X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


විජයකලා නායිකාවක් කරමින් යාපනයේ පෝස්ටර් ඇලවේ

වන්නි රොමේෂ් මධුෂංඛ


ස්වයං ලාබ නමැති දේශපාලනය මාතෘකා කොට ගනිමින් දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා නමින් සඳහන්කර විජයකලා මහේස්වරන් හිටපු රාජ්‍ය අමාත්‍ය වරියට සහය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ කියා සිටියේය.


යාපනයේ අලවා තිබූ අදාල පෝස්ටරයේ ‘සවයංලාභ නොමැති දේශපාලනය. යනුවෙන් තද කලු අකුරින් මාතෘකාව ලියා තිබූ අතර පහළින් ලියා තිබුනේ ‘දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී.මහේස්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකලා කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව. යනුවෙන් සඳහන්කර තිබුණි.


දෙමළ කතා කරන ජනතාව අදාල පෝස්ටරයේ සංවිධායකයින් වශයෙන් හඳුන්වා ඇති අතර යාපනය බස් නැවතුම්පල ආසන්නයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම පෝස්ටරය අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ සඳහන් කර සිටියේය.

 



අදහස් (22)

විජයකලා නායිකාවක් කරමින් යාපනයේ පෝස්ටර් ඇලවේ

kalani Saturday, 07 July 2018 01:14 PM

කොහේදෝ රටක එළි බහින්න දුම්රිය පාරට ගිය මිනිසුන් අත්අඩංගුවට පත්වුණාම, නිදහස් සටනට සහාය දුන් වීරයින් ලෙසින් එළියට ආ බවක් මා අසා ඇත.

:       19       237

අජිත් රොහාන් Saturday, 07 July 2018 02:37 PM

විජයකලා මහේෂ්වරන් යනු ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අදූරදර්ශී සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දිගක් ඇති නමුත් පළලක් නැති දේශපාලන ඥානයේ ප්‍රතිඵලයකි. හේතුව නොසොයා තම තමන්ට ඇහෙන, ඔවුනොවුන් කුපිත වන සහ ඔවුනොවුන්ගේ නොහැකියා වසා ගැනීමට හා බොරුවට පිම්බීමට ලක්වූ මාතෘකාවකි. එය සමහරෙකුට මෙහි දැක්වෙන පෝස්ටර් නිර්මාණය කර අතීත ආවර්ජන තුල ජීවත්වීමට ද අවස්ථාවක් වී ඇත. ශ්‍රී ලංකාව මෝහ අන්ධකාරයේ ගිලි ඇත. පාලකයෝ එලෝ විකාරෙන් මෙලෝ අතගාති. පය බරවායට පිටිකර බෙහෙත් ගල්වති.

:       71       233

indika Saturday, 07 July 2018 02:46 PM

ඔය කාන්තාව ගැන ඕනෑවට වඩා ප්‍රසිද්ධියක් නොදී ඉන්නවා නම් තමයි හොඳ. පත්තර කරන සිංහල මහත්වරුන්ට මම මේ කියන්නේ. දැන්වත් අපි සිංහලයෝ විදියට එකතුවෙලා ගමනක් යමු.

:       112       1150

BamunuarachchiSunday, 08 July 2018 12:14 AM

සියලු දෙනා එකතුවෙලා ගමනක් යමු..... කාලෙකින් අහපු විහිලු කතාව. ගමන කොහොම උනත් අපි කවදා එක් වෙයිද? කැලේ මැදින් එනකොට වලහෙක් ආවොත් තමයි එකමුතුකම බලාගන්න පුලුවන්

:       0       3

Lakmal Saturday, 07 July 2018 03:20 PM

ඇයි මේවා මීඩියාවල දාලා මාකට් කරන්නේ?

:       26       248

RNG Sunday, 08 July 2018 03:10 AM

ඇස් ගෙඩි දෙකට හෙන ගහපු මිනිසුන්ට පේන්නෙ නෑනේ.. නැත්නම්..ඒක නිසා මේවා මෙහෙම පළ කරන්න ඕනෑ. අනිත් එක ඉතින් මීඩියා තියෙන්නේ කොහොමත් මේවට ඇරෙන්න වෙන මොකටද..?

:       0       44

Chan wije Saturday, 07 July 2018 04:13 PM

ප්‍රියන්ත මහදිවුල්වැවගේ පුංචි අම්මෙක්ද මන්දා වි'කලා...?

:       0       0

b.d.s. wijewardana Saturday, 07 July 2018 05:18 PM

හරි හරි ...... ඔහොම යං ..... ඔහොම යං

:       0       0

sanath Saturday, 07 July 2018 10:56 PM

මෙයාව නීතිය අනුව හිරේ දාලා, දේශපාලනයෙන් අයින් කරන්න ඕනේ.. ඡන්දෙට කෑදරකමින් රට, ජාතිය පාවා දෙන්නට මේ ආණ්ඩුවට ඉඩදෙන්නේ ඇයි?

:       0       7

Chanak Los angeles Saturday, 07 July 2018 11:06 PM

ඊට අවශ්‍ය දේශපාලන විසඳුම ලබා දුනහොත් මෙවැනි සංදර්ශන ඇතිවෙන්න ඉඩක් නැහැ නේද? ගිය රජයත් ඒකට කල් මරුවා. මේ රජයත් කල්මරනවා.

