X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


දෙදරු මව සැත්කමට උදව් පතයි

නාවල ,රාජගිරියේ ,අංක 17/2, විහාර පාර, පදිංචි එන් එම් ගීතානී නවරත්න මහත්මිය ගේ කොන්දේ ස්නායු තෙරපීමකින් ඇති වු අබාධය සුව කැර ගැනීමට ශල්‍ය කර්මයක් කළ යුතුව ඇතැයි කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය  රිස්වාන් ප්‍රනාන්දු මහතා නිර්දේශ කැර ඇත.

මුලින් ඇවිද ගැනීමට අපහසුතාවකින් පෙළුණු  තමාට  වෛද්‍ය පරීක්ෂණවලින් පසු කොන්දේ අබාධයක් ඇති බව සොයා ගත් බවත් එය  සුව කැර ගැනීමට රුපියල් ලක්ෂ තුනක පමණ  වැය වන බවත්  වෛද්‍යවරුන් පැවසු බව ඇය පවසන්නීය.

අසනීප තත්ත්වය නිසා තමාට කිසිදු රැකියාවක් කිරීමට නොහැකි යැයි ද කිසිදු ස්තීර රැකියාවක් නොකර සිය සැමියාට ලැබෙන වැටුපෙන්  මෙම සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකි යැයි ද පවසන ඇය දැනට ප්‍රතිකාර සඳහා ද  මසකට  රුපියල් 12000 ක් පමණ මුදලක් වැය වෙතියි පවසන්නීය .

මෙවැනිම ඉල්ලීමක් ලංකාදීප පුවත්පතේ හා එසැණ වෙබ් අඩවියේ පළ වීමෙන් පසු මුලින් සිදු කළ  සියළු වෛද්‍ය පරීක්ෂණ සඳහා  මුදල් ආධාර ලබා දුන් දෙස් විදෙස් සියළු දෙනාට ස්තූතිය පුද කරන බව ඇය කීවාය.

සැත්කමට ආධාර කිරීමට හැකි නම්  රාජගිරිය  ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇයගේ නමින් අරඹා ඇති  ගිණුම් අංකයට මුදල් බැර කරන්නැයි ඉල්ලා සිටී.වැඩි විස්තර

072-8849506 දුරකතන අංකයෙන් දැනගත හැකියි.

101170178446

swift code - NSBALKLX

branch code - 117

 



අදහස් (0)

දෙදරු මව සැත්කමට උදව් පතයි

ලියනගේ Saturday, 09 August 2014 03:26 AM

ලංකාවේ වෙද්දු ගොඩයි.(අ)

:       0       0

කවීෂා Saturday, 16 August 2014 05:19 PM

අනේ! ඇයට පිහිට වෙමු (නි)

:       0       0

ගීතානි Thursday, 14 August 2014 07:43 AM

සිංහල බෙහෙත් කර සුව නොවුණු නිසා ඉංග්‍රීසි බෙහෙත් වලට හැරුනු අසරන මවට පිහිට වන්නේ

:       0       0

මාධව Sunday, 10 August 2014 03:08 AM

මමත් හැකි අයුරින් පිහිට වෙනවා (නි)

:       0       0

හේමානන්ද Sunday, 10 August 2014 03:05 AM

ඇයට හැකි අයුරින් පිහිට වෙමු (නි)

:       0       0

ප්‍රියන්කර Saturday, 09 August 2014 04:33 PM

ලංකාවේ ඕනෑතරම් සල්ලි තියන අය ඉන්නවා මේවගේ කෙනෙකුට උදව් කලාම පින්සිදු වෙනවා. (අ)

:       0       0

රුවනි Saturday, 09 August 2014 10:03 AM

කොමර්ෂල් බැංකුවේ ඔන්ලින් ෆන්ඩ් ට්‍රාන්ස්වර් කරන්න බැහ මේ ගිණුමට . දන්නා කෙනෙක් ඉන්නවනම් කරුණ කරලා කියන්න කොහොමද කරන්නේ කියල. ඔබට පින් (දී)

:       0       0

ලක්විදු Saturday, 09 August 2014 04:11 AM

රෝග ලක්ෂණයක් කියූ පමණින් උපදෙස් දෙන්න නම් අපේ අය හරි දක්ෂයි. . මෙයාට තියෙන්නේ තමන්ට තිබුන ලෙඩේම කියල කොහොමද කියන්නේ? ඔය වෙද නෝනලා සහ මහත්තුරු ලගට ගිහින් ලෙඩ හොද නොවුණු සහ ලෙඩේ දුරදිග ගිය කොච්චර අය ඉන්නවද කියල කවුරුත් දන්නවද? (නදී)

