X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ජාතික අධ්‍යාපන සේවක සංගමයෙන් මානව හිමිකම් කොමිසමට පැමි‍ණිල්ලක්

නිමල කොඩිතුවක්කු

අධ්‍යාපන  බලධාරීන් තමන් සතු වෘත්තීය බලතල භාවිතා කරමින් විදුහල්පතිවරුන්ට පාසල් වසා තැබීමටත් ගුරුවරුන්ට සහ පාසල් දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙසත්  බලපෑම් කිරීම මගින් පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බව පවසමින් ජාතික අධ්‍යාපන සේවක සංගමය මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (04) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් බව කියමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පා ගුරු , විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති රැසක් එක්ව අද (4) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කළේය.

එහිදී දකුණ පළාත, ඌව පළාත සහ බස්නාහිර පළාතේ අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු පාසල් වසා තබන ලෙස බලපෑම් කළ බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බව ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයින් පිරිසක් පැවසූහ.

මේ හේතුවෙන් පාසල් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති මුලික මිනිස් අයිතිවාසිකම  උල්ලංඝනය  වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කරමින් ජාතික අධ්‍යාපන සේවක සංගමය සඳහන් කරන්නේ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති සාමාජිකයින්ට අයිතිය තිබෙන නමුත් තම වෘත්තීය බලතල භාවිතා කරමින් පාසල් වසා තැබීමට නියෝග කිරීමට හෝ බලපෑම් කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවයි.



අදහස් (2)

ජාතික අධ්‍යාපන සේවක සංගමයෙන් මානව හිමිකම් කොමිසමට පැමි‍ණිල්ලක්

කරු Wednesday, 04 July 2018 04:33 PM

මෙම පැමිණිල්ල යොමු කිරීම ම යහපත් ලක්ෂණයකි. නමුත් ජාතික අධ්‍යාපන සේවක සංගමය මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම හාස්‍යජනකය.

:       1       10

Sathya Thursday, 05 July 2018 03:50 AM

කරු කියනවා හරි. ලොකු වරද පෙන්නේ නෑ. විරුද්ද වීම පේනවා. මුලින්ම නැවත්තුවනම් නිවාඩු දෙන්න ඕනි නෑනෙ. දේශපාලන පලිගැනීම් කියල බඳවා ගැනීමේ පරිපාටි, සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් උසස්වීම් දෙන්න පුලුවන්ද? කලින් ආණ්ඩුව දුන්න කියල, මේ ආණ්ඩුවත් ඒ වරදම කරන්න ඕනිද? රටේ මිනිස්සු නැගී සිටින්න ඕනි මේවාට විරුද්දව. අපිට අදාළ නෑ කියල කට වහන් හිටියම පාලකයෝ දිගටම කරන්නේ එකම තමා. රට හැමදාම එකම තැන.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site