X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


වෛද්‍ය සිසුවියගේ ගෙල කපා ඝාතනය කළැයි සෙබළෙක් අත්අඩංගුවට

( රොමේෂ් මධුෂංඛ සහ එන් පරමේෂ්වරන්)
 
යාපනය පන්නෙයි කොටුව අසලදී අද (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කර පළා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.
 
යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා නැමති 29 හැවිරිදි සිසුවියක් මෙසේ ඝාතනයට ලක් වී ඇත.

සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් මත සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත් එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කර තිබේ.

මුහුදු තල්ලුකර පලා යාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලීසියට බාර දුන් බවට ප්‍රදේශවාසීහූ  පොලීසියට පවසා සිටියහ.
 
ඝාතනය වූ වෛද්‍ය සිසුවියගේ හා සැකකරු අතර වූ ප්‍රේම සම්බන්ධතාවය ආරවුලක් දක්වා දුරදිග යාමෙන් සිදුවී ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පළ කර සිටියි. සැකකරු යුද හමුදා සෙබළෙකු බවටත් ඔහු පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බව පොලිසිය පවසයි.
 
සැකකරු අත්අඩංගුවට ගෙන යාපනය පොලීසිය වෙතට රැගෙන විත් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පුළුල් පරික්ෂණයක් අරඹා ඇත.

( ඡායාරූප- රොමේෂ් මධුෂංඛ)

(ඡායාරූප - තුසිත කුමාර )

 



අදහස් (31)

වෛද්‍ය සිසුවියගේ ගෙල කපා ඝාතනය කළැයි සෙබළෙක් අත්අඩංගුවට

Perera Wednesday, 22 January 2020 11:02 AM

කිව්වට තරහ ගන්න එපා. මොන විදියටවත් ගළපන්න බෑ. මේ බව ඔබේ ඉගෙන ගත් දරුවන්ට වේලාසනින්ම කියන්න.

:       3       500

AnanrRWednesday, 22 January 2020 11:22 AM

ඔබ නිවැරදියි. නොගැළපීම් නිසා ප්‍රතික්ෂේප වීම විය හැකියි. ආරවුලට මුල. සිතැඟි වලට පමණක් ඉඩ දී තමාගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීම නොකළ යුතු බව දරුවන්ට පෙන්වා දීම වැඩිහිටියන්ගේ වගකීමයි.

:       0       140

MaheshWednesday, 22 January 2020 12:54 PM

ඒක නම් ඇත්ත.

:       0       82

Silly Point Thursday, 23 January 2020 12:57 AM

අධ්‍යාපනය විතරක් නෙවෙයි පවුල් පසුබිමත් ගැලපුනේ නැත්නම් පස්සේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා.

:       0       4

සනා Wednesday, 22 January 2020 11:06 AM

පාසැල් ප්‍රේමයේ අඳුරු පැතිකඩ..............

:       12       82

ShehanWednesday, 22 January 2020 12:00 PM

මෝඩ කතාවක්. වෛද්‍ය පිඨයේ තුන්වන වසරේ ළමයෙක් කියන්නේ අවම අවරුදු 22ක් වත් වෙන්න ඕන. ඒ වයසේදී ප්‍රේම නොකර ඉන්නවනම් තමයි පොඩ්ඩක් හොයල බලන්න ඕන.

:       162       244

saliya Wednesday, 22 January 2020 11:08 AM

හමුදා සේවයේ අය අපරාධයක් කළද, නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ජන මතයක් පසුගිය කාලයේ ඇති වුනා. දැන්වත් නීතිය සැමට පොදු විය යුතු බව සැමෝම සිතා ගත යුතුය. නැත්නම් මෙවැනි අපරාධ කරුවන්ටද නිදහස ලබා දීමට මතයක් ගොඩ නගාවී.

:       382       874

sudhiraWednesday, 22 January 2020 01:32 PM

ඔබ හරි ඒ මෝඩ ජනමතය ජනගත කළේ ගෝත්‍රික දේශපාලුවන් විසින්. ඕනවට වඩා හමුදාවට " බර" වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි සිවිල් ජනතාවක්. හමුදාව ඒගොල්ලන්ටම අයිති වපසරියක සිටින කොටසක් විතරයි. හමුදාවේ ඕන කෙනෙක් වරදක් කරලා අහුවුනොත් දඬුවම් දිය යුතුයි.

