(බිඟුන් මේනක ගමගේ)
වාහන ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සිය ව්‍යාපාර වසා දමා සේවකයන් රැකියාවලින් ඉවත්කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු මහතා ලංකාදීපයට අද(22) පැවැසීය.
ගණකාධිකාරිවරුන්, අලෙවි විධායකයන්, රියැදුරන්, සහායකයන්, ආරක්ෂකයන් හා තාක්ෂණ ශිල්පීන් ඇතුළුව සේවා සපයන්නන් විශාල පිරිසකගේ රැකියා මේ වනවිට අවදානමක ඇති බැවින් මේ ගැන කඩිනම් අවධානය යොමුකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ද රොද්‍රිගු මහතා කීය.
විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් වාහන ආනයනය නතර කිරීමට රජය තීරණය කළ ද එය වාහන ආනයනකරුවන්ට මෙන්ම මෙරට ආර්ථිකයටත් නරක ලෙස බලපා ඇතැයි ඒ මහතා කීවේය.
ගමනාගමනය හා ප්‍රවාහනය මෙරට ආර්ථිකයේ වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් යැයි කී හෙතෙම ජනාධිපතිවරයාගේ මහජන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධන දැක්මට අදාළ ධීවර, පශු සම්පත්, සංචාරක, ඉදිකිරීම් මෙන්ම මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා එමගින් විශාල සේවයක් සැලැසෙන්නේ යැයි ද කීය.
මෙම අංශවල අවශ්‍යතා සඳහා දැරිය හැකි මිලකට වෑන්, ට්‍රක්, බස් හා කුඩා වාහන මෙරටට ආනයනය අත්‍යවශ්‍ය කරුණක් බැවින් වාහන ආනයනය මුළුමනින්ම නතර කිරීමෙන් මෙම ක්ෂේත්රයෙහි විසල් හිස්තැනක් නිර්මාණය වී ඇතැයි ද රොද්‍රිගු මහතා සඳහන් කළේය.
දේශීයව වාහන නිපැදවීම හෝ එකලස් කිරීම ඉහත ප්‍රශ්නවලට විසඳුමක් නොවන්නේ යැයි ද මෙම ආර්ථික පිළිවෙත රටේ ආර්ථිකයට කිසිදු වටිනාකමක් එක් නොකරන උපායමාර්ගයක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මතය යැයි ද ඔහු සඳහන් කළේය.
බදු නිදහස් ලබාදෙමින් දේශීය වශයෙන් වාහන නිෂ්පාදන කටයුතු හා එකලස් කිරීම් කාලයක් තිස්සේ සිදුවුව ද එම ව්‍යාපාරිකයන් සිය වැඩපිළිවෙල සකසාගෙන තිබෙන්නේ බදු දැලෙන් රිංගායෑමට යැයි ද මෙම ක්‍රියාපිළිවෙත නිසා අවසානයේදී පාරිභෝගිකයාට සහනයක් නොලැබෙන අතර රජයේ බදු ආදායම ද අහිමිවන්නේ යැයි ද රොද්‍රිගු මහතා සඳහන් කළේය.
මුළුමනින් නිපැයූ වාහන ආනයනය කර ඊට කුඩා එකතුවක් කිරීම දේශීය එකලස් කරන්නන්ගේ කාර්ය වී ඇතැයි ද මේ නිසා ඇතැම්විට ඉහළ තත්ත්වයේ ජපන් වාහනයකටත් වඩා වැඩි රුපියල් සංචිතයක් එම ආනයනයන්ට මෙරටින් පිටට ගලායෑම සිදුවන්නේ යැයි ද ඔහු කීය.
මෙරටින් මුදල් පිටට ගලා යන අවස්ථාවක පවා රජයට ඉහළ ආනයන බදු ආදායමක් ලබාගැනීමට අවස්ථාව ඇත්තේ වාහන ආපනයනකරුවන්ගෙන් යැයි ද ලාබ ශ්‍රමය හා භූගෝලීය පිහිටීම යන සාධක අනුව අප කළයුත්තේ මහාපරිමාණ වාහන නිෂ්පාදකයන්ට මෙරට ආයෝජනයට ආරාධනා කිරීම යැයි ද රොද්‍රිගු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වාහන ආනයනකරුවෝ රැකියා ගැන අනතුරු අඟවති
nishantha rajakaruna Wednesday, 22 July 2020 11:36 AM
රනිල් මැතිතුමාට ඡන්දය ලබාදෙන්න. ජපානයෙන් ඕනෑතරම් වාහන අපනයනය කරන්න ඕනේ නම්.... එහෙම ආර්ථික වටිනාකමක් නොදන්න අනිත් අය පත්කළොත් ඔයාලට වෙන්නේ මහපාරේ පැදුරක් එළාගෙන හිඟාකන්නයි. ඒක හොඳට ඔය ව්‍යාපාරිකයෝ මතක තියාගත්තොත් හොඳයි.
nirodayanaSaturday, 25 July 2020 04:27 PM
වාහන ගෙන්වීමෙන් විනිමය, රටේ ධනය නැතිවෙනවා. මේවා ගන්නේ ජනතාව ණය වෙලා.. ව්‍යාපාරිකයන්ට රට අවශ්‍ය නැත. ඔවුන්ගේ ආදායම මුදල පෙරට... ඔක්කොම එකතුවෙලා වගාවක් කළා නම් රට ගොඩ... එජාප, පොහොට්ටු කොහොම වෙතත් ජනතාව දිනුම්... කුඹුරක් කොටපල්ලා අමතර ආදායමකට, වාහන හෝදපල්ලා එතරම් වාහන ගොඩගැහිලා...
thilak Wednesday, 22 July 2020 02:05 PM
මේ අය පසුගිය කාලේ පරම්පරා ගණනකට සල්ලි හම්බ කරගෙන, දැන් ව්‍යපාර තද වුනාම සේවකයින් බිල්ලට දෙන්නයි කල්පනාව.
කපිල Wednesday, 22 July 2020 02:37 PM
අනේ ඔයාලගේ සේවකයෝ ගැන හිතලා රටේ ආර්ථිකය වට්ටන්න පුලුවන්ද.?
de silva Thursday, 23 July 2020 06:43 AM
අපි මේ හොද්දට දමන්න කහ ටිකක් නැතුව ලතවෙනවා. මේ ගොල්ල වාහන ගෙන්වන්න කතාකරනවා.
de silva Thursday, 23 July 2020 09:25 AM
කහ නැතිව හොදි කන්නම්, සීනි නැතිව තේ බොන්නම්, ගෝඨාභය මහතා කියනවානම් පිදුරු වුනත් අපි කන්නම්.
nirodayanaSaturday, 25 July 2020 04:29 PM
මහබැංකුව සීනි නැතිව කන්න බැරිද?
nirodayanaSaturday, 25 July 2020 04:31 PM
රනිල් මහත්තයා කියනවා නම් ඕන දෙයක් අපි කන්නම්...
Akila Thursday, 23 July 2020 04:29 PM
පොඩ්ඩක් ඉන්න, නව රජයේ මන්ත්රීලාට, ඇමැතිලාට අලුතින් සැප වාහන ගෙන්නන්න ඕනේ වුණාම ඕක ටික කාලෙකට අයින් කරයි.