විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින අරමුදල් හා භාරයන් හයක මුදල් ද දුෂිත පර්පෙචුවෙල් බැඳුම්කර වංචාවට යොදා ගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය චෝදනා කරයි.
එම අරමුදල් වලින් අවම වශයෙන් රුපියල් මිලියන 78 ක පමණ අලාභයක් සිදුවී ඇතැයි හෙළිවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.
මෙම අරමුදල්වලට සිදුවූ පාඩුව අයකර ගැනීමට මේ වනතුරු කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද හෙතෙම කියා සිටියේය.
පර්පෙචුවෙල් සමාගම දුෂිත බැඳුම්කර වංචාවෙන් උපයාගත් රුපියල් මිලියන 8500 ක් අය කර ගැනීමට රාජ්‍ය ආයතන පහක් වෙනුවෙන් නීතිපතිවරයා නඩු පවරා ඇතැයි කී තෙන්නකෝන් මහතා සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල, රක්ෂණ භාරය, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා අරමුදල් හා මහාපොළ උසස් අධ්‍යාපන බාර අරමුදල් මෙසේ නඩු පවරා ඇති ආයතන බව ද කීය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහබැංකු අරමුරදල් සහ භාරයනුත් පර්පෙචුවෙල් වංචාවට යොදා ගෙනැයි චෝදනාවක්
Cash Thursday, 05 July 2018 11:57 PM
හිටපු මුදල් ඇමතිට ගෙදරට අමතරව දුන්නු චෙක් එක මිලියන 5 ක් කියලා දැන් සාක්කි දීලයි තියෙන්නේ. සල්ලි ගත්ත 4 වෙනියාත් එළියට අාවා...