X Advertisement
IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මාවනැල්ලේ පවුල් 100 ක් ඉවත් කරයි

මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ කඳු දෙකක නායයෑමේ අවදානමක් ඇති නිසා පවුල් සියයක 400 දෙනෙකු  පමණ ඉවත් කළ බව කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් අද (25) ලංකාදීපයට පැවසීය.

හෙම්මාතගම පහන් තිබූ ගල හා මැදැලිය යෝදගම කන්ද නායයෑමේ අවධානමක් ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දුන් නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය හරහා ග්‍රාම නිලධාරීන් මගින් ගම්වාසීන් දැනුම්වත් කළ බව ද එම ප්‍රකාශකයා කීවේය.

හෙම්මාතගම කපුරුක්ක විහාරස්ථානයේ හා මැදිලිය රාජ මහා විහාරස්ථානයේ ඔවුන් තාවකාලිකව තවත්වා ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අවධානම් කලාප හඳුනාගෙන එම ප්‍රදේශවල සිටි 12,056 දෙනෙක් මේ වන විට තාවකාලික කඳවුරු 113ක නවත්වනු ලැබ සිටිති.

අරණායක නෑය යෑමෙන් අතුරුදන් වූවන් සොයා යුද හමුදාව අද (25) දිනයේ ද මෙහෙයුම් සිදු කළහ. මේ දිනවල හමුවූ මෘත දේහ හා ශරීර කොටස් දැඩි ලෙස නරක් වී දුගඳ හමමින් තිබුණු බව යුද හමුදා ප්‍රකාශකයෙක් කීවේය.

අවතැන් කඳවුරුවලට සහන සැලසීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරයි.

තාවකාලික කඳවුරු අවට නිරන්තරයෙන් පරීක්ෂා කර බලන බවත්, මදුරු කීටයන් සිටිනවා දැයි සොයා බලන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයය කියයි.



අදහස් (0)

මාවනැල්ලේ පවුල් 100 ක් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site