:       22       1

Chanak Los angeles Saturday, 07 July 2018 11:24 PM

මැයගේ ප්‍රකාශයකට පමණක් මෙපමණ කලබල වෙන්නේ ඇයි? අරන්තලා භික්ෂූන්, නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් අමුඅමුවේ ඝාතනය මෙහෙයවපු 2 වන සන්නද්ධ පුද්ගලයාට නියෝජ්‍ය ඇමැතිකමක් දුන් පාලකයාට හා එම සන්නද්ධ පුද්ගලයාට විරුද්ධව කව්ද ක්‍රියා කලේ? මම නම් දකින්නේ විජයකලාව දඩමීමා කරගෙන දූෂණ හේතුවෙන් පරාජයට පත් පාලකයෝ බලයට එන්න දරන වෑයමක් කියලයි..

:       68       78

Bamunuarachchi Sunday, 08 July 2018 12:06 AM

කතාව බොහොම කෙටියෙන් කියනවා නම් මෙරට හදන්න හාමුදුරුවෝ හිට්ලර් කෙනෙක් ඉල්ලීමෙනුත් විජයකලා එල්ටීටීඊ ඉල්ලීමෙනුත් ගම්‍ය වන්නේ රටට ආදරය කරන ඒකාධිපතියෙකු රටට අවශ්‍ය බවයි.....

:       22       34

jayatissa Sunday, 08 July 2018 12:37 AM

තමන්ට ප්‍රසිද්ධිය ගන්න කරන හොඳම වැඩේ තමයි දෙබරෙට ගල් ගහනවා වගේ පටු ක්‍රියාවල යෙදෙන එක .

:       0       1

ලුම්බිණි Sunday, 08 July 2018 12:57 AM

විජයකලා වීර වරියක් කලේ උතුරේ මිනිසුන් නොව දකුණේ මිනිසුන්ය.

:       14       1

lal Sunday, 08 July 2018 01:00 AM

ඔව්...ඔව්...හරි නොවැ...මට දැන් නේ මතක් උනේ ඒ කාලේ උන්දෑගේ නම 'පරාක්‍රම සොයිසා'...ඔය කොස්ගොඩ ඇල්පිටිය පැත්තේ පදිංචි වේලා හිටියේ....කොහොමද ටිකිරි මොලේ?...

:       0       0

Sampath Sunday, 08 July 2018 02:22 AM

කළනි, ඒ ඉන්දියාවේ මහත්මා ගාන්ධිගේ නිදහස් සටනෙදි...

:       0       1

Sanath Sunday, 08 July 2018 03:07 AM

අපේ සමහර සිංහල දේශපාලකයෝ වගේම සෑම දෙමළ නායකයෙක්ම ප්‍රසිද්ධ වෙන්න බලන්නේ ජාති භේදයෙන් ඒ ජනතාව කුල්මත් කරලා. ලංකාව සාමකාමී රටක් කරන්න නම් ජාතිවාදී දේශපාලන පක්ෂ සියල්ල තහනම් කර ජාතිවාදය අවුස්සන සෑම නායකයෙක්ම සිරගත කරන්න ඕනෑ...

:       0       4

Asanka Sunday, 08 July 2018 03:17 AM

ඇය කතා කළේ දෙමළ භාෂාවෙනි. ඇය කතාව තුළ මා දන්නා හැටියට අන්තර්ගත වුයේ යුද්ධයෙන් පසුව උතුරේ සිදුවු ස්ත්‍රී දූෂණ දෙස බලන විට කොටි සංවිධානය හිටියානම් හොඳයි කියාය. අපිද සමහර විට සුද්දා තවත් මේ රටේ හිටියා නම් හොඳයි කියන්නේ සුද්දාට නැවතත් මේ රට බාර දෙන්නට නොවේ. විද්‍යා දැරිය දූෂණය කර මරාදමා තිබු ආකාරයත්, පසුගිය සතියේ අවුරුදු හයක දැරියක් මරා දමා තිබූ ආකාරයත් දකින විට අපිට වුවද සිතට නැගෙන්නේ කළකිරීමකි. ඒ කළකිරීම විජයකලාට ඇති නොවේයැයි කිවහැකිද?

:       39       0

Dhammika Sunday, 08 July 2018 04:31 AM

පෝස්ටර් ඉතින් තමන්ම වියදම් කරලා ගහගන්න ඒවානේ.......... අපේ දේශපලකයොත් ඕන තරම් තමන්ටම උපහාරය කියලා ගම පුරා දිස්ත්‍රික්කය පුරා රට පුරා ඕන තරම් තමන්ගේ පිරිස් දාල ගහගන්නේ

:       0       7

isurandi Sunday, 08 July 2018 04:41 AM

පංගුබේරුවක් නැතුව රටවෙනුවෙන් හිතලා එකාමෙන් වැඩ කරනවානම් සිංහල අපිත් දේශපාලනයකරන ඔය හැමෝටම කමතිතියිනේ.

:       0       0

kalani Sunday, 08 July 2018 12:31 PM

ජාතිවාදය ඇඟපත පුරා තවරාගෙන කාඩ්බෝඩ් වීරයෝ ඕනෑතරම් ලංකා ඉතිහාසයේ ඉඳලා තිබෙනවා. විජයකලාගේ බහිනකලාව අත ලඟයි.

:       0       1

නුවන් Monday, 09 July 2018 08:09 AM

උතුරේ මිනිස්සු තාමත් එල්.ටී.ටී.ඊ. ඉල්ලනවා නම්, ඒකට මාකට් එක තියනවා නම්... ඒකෙන් කියන්නේ ෆෙඩරල් ඉවර වෙන්නේ රට බෙදලා කියන එකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site