:       6       319

නිමල් Wednesday, 22 January 2020 11:15 AM

ප්‍රදේශවාසී වීරෝධාර ජනයාට උපහාර පිදිය යුතුයි. දකුණේ හා ත්‍රිකුණාමලයේ සිදුවූ මෙවැනි සිදුවීම් බලා සිටි පිරිස කළේ වීඩියෝ කිරීම පමණයි. අකාලයේ මිය ගිය දියණියට නිවන් සුව !

:       0       424

බර්නාඩ් පෙරේරා Wednesday, 22 January 2020 11:32 AM

මෙතරම් උගත් දරුවෝ ඇයි මේ ආකාරයට විනාශ වෙන්නේ ? ඇයි අපිට ඉවසීම කරුණාව නැත්තේ ?

:       2       82

kalpa Wednesday, 22 January 2020 11:34 AM

වචන දෙකක් නෑ දැන් උඩ පැනගෙන නටයි රණවිරුවෝ කියලා..........

:       367       852

AnandaRWednesday, 22 January 2020 12:23 PM

කමෙන්ට්වලට ඩිස්ලයික් දාන අය ගැන යමක් හිතන්න අමාරුයි.

:       161       38

රුවන්Wednesday, 22 January 2020 12:41 PM

තනි සිද්ධියක් අල්ලන් රණවිරුවෝ කියන සමස්ථය ගැන අර්ථ කථන දෙන ඔබේ මානසිකත්වය මට නම් තේරුම්ගන්න පුලුවන්. 3%

:       1021       245

athuraThursday, 23 January 2020 03:45 AM

රුවන් මේ එක සිද්ධියක් පමණයි ඒක ඇත්ත. හැම එකටම 3% අදාල කරගන්න ඔයා වගේ අයගේ මානසිකත්වයත් අපිට හිතාගන්න පුළුවන්.

:       24       40

RuwanWednesday, 22 January 2020 05:09 PM

Ruwan, රණවිරුවෝ වෙන්න පුළුවන්. හැබැයි අහිංසක මිනිසුන්ගේ ජීවිත බිලිගන්න එක ලයිසන් එකක් නොවේ...

:       0       3

රුවන්Thursday, 23 January 2020 05:11 AM

රණවිරුවා කියන වචනෙ තේරුම දන්නෙ නෑ වගේ ගොඩක් අය​. රණවිරුවා කියන්නෙ රට ජාතිය වෙනුවෙන් ජීවිත කැප කරපු සමස්ථය​. තනි පුද් ගලයෙක්ගෙ වැඩක් නිසා රණවිරුවා වචනෙ පාවිච්චි කරල වැරදි අර්ථකතන දෙන අය ගැන රටම දන්නවා.

:       1       43

කපුරුහාමි Wednesday, 22 January 2020 11:44 AM

පේමති ජායතී සෝකෝ.පේමති ජායතී බයන්.

