(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගෙන ඇති තමිල්නාඩු ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාට ලිපියක් යොමුකරමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (28) තමිල්නාඩු ධීවරයන් 23 දෙනෙකු සහ ධීවර බෝට්ටු 5 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙසත් එම්.කේ ස්ටාලින් මහතා එම ලිපිය මගින් ඉල්ලීමක් කර තිබේ. මෙම වසරේ පමණක් තමිල්නාඩු ධීවරයන් 221 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගෙන ඇති බව ස්ටාලින් මහතා එම ලිපියේ සඳහන් කර ඇත. අඛණ්ඩව සිදුවන අත් අඩංගුවට ගැනීම් හේතුවෙන් ධීවර කර්මාන්තය මත යැපෙන තමිල්නාඩු ධීවරයන් මහත් අපහසුතාවයකට පත්වන බවත් ඔවුනට ඉන්දීය මධ්‍යම රජයේ සහාය අවශ්‍ය බවත් එම්.කේ ස්ටාලින් මහතා එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මේ වන විට ඉන්දීය ධීවර යාත්‍රා 105 ශ්‍රී ලංකාව භාරයේ තිබෙන බවත් මීට පෙර අවස්ථාවලදී අත් අඩංගුවට ගත් ධීවරයන් ඉන්දීය මධ්‍යම රජයේ අඛණ්ඩ උත්සාහය හේතුවෙන් නිදහස් කර ගැනීමට හැකි වූ බවත් ස්ටාලින් මහතා පවසා තිබේ.කෙසේ නමුත් තවමත් එම ධීවරයන්ගේ යාත්‍රා තිබෙන්නේ ශ්‍රී ලංකාව බාරයේ බව ස්ටාලින් මහතා පෙන්වා දී ඇත.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තමිල්නාඩු ධීවරයන් බේරා දෙන්නැයි ඉන්දීය විදේශ අමාත්යට ලිපියක්