:       0       0

ලක්ෂිත Saturday, 09 August 2014 03:31 AM

ලලිත් ,ගයාන් ගාල්ලේ සිංහල වෙද නෝනා දුරකතන අංකය ලබා දන්වන්නේනම් ලොකුම උපකාරයකි(අ)

:       0       0

ලලිත් Friday, 08 August 2014 02:52 PM

මේක අහලා සමහරු හිනාවෙන්න පුළුවන්. ඒත් මගේ අයියාටත් ඔය ලෙඩේ හැදිලා ඔපරේෂන් නොකර සිංහල වෙද නෝනා කෙනෙකුට කියලා මාස 3 කින් හොඳ කරගත්තා. (නි)

:       0       0

රොබින් Saturday, 09 August 2014 02:40 AM

මේ දැන්වීම දැක්කම මට හිතෙන්නේ කළුබෝවිල රෝහලේ සැත්කම් සියල්ල කරන්නේ මුදල් අයකරල කියලා (නදී)

:       0       0

සංජීව Friday, 08 August 2014 08:33 PM

හැකි අයුරින් ඇයට උදවු කරමු (නි)

:       0       0

සෝමා Friday, 08 August 2014 07:58 PM

ගයාන්, අවශ්‍ය නම් නොවෙයි, හැමදෙනාටම දැනගන්න තමන් දන්නා දේ සඳහන් කරන්න. (නි)

:       0       0

මෙවන් Friday, 08 August 2014 07:44 PM

ලලිත්, ගයාන්, වසන්ත, සුනිල් මිලානෝ, මේ කඨින පිංකම් සමයේ ඔබ එක්වී කරගත් මේ කුසලය නම් ඉතා ශ්‍රේෂ්ඨ වන්නේමය. (නි)

:       0       0

සුනිල් මිලානෝ Friday, 08 August 2014 04:54 PM

ලලිත්,ගයන් ඔබල හරියෙට හරි ,කිසිම බයක් නැතිව ,මරදන්කඩවල වැල්ඩින් වෙදමහත්තයා හමුවෙන්න,මිහිපිට ඉන්න දෙවියෙක් මම අද්දැකීමෙන් කියන්නේ ,මගේ උකුළු ඇටය දිරල ,ඉතාලියේ දොස්තරවරු කිව්වේ සැත්කමක් කෙරන්නම ඕන කියල ,ලෝකයේ ඕනෑම දොස්තර කෙනෙක් කියන්නේ සැත්කමකින් මිස හොද කෙරන්න බහ කියල විස්වාස කරන්නත් බහ ,දවස් හැත්තෑ හතරක් ඇතුලත හොදටම සුවකළ,ඉතාලි දොස්තරවරුන්ටත් හරිම පුදුමය් ,දැන් මට හොඳටම හොදය( රන්ජිත් දිසානායක මැතිතුමා ,දම්පලස්සගම ,මරදන්කඩවල 077 5653407 077 3746675) කිසිම බයක් නැතිව කතාකරන්න ඔබලාට තෙරුවන් සරණ පතමු රන්ජිත් මැතිතුමාටත් ,එතුමාගේ සහෝදරයාටත් සේවක මඩුල්ලටත් තෙරුවන්සරණද ,දීර්ඝායුෂ පතමි (අ)

:       0       0

වසන්ත Friday, 08 August 2014 04:38 PM

ගයාන්,ඔබගේ පණිවිඩය මට හරිම වැදගත්,මගේ සහෝදරියක් ඉන්නවා මෙවැනිම අබාධයකින් පෙලෙන,කරුණාකර මට එම සිංහල වෙද නෝනගේ දුරකථන අංකය හෝ ලිපිනය ලබාදෙන්න,මගේ සහෝදරියත් ගාල්ලේ,අන්දුගොඩ.මම ඉන්නේ සෞදියේ මගේ සහෝදරියගේ මහත්මයාගේ අංකයට දන්වන්නේනම් ලොකුම උපකාරයකි.0776432408 ඔහුගේ දුරකතන අංකය,ඔබට ගොඩක් ස්තුතියි.(අ)

:       0       0

ගයාන් Friday, 08 August 2014 03:02 PM

ලලිත්ගේ පණිවිඩය හරියටම හරි. මටත් ඔය දෙයම වෙලා මාස කිහිපයක් ගාල්ලේ සිංහල වෙද නෝනා කෙනෙකුගෙන් තෙල් බෙහෙත් කරලා හොඳ කරගත්තා. අවශ්‍ය නම් තැන කියන්නත් පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site