරක්ෂක අංශ වලින් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි කියමින්  2006 වසරේදී   ජපානයේ දේශපාලන රැකවල් ඉල්ලා ඇත. එම වසරේ ඔක්තෝබර් මාසයේදී සරණාගතභාවය ඉල්ලා යොමු කළ අයදුම්පත ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
 
එසේ තිබියදී මෙම සරණාගතයා   කැනඩාවේ පදිංචිව සිටින සිය සහෝදරයා සමඟ වාසය කිරීමට ජපානයේ අචී ගුවන්තොටුපළේ සිට කැනඩාව බලා ගුවන්ගත වීමෙන් සිටයදී නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් නොමැති බව සඳහන් කරමින් ජපාන බලධාරීන් ඔහු  අත්අඩංගුවට ගෙන ඇත.පසුව මෙම ලාංකිකයා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් ගේ බාරයට පත්ව තිබේ.
එක්සත් ජාතීන් ගේ රැකවල් මධ්‍යයේ සිටි මෙම ලාංකිකයා ඉන්පසුව තවත් අවස්ථා දෙකකදී ම එරට සරනාගතභාවය ඉල්ලා සිටියද එම අවස්ථා දෙකම ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
 
ජපාන රජයේ මෙම ක‍්‍රියාවට එරෙහිව 2011 වසරේදී ටෝකියෝ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර එම නඩු විභාගය අවසන් කරමින් මෙම ලාංකිකයාට එරෙහි එරට අධිකරණ අමාත්‍යාංශ තීන්දුව අවලංගු කිරීමට අධිකරණය තීන්දු කළේය.
 
එසේම ඔහුට එරට සරණාගත තත්ත්වය ලබා දීමට ද ටෝකියෝ දිසා අධිකරණය තීන්දු කර ඇතැයි ජපෑන් ටයිම්ස් පුවත්පත කියා සිටී. මෙය ඉතාම දුර්ලභ නඩු තීන්දුවක් වන බවද මෙම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
 
125



අදහස් (3)

ජපාන අධිකරණ අමාත්‍යංශ තීන්දුව ඉවතට - ලාංකිකයාට සරණාගත භාවය

Mahee Saturday, 07 July 2018 12:59 AM

මේ සරණාගතයාගේ නෑදෑයෝ කැනඩාවෙත් ඉන්න බව පේනවා. යුද්දේ ඉවරවෙලා අවුරුදු හයකට පස්සේ සරණාගතභාවය ඉල්ලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ මිනිස් අපනයන ජාවාරමේ කොනක් මෙතන තියෙනවා කියලයි. ජපාන අධිකරණ අමාත්‍යාංශය කරුණු හොයලා බලලනේ තීරණය දෙන්න ඇත්තේ. උසාවිය ඉතින් මොනවා බැලුවද අපි දන්නේ නැහැ.

:       12       105

Nandana de silva Saturday, 07 July 2018 11:30 AM

ගොඩක් ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ රට පාවාදෙනවා නොයෙක් බොරු කියමින්... සල්ලි වලට රට පාවා දෙන කාලකන්නි තමයි.

:       0       123

නුමා Saturday, 07 July 2018 12:39 PM

බොහෝවිට, මුලින්ම සරණාගතභාවය ඉල්ලූ වේලාවේදී ජපානයේ ආයතන මගින් වැරදීමක් වන්නට ඇති. එනිසා තමා අධිකරණය ලාංකිකයා වාසිවන ලෙස තීන්දුව ලබාදුන්නේ. සාමාන්‍යයෙන් ජපානයේ නඩු තීන්දු පිටරැටියන් ට වාසිසහගත වන්නේ නැහැ. කෙසේ වුවත්, ලාංකික සරණාගත වීසා ඉල්ලන්නන් සහ ජපන් භාෂා විද්‍යාල සඳහා ශිෂ්‍ය වීසා ඉල්ලුම් කරන්නන් ගැන ජපානය තීරණයක් ගනීවි. මෙම අවුරුද්දේ වැඩි දෙනෙකුගේ ඉල්ලුම්පත් කුණූකූඩෙට දාලා තියෙන්නේ. පසුගිය අවුරුද්දේ ශ්‍රී ලාංකිකයින්ගේ උත්සවයේදී ඇතිවූ ගැටුම් නිසා කොහොමත් දැන් නරක නාමයක් තමා තියෙන්නේ.

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site