(ඉන්දිකා රාමනායක)
ඝාතන සිද්ධීන් ඇතුලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප‍්‍රධාන විමර්ශන හයක විමර්ශන වාර්තා වල ප‍්‍රගතිය දැක්වෙන උධෘත වාර්තා , වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අද (22) නීතිපතිවරයා වෙත යොමුකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීර්ත් නොයාර් මහතා පැහැරගෙන යාම, මුතුර් හී සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙක් ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙක් පැහැගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිද්ධීන් හයට අදාල පරීක්ෂණවල උදෘත වාර්තා මෙලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත බාරදී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සියලු උධෘත කරුණු 11 ක් ඔස්සේ වෙන් වෙන් වශයෙන් සකස්කර ඇති බවද හෙතෙම කීය.
පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය, මාධ්‍යවේදී කීර්ත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙක් ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙක් පැහැගෙන ගොස් අතුරුදන් කිරීම සිද්ධීන් පහ සම්බන්ධයෙන් සිදුකරණ විමර්ශන වල ප‍්‍රගතිය ඇතුළත් උධෘත ප‍්‍රමාදයකින් තොරව අවසන්කර එම විමර්ශන උධෘත තමන් වෙත යොමු කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් (15) වැනි දින වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණි.
එම විමර්ශන පහට අමතරව දැනට විමර්ශනය කරන මාධ්‍යවේදී එක්නැගිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුන් කිරීමේ සිද්ධියට අදාල විමර්ශනයේ උධෘතද කරුණු 11 ක් ඔස්සේ එක් එක් සිද්ධියට අදාලව ගොනු සකස්කර වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ගනු ලැබුවේ සිද්ධීන් සිදුව වසර කිහිපයකින් බවත් , ඇතැම් විමර්ශන වල උධෘත මීට පෙර වරින් වර නීතිපතිවරයා වෙත යොමුකර උපදෙස් ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.
වසීම් තාජුඞීන් ඝාතනය, මාධ්‍යවේදී කීර්ත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙක් ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙක් පැහැගෙන ගොස් අතුරුදන් වීමේ සිද්ධීන් වලට අදාලව උධෘත මීට පෙර නීතිපතිවරයා වෙත යොමුකර ලැබුණ උපදෙස් අනුව පරීක්ෂණ සිදුකර කරන බවත්, සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය, ඝාතන සිද්ධියේ උදෘත මෙතෙක් නීතිපතිවරයා වෙත යොමුකර නොමැති බවද හෙතෙම කීය.
මෙම විමර්ශන සියල්ල අවසන් කිරීමට නිෂ්චිත දිනයක් හෝ කාලයක් පැවසිය නොහැකි බවත් කීර්ති නොයාර් මහතා පැහැර ගෙන යාමේ සිද්ධියේ විමර්ශන පමණක් තවත් මාස දෙකක පමණ කාලයකින් අවසන් කර හැකි බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්රධාන අපරාධ සිද්ධීන් 6 ක වාර්තා නීතිපතිවරයා වෙත
Prabha Thursday, 22 August 2019 01:17 PM
සිරිසේන මහත්තයා ඒ සැරේ නයාට ඇඳලා වගේ. අපේක්ෂකකම දෙනකල්ම වටේට දෂ්ඨ කරනවා වගේ..