:       5       31

Champa Wednesday, 22 January 2020 12:51 PM

ලංකාවේ දරුවන්, කාන්තාවන් ඝාතනයට ලක් වෙන්නේ තමන්ගේම දෙමව්පියන් සැමියන් පෙම්වතුන් ළඟම ඥාතීන් අතින්. හේතුව අපේ සමාජයේ දරුවන්ට කාන්තාවන්ට ඉතා අඩු තක්සේරුවක් තිබීම. සමාජයේ හැමතැනම දකින්න ලැබෙන්නේ මිනීමැරුම් සහ අතවර නම් මිනිස්සු හිතනවා ඒව සාමාන්‍ය දේවල් කියලා. අනිත් පැත්තෙන් කළ වරදට දඬුවම් ලැබෙන්නෙත් නැහැ. එක්කෝ ඇප ලැබෙනවා, අත් හිටවූ සිර දඬුවම් ලැබෙනවා. හිරේ ගියත් අභියාචනා ඉදිරිපත් කරලා නිදහස් වෙනවා. නැත්නම් දේශපාලකයන්ගේ අනුහසින් නිදහස් වෙනවා. දේශපාලකයෝ කවදාවත් මේ සමාජය හදන්නේ නැහැ. ඒ හින්දා දැන්වත් අධිකරණය සමාජය හදන්න ඉදිරිපත් වෙන්න. මේ දවස්වල දේශපාලකයන්ගේ අලුත්ම ගොදුර බවට පත් වෙලා තියෙන්නේ විනිසුරුවන්. රන්ජන් විනිසුරුවන්ට කටට වචන දිදී ඔවුන් උගුලකට අසුකිරීම විතරක් නෙමෙයි ඒ හඬපට හින්ද විනිසුරුවන්ට දෙන දඬුවමත් දේශපාලන බලපෑම උඩ සිද්ධ වෙන්නක්. අද විනිසුරුවන් අත්අඩංගුවට ගන්න, දඬුවම් දෙන්න කියන්නේ දේශපාලන හෙන්චයියන්, හාමුදුරුවරු, පෝස්ටර්. ඒනිසා අනාගත නඩු වලදී පන්ති, තනතුරු භේදයක් නැතුව වැරදිකාරයන් සියලු දෙනාටම ඉතා දැඩි දඬුවම් දීල අධිකරණය ස්වාධීනයි කියලා ජනතාවට පෙන්වන්න විනිසුරුවන් එකමුතු විය යුතුයි.

:       232       274

gihan Wednesday, 22 January 2020 03:17 PM

මොනවාද මෙයා මේ කියලා තියෙන්නේ....?

:       1       0

ChampaWednesday, 22 January 2020 06:28 PM

අධිකරණය ස්වාධීන වෙනවට අකමැති පිරිසකුත් ඉන්න බව පේනවා. මම නැවතත් අධිකරණයට කියනවා. ව්‍යවස්ථාවෙන් අධිකරණයටත්, විධායකය සහ ව්‍යවස්ථාදායකයට හා සමානම ස්වාධීනත්වයක් සහ උත්තරීතර බවක් දීලා තියෙනවා. අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණය විධායකය සහ ව්‍යවස්ථාදයකයටත් ඉහලින් තියලා තියෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න. ඒ හින්ද මේ තමයි දේශපාලක අත පෙවීම් වලින් අධිකරණය බේරා ගන්න තියෙන හොඳම අවස්ථාව. මම බොහෝවිට අධිකරණ තීන්දු විවේචනය කරලා තියෙනවා. පොඩි මිනිස්සුන්ට හිරබත්. ධනවතුන්ට රෝහල් හෝ විශේෂ කුටි. මෙයින් පසු කිසිම දේශපාලකයෙක්ට ඇහුන්කම් දෙන්න එපා. පේනවනේ බෙදන හැන්ද. ඒ හින්ද ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ බලාපාරොත්තුවෙන් හිටිය අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කරන්න විනිසුරුවන් එකමුතු වෙලා දේශපාලන අත පෙවීම් සහ බලපෑම් වලින් තොර අධිකරණයක් සඳහා මේක අවස්ථාවක් කරගන්න. අනිත් හැම ක්ෂේත්‍රයක්ම දේශපාලන බලපෑම් නිසා දූෂිත වෙලා. අධිකරණය මෙයින් බේරාගන්න පුළුවන් විනිසුරුවන්ට විතරයි. අධිකරණයට වුනු කැළල මකා ගන්න නම් ඒක මතයකට එන්න.

:       1       47

suddaFriday, 24 January 2020 09:31 AM

චම්පා, අධිමානසිකත්වයෙන් පෙලීම ගැනත් මොනවාහරි ලියන්නකෝ... ඔයා අදමයි ඔය නමින් ලියන්නේ. ඒකට හරියන්න ගමටම එපා වෙන්න ණයදෙනවා. යන්න ගෝල්ෆේස්. ගිහින් රටටම ඇහෙන්න කියන්න.

:       0       0

samFriday, 24 January 2020 09:33 AM

ඔබ ශිරාණි බණ්ඩාරනායක හෝ පද්මිණි රණවකද? නැත්නම් චම්පා කවුද? ඔබේ නීති සුසුසුකම් මොනවාද?

