නීත්‍යනුකුලව ආණ්ඩුවක් පිහිටුවීමට මහින්දටවත් චන්ද්‍රිකාටත් බැහැ එකම සුදුස්සා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (24) පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී කීවේය.
‘19 ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකටවත් මහින්ද රාජපක්ෂ මහතාටත් ජනාධිපතිවරණයට තරග කරන්න බැහැ එම නිසා අපට හදන්න වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක්. නීතියෙන් ප්‍රශ්නයක් නැති නිසා එතුමා ඡන්දේ ඉල්ලනවා. ඒ සඳහායි අපි වැඩ කටයුතු ආරම්භ කර තිබෙන්නේ. පක්ෂයේ මැද පෙළත් ශක්තිමත් කර පක්ෂයේ ඉහළයි පහළයි එකතු කරනවා ඒවගේම මෙවර අය වැයට අපේ පක්ෂයේ අදහස් හා යෝජනා රැසක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා‘
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩිලාන් පරණ තැටියම ගහයි
උපාලි Tuesday, 24 May 2016 01:11 PM
ජනාධිපතිවරන කාලේ ඔයිට වෙනස් කතාවක් කිව්වා වගෙයි මතක. ටිකිරි කියනවා වගේ වැල යන පැත්තට මැස්ස ගහනවා තමයි. රාජ්‍ය ඇමති වෙලා ඉන්න බැහැනේ හැමදාම, නැද්ද? (බ)
දිලුම් Wednesday, 25 May 2016 04:21 AM
අනේ ඇත්තට කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. හෙට මෛත්‍රිපාල මහතා පරදුනොත් දිනපු කෙනා එක්ක එයාට බනිනවා. (නි)
පීරිස් Wednesday, 25 May 2016 03:03 AM
වාසි පැත්තට ආවඩලා, ප්රශස්ති කියලා මල්ල පුරෝගන්න කට්ටිය ගැන දැන් අපි දන්නවා (නි)
ආළං Wednesday, 25 May 2016 02:29 AM
ඩිලාන් මහතාගේ අදහස් වල වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැහැ (නි)
දිනේෂ් Wednesday, 25 May 2016 02:24 AM
අමිත සහ තිස්ස, ඔය ට්‍රයි කරන්නේ මොනවටද කියලා තේරෙනවනේ (නි)
නන්ද Tuesday, 24 May 2016 06:22 PM
පීනස් අමාරුවට හරි සෙම අමාරුවට හරි ගෙනාපු බෙහෙත් තෙලක් මෙතුමා වැඩිපුර හිස ගලවන්න ඇති. එහෙම වුනාම ඔලුවේ අමාරුව හැදෙනවා. මේ එහෙම අවස්ථාවක් යයි අපේ පාඨකයින් වටහා ගනිත්වා. (බ)
තිස්ස Tuesday, 24 May 2016 02:25 PM
අපේ සීයා මෙයාව හොයා හොයා සිටිය අවුරුදු උත්සවේට තිරික්කලේට බදින්න තිරික්කල් රේස් යන්න .කොහෙද දැන් කවටය වෙලානේ .(හේ)
දයාවතී Tuesday, 24 May 2016 02:14 PM
මෙවැනි වංචා දුෂණ ගැන චෝදනා ඇති මිනිසුන් අපේ ආණ්ඩුව තොර පත්කරගෙන ඇමති කම් දීම ගැන ලැජ්ජාවක් මේ පාලකයන්ටත් නැත .(හේ)
විජේලතා Tuesday, 24 May 2016 02:08 PM
දැන් ඔය කතා අහලම එපා වෙලා.(හේ)
බන්දුල Tuesday, 24 May 2016 01:42 PM
වැල යන අතට මැස්ස ගහනවා කියලා හැමෝම දන්නවා. පුටුව රැක ගන්න බිරුවට දන්නෝ දනිති. කන්නදුන් ඇත සපාකන බව.(හේ)
රජිත් මංජුල Tuesday, 24 May 2016 01:23 PM
වාරිමාර්ග ටික සුද්ද කරලා මෝය කටෙන් දැලක් දාල තියන්ඩ නැත්නම් ලබන ඡන්දෙන් ගහගෙන ගියහම මුහුදෙන් තමයි ගොඩ ගන්ඩ වෙන්නේ (බ)
සමන් Tuesday, 24 May 2016 11:09 AM
ඔබ තුමාව දැක්කේ ගොඩක් කාලෙකින් (හේ)
අමිත Tuesday, 24 May 2016 12:48 PM
ඌරු දල වල ගජමුතු නැහැ කියල අපි දන්නවා. මෙයාලා හොඳ කුඹුරු හාන්න ගන්න විතරයි (බ)
රත්නසිරි Tuesday, 24 May 2016 12:38 PM
හරීන් කියපු එකම තමා කියන්න තියන්නේ (බ)
බමුණු Tuesday, 24 May 2016 12:37 PM
ප්‍රේමදාස මහතාගේ කාලේ හිටිය සෙරප්පු සුප් මතක් වෙනවා. (බ)
ජයසේන Tuesday, 24 May 2016 12:19 PM
තරුණ අය මේ ගැන කියල චිත්‍රපටියක් හදනවලු. (බ)
අජිත් Tuesday, 24 May 2016 12:07 PM
ඔය පරණ තැටිය අහල දැන් එපාවෙලා තියෙන්නේ. ඇමතිතුමා දැක්ක කල්.(හේ)
හේමන්ත Tuesday, 24 May 2016 11:58 AM
මෙන්න නියම අය. මේ වගේ අය ඉන්නකන් රටක් හැදෙයිද?(හේ)
ටිකිරි Tuesday, 24 May 2016 11:55 AM
මෙය වැල යන පැත්තට මැස්ස ගහන කෙනෙක්.(හේ)
රංජිත් ගුණසේකර Tuesday, 24 May 2016 11:53 AM
එතුමාව නැත්තම් මෙලහකට සැපසේ ගෙදර ඉන්න තිබුන ලොක්කට (හේ)
බාලසූරිය Tuesday, 24 May 2016 11:48 AM
බුදු දෙවියනේ අපිට අයනම් එපා. (හේ)