(නිමල කොඩිතුවක්කු)
මහා මාර්ග, අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් කඩිනමින් අවසන් කරන ලෙසට අදාළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ආයතන වලට රජය උපදෙස් ලබාදුන් බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙසේද පැවසීය.
‘‘මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදි කිරීමට ජපානයෙන් යෙන් බිලියන 100ක මුල්‍ය පහසුකම් ලබා ගැනීමටත්, ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඒකාබද්ධව සිදු කරන ආයෝජන මගින් උතුරේ මහා මාර්ග අලූතින් ඉදි කිරීමටත් රජය පියවර ගෙන තිබෙනවා.
මෙයට අමතරව කොළඹ සිට නව කැළණි පාලම දක්වා කුළුණු මත ඉදිවන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන කොටසේ වැඩ අවසන් කිරීමටත්ද උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම හැටන් - නුවරඑළිය මාර්ගය ප‍්‍රතිසංස්කරණ කිරීම, පානදුර මුහුදු බඩ මාර්ගය දීර්ඝ කිරීමේ කටයුතු මෙන්ම දිවයින පුරා ග‍්‍රාමීය ප‍්‍රදේශ ආශ‍්‍රිත මාර්ග වල නව පාලම් 46ක් ඉදිකිරීමටත්, සෙසු ග‍්‍රමීය මාර්ග කඩිනමින් නවීකරණය කිරීම යන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. අදාළ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරිමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
කාර්මික සංවර්ධන ගම්මාන සහ කුඩා කාර්මික ගම්මාන වැඩි දියුණු කිරීමටත්, ව්‍යවසාය ගම්මාන ශක්තිමත් කිරීමටත්, ඇගලූම් පදනම් කරගනිමින් කුඩා කර්මාන්ත හරහා කාන්තාවන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. දිස්ත‍්‍රික් සහ ප‍්‍රදේශීය සම්බන්ධිකරණ කමිටු මඟින් සිදු කරන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමටත් අවශ්‍ය පියවර ගැනිමට රජය උපදෙස් ලබා දි තිබෙනවා.
මෙයට අමතරව පොලොන්නරුව, මොරටුව, දෙනියාය, බේරුවල, මාතර, මහරගම ඇතුළු ප‍්‍රදේශ රැසක රෝහල් පහසුකම් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති වලින් වැඩි ප‍්‍රමාණයක් ලබන වසර තුල ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවද රාජ්‍ය අමාතය නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් පැවසිය
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහා පරිමාණ ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට උපදෙස්
ෆෙරෝස් Friday, 06 July 2018 11:10 AM
කසකාරයෝ එනවා කියන්නේ පෙරහැර ළඟයි කියන එකනේ ඉතින්... අහුවෙන්න නරකයි ඕවට..
banda Friday, 06 July 2018 12:15 PM
ලැජ්ජයි මහත්තයෝ මාතර සහ කටුනාක අධිවේගී මාර්ග 2 එකට සම්බන්ධ කරන්න මහින්ද මහත්තයා අදහස් කරගෙන හිටියේ 2017 අවසන් කරන්න.. අයියෝ වැඩ බැරි ටාසන්ලාට තාම ඒක කරගන්න බැරිවුණා.
Raveendra Friday, 06 July 2018 02:31 PM
හා.හා ..අපි දන්නවා...උන්නැහේ ... බූරුවන් තේරීමේ මහා තරගය අතලඟ නේද? හුරේ..