X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රී මරුට

( දිල්රුක්ෂි ග්‍රේරු )

පිටකොටුව  හෙට්ටිවීදියේදී  අද (09) උදෑසන සිදු වු  වෙඩි තැබීමකින්  කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු මිය ගොස් ඇත.

ක්‍රිෂ්ණා හෙවත් ක්‍රිෂ්ණාපිල්ලෙයි  ගිරුබානන්දන් (40) නැමැති මන්ත්‍රීවරයා මෙලෙස ඝාතනය වී තිබේ. 

ඔහු ස්වාධින කණ්ඩායමකින් මෙවර  මැතිවරණයට ඉදිරිපත් වී  කොළඹ මහනගර සභාවට තේරීපත් වු මන්ත්‍රීවරයෙකි.

අද උදෑසන 9 ට පමණ  හෙට්ටිවීදීයේ පිහිටි  මන්ත්‍රීවරයාගේ  වෙළෙඳසල තුළදී මෙම වෙඩිතැබීම සිදු  වී  ඇති අතර  තුවාල ලැබු මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කරයි.

සුදු පැහැති හිස්වැසුමක්  පැළැද යතුරු පැදියකින් පැමිණි  නාඳුනන පුද්ගලයකු  මන්ත්‍රීවරයාගේ වෙළෙදසල ආසන්නේ සුළු වේලාවක් රැදී සිටීමෙන් පසු වෙළෙදසල තුළට  ගොස්   මන්ත්‍රිවරයාට  වෙඩි තබා පළා ගොස්   ඇතැයි මුලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී වෙළෙදසල තුළ එහි සේවකයින් දෙදෙනකුද සිට  ඇති අතර  වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.  

ඝාතනයට ක් වු මන්ත්‍රීවරයා  මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ අයකු යැයි  සැකයක් පවතින බවත්  මෙම වෙඩි තැබීම කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් මත සිදුවක්ද යන්න පිළිබඳ සැකයක් පවතින බවත් පොලීසිය පවසයි. සැකකරු  අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ අරඹා ඇත.



අදහස් (4)

වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රී මරුට

Hafeel Monday, 09 July 2018 07:28 AM

අපේ රටේ දේශපාලනයේ නිරතවෙන්නන්ගේ සුදුසුකම... මෙවැනි අයටත් අද ස්වාධීන කණ්ඩායමකින් හරි තරඟ කරලා තේරී පත්වෙන්න පුළුවන් තත්වයට අද රට පත්වෙලා තියන්නේ. මෙවැනි ඡන්ද දායකයෝ ඉන්නකං, මේ රට හදන්න පුළුවන්ද?

:       2       106

lalithsjm Monday, 09 July 2018 10:48 AM

යහපලානේ දොරේ ගලනවා. එක අතකින් සුදු වෑන් සංස්කෘතියට වඩා මේක හොදයි වගේ.

:       4       43

Ridma Monday, 09 July 2018 11:54 AM

නීතිය පසෙක දමා යහපාලනය දෝරෙගලා යන කලෙක, අපේ රට නිදහස උපරිමයෙන් විඳිමින් දිනකට අඩුම තරමින් දිනකට මිනි මැරීම් 3ක්, අපචාර 3ක්, ළමා අපචාර 2ක් සිදුකරන රටක් වෙලා.... සුදු බැරි නම් කළු වෑන් හරි ගෙනැල්ලා මේ පාතාලය, ස්ත්‍රී දූෂකයන් සහ කුඩු ජාවාරම්කරුවන් මට්ටුකරන්න එපා කියන්නවුන් තවත් සිටීද?

:       0       64

GayanMonday, 09 July 2018 10:58 PM

"තවත් සිටීද" කියලා ඇහුවේ ලක්ෂ 62කට අමතරවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site