X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


තායි ගුහාවේ සිරවු දරුවන්ගෙන් සිව් දෙනෙක් බේරා ගනිති

තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන්ගෙන් සිව් දෙනකු නිරුපද්‍රිතව පිටතට රැගෙන ආ බව මාධ්‍ය වාර්තා කර ඇත. 
 
සම්පූර්ණයෙන්ම අඳුරු ගුහාව දිගේ මඩේ එරෙමින් උස් ස්ථාන තරණය කරමින් ජලය සහිත ස්ථාන වලදී කිමිදෙමින් පිටතට පැමිණීමට දරුවන්ට සිදුවිය. 
 
එක් දරුවකු රැගෙන ඒමට කිමිදුම්කරුවන් දෙදෙනකුගේ සහාය ලබා ගැණින. පිටතට පැමිණි දරුවන් චියැං රායි රෝහලයට රැගෙන යන ලදී.
 
මේ වන විට ගුහාවේ ඔක්සිජන් මට්ටම අඩු වී ඇති බැවින් මෙහෙයුම පැය 10කට පමණ තාවකාලිකව නතර කර ඇතැයි බලධාරීහු පවසති. අනෙක් දරුවන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ප්‍රවීණ කිමිදුම්කරුවන් 90ක් ගුහාව තුළ මෙහෙයුමට සම්බන්ධව සිටිති. ඔවුන්ගෙන් 40දෙනකු තායිලන්තයෙන් වන අතර විදේශීය කිමිදුම්කරුවන් 50දෙනකි. වෛද්‍යවරු කිහිපදෙනෙක් දරුවන් සිටි ස්ථානයට ගිය අතර ප්‍රමුඛතා ලේඛනයක් සකස්කර දුර්වල අය මුලින් රැගෙන ඒමට තීරණය කළේය.
 
හදිසි වර්ෂාපතන තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණ අංශ අනතුරු ඇඟවූ හෙයින් මෙහෙයුම සැලසුම් කර තිබුණාට වඩා වේලාසනින් පටන් ගැනීමට සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. 
 
(බීබීසී ඇසුරිනි -085)



අදහස් (8)

තායි ගුහාවේ සිරවු දරුවන්ගෙන් සිව් දෙනෙක් බේරා ගනිති

hira Monday, 09 July 2018 05:32 AM

බලද්දී පුදුම දුකක් දැනෙන්නේ. මගේ ළමයෙක්ට වුණා වගේ. බුදු සරණයි සියලුම දෙනාට.

:       1       74

Asanka Monday, 09 July 2018 06:11 AM

තායිලන්තයට රටවල් ගණනාවකින් අවශ්‍ය සහය දැනුම ලබාදෙනවා මෙම මෙහෙයුමට ඒකයි කියන්නේ ලෝකයේ සෙසු රටවල් සමග සහයෝගයෙන් ඉන්න කියලා. දරුවන්ට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!

:       1       109

asiri Monday, 09 July 2018 06:45 AM

වෙන යන්නම තැනක් තිබුනේ නැද්ද අප්පා? මේ ගුහාවලට රිංගන සත්තුන්ට දෙවියන්ගේම පිහිටයි...

:       58       11

sam Monday, 09 July 2018 07:05 AM

මුලින් රැගෙන ආවේ දුර්වල හතර දෙනා නොව ශක්තිවන්තම හතර දෙනයි.

:       134       108

jeramiMonday, 09 July 2018 09:17 AM

ඉතින් මොකද්ද එ්කේ වැරැද්ද? හැම මගුලකම නෙගටිව් පැත්ත ගැන හිතන් කතා කරන ඔයාලා වගේ මෝඩයෝ ඉන්න ලෝකේටත් හඳ පායනවා... එ්කත් ලොකු දෙයක්....

:       95       106

sam Monday, 09 July 2018 10:01 AM

මම කිව්වේ නෙගටිව් දෙයක් නොවෙයි. ඇත්ත සිදුවීමයි. ඒක තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැතිව තමන්ගේ නොහැදියාව ප්‍රදර්ශනය කිරීම ගැන ස්තුතියි.

:       7       68

Uditha Monday, 09 July 2018 10:28 AM

කාගේ උනත් මොන ජාතියේ උනත් දරුවෝ.... ජයසිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් කිසි කරදරයක් වෙන්නේ නැහැ.....කෝටියක් දෙවියෝ මේ දරුවන්ව ආරක්ෂා කරත්වා!!!!

:       0       53

thilaks gallage Monday, 09 July 2018 04:04 PM

හිතට ලොකු සතුටක් දැනුනා ඒක දැනගත්තම. අනෙක් ළමයිනුත් ඉක්මනට එලියට ගෙන එන්න ශක්තිය හා ධෛර්‍යය ලැබේවා. හරියට අපේ ළමයින්ට කරදරයක් වුණා වගෙයි අපට දැනුනේ පහුගිය දවස් වල.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site