(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබූ වහාම පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ කතානායකවරයා නීතිපතිවරයාගේ පරීක්ෂණ වාර්තාව ලැබෙන දිනය කවදා දැයි තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවද කීය.
කතානායකවරයා මේසේද කීය.
‘‘වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළ උතුරේ ආරක්ෂක තත්ත්වය ගැන මට ප්‍රකාශයක් කරන්න බෑ. මම විජයකලා මහේෂවරන් මන්ත්‍රීවරිය පිළිබඳව අවශ්‍ය උපදෙස් විමසා තිබෙනවා. නීතිපතිවරයා ඒ ගැන පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ වාර්තාව අද ලැබේද ලබන සතියේ ලැබේවිදැයි කිව නොහැකි‘‘ යැයි ද කතානායකවරයා කිවේය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විජයකලා ගැන ඉදිරි පියවර නීතිපති උපදෙස්වලින් පසු - කතානායක
sanath Friday, 06 July 2018 11:44 PM
රටේ මිනිස්සු කෑ ගැහුවේ නැත්නම්, විජයකලාට උසස් වීමක් අනිවාර්යයි.
Chandima Saturday, 07 July 2018 01:53 AM
සිවාජිලිංගම් ඔයිට සමාන දේවල් නිතර නිතර කියනවා. දවසක මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා දෙයක් තියෙන බව තේරෙන්න පාඩමක් උගන්නන්න වෙනවා.
sarath R Saturday, 07 July 2018 02:02 AM
මැය කියූ ප්‍රකාශය කුමක් වුවත්, ඇය කියා ඇති පරිදි අද යාපනයේ තත්වය, හරිම දුක්ඛදායක බව නම් ඇත්තය. රජයට කියමි" බලන් කඩතුර හැර දෑසේ "
Rasi Saturday, 07 July 2018 07:02 AM
ඔය පතිගෙන් අහලා වැඩක් නැහැ. එයාගේ තීරණ අපි දැක්කා පහුගිය කාලේ...
jayantha Saturday, 07 July 2018 09:15 AM
වැඩක් නැහැ මොකවත් කරන්නේ නැහැ තවත් අමතක වීමක් වෙයි
kalani Saturday, 07 July 2018 12:54 PM
අපි සැමට ඉහළින් නීතිය. විජයකලාත් නීතියට යටත්. අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු.
V.warnakulasuriya Saturday, 07 July 2018 08:51 PM
සිංහල ජාතියේ පක්ෂ, දෙමළ ජාතියේ පක්ෂ, මුස්ලිම් ජාතියේ පක්ෂ, උඩරට දෙමළ ජනතාවගේ පක්ෂ ඉන්දියන් සාගරයේ මුතු ඇටය තුළ පවතී. තවත් පැත්තකින් බෞද්ධ සේනා, හින්දු සේනා, මුස්ලිම් සේනා, වගේම කතෝලික සේනාද පවතී. මේ හැම පක්ෂයක්ම, හැම සේනාවක් තුළම යැපෙන්නෝ අරක් ගෙන සිටිති. අද රටේ ඇති මූලික ප්‍රශ්නයට හේතුවී ඇත්තේ මේ යැපෙන්නන්ගේ බඩගෝස්තරයට ඇති තරගකාරීත්වයයි. ශ්‍රී ලංකාව රටක් නම්, ජීවත් වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් නම්, සියල්ලෝම මිනිස් වර්ගයේ නම් තිබිය යුත්තේ කාටත් පොදු ප්‍රශ්නයක් පමණි. රාජ්‍ය පාලකයන් සහ ජනතාව අද කැපවෙන්නේ ඒ වෙනුවෙන්ද? මේ තත්වය තේරුම් ගත් කිසිවෙක් රටේ සිටින්නේද?
Milinda Sunday, 08 July 2018 10:37 AM
අනේ! බාලගිරි ඔයාට පුළුවන්ද මට උදව් කරන්න?