:       0       0

Mahesh Wednesday, 22 January 2020 12:53 PM

නිකමට හරි වෙන ජාතියක දරුවෙක් වුනා නම් බලන්න තිබුනා අපේ සමහර මෝඩයෝ කියන කතා. මෙන්න රණවිරුවොන්ගෙන් පළිගන්නවෝ කියමින් රටම ගිනි තියයි. අපේ මිනිස්සු තේරුම් ගන්න ඔන හැම ක්ෂේත්‍රෙය්ම සුලු පිරිසක් ඉන්නවා සහ ඔවුන් විනාශකාරි වැඩ කරනවා කියන එක. ඔවුන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕන කියන මතයේ ඉන්න අය දැනගන්න ඕන මෝඩ දේශපාලුවන්‍ට අහුවෙන්න නැතුව ඉන්න.

:       1       250

සමරේ Wednesday, 22 January 2020 01:27 PM

රණවිරුවා හරි කවුරුහරි කමක් නැහැ ඒ වෙලාවෙම ඉවර කරන්න තිබුනේ. මේ අයටම ගිය රටක්නේ. තවමත් ශිෂ්ඨාචාර ගත නොවුන මිනිසුන් සිටින රටක මිට වඩා යමක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද...?

:       3       217

shanthaWednesday, 22 January 2020 03:16 PM

මමත් ඔබ සමග එකඟයි. එහෙම ට්‍රෙන්ඩ් එකක් දැන් දැන් තියෙනවා..ජරා වැඩ කරපු එකෙක් දෙන්නෙක් ඉවර කලානම් වැඩේ ඉවරයි..මේ රණවිරු උන තියෙන්නේ ලංකාවේ විතරයි.එකත් බෝ කරලා තියෙන්නේ දේශපාලුවන් කිහිප දෙනෙක්.

:       0       2

Raveendra Wednesday, 22 January 2020 02:27 PM

පව් අසරණ දරුවෙක්.මෙයත් අපේ සමාජයේ කඩාවැටීමේ ප්‍රතිඵල නොවේද ?? මෙම පරයා හමුදා සෙබලෙක් කීමටත් ලජ්ජාවිය යුතුය. " ඉවසීම,දරාගැනීමේ ශක්තිය " නැති අය කෙසේ හමුදා සේවයේ යෙදෙන්නේද ??? කෙසේ වෙතත් ඒ අවට ජනතාවට අප මෙවන් අයෙකු අල්ලාදීම පිලිබදව අපේ ආචාර්ය පුදකරන්නෙමු.

:       0       0

Nadeeka Wednesday, 22 January 2020 10:16 PM

මොහු රණවිරුවෙක්, මොහුට එරෙහිව නීතිය ක්‍රියායාත්මකවීම බයියන්ට අනුව ඉතාමත් වැරැදී ක්‍රියාවක්.

:       119       47

nayanSunday, 26 January 2020 02:16 AM

ලකුණු දාගන්න උඩ පනින එකත් වැරදි ක්‍රියාවක්...

:       0       0

Akila Thursday, 23 January 2020 01:52 AM

හමුදාවේ වෙලත් අපරාධයට පිහියක් පාවිච්චි කරලා කියලා දැන ගත්ත ගමන් මන් බැලුවේ දකුණේ එකෙක් ද කියලා

:       2       68

සමීර Thursday, 23 January 2020 04:32 AM

ලංකාවේ මෙවැනි සිදුවීම් සිදුවෙනුයේ හමුදා සෙබළුන් අතින් පමණක්ද යන ගැටලුව ඔබ හමුවේ තබමි. මෙතන ගැටලුව වෛද්‍ය සිසුවියක් ද හමුදා සෙබළෙක්ද යන්න නොවෙ. කුහක අදහස් පළකිරීමෙන් වලකින්න .

:       2       58

sharm warn Thursday, 23 January 2020 06:01 AM

වෛද්‍ය සිසුවියක් වීම බරපතලයි. මොකද වෛද්‍ය පීඨයට යන්නේ උසස්පෙළින් ඉහලම මට්ටමේ සමත් කම් දක්වන අය. මේ තරුණිය තමන් දිනා ගත් ඒ දුලභ අවස්ථාවේ වටිනාකම හැගීම් ඉදිරියේ බාල්දු කළා. එය තමයි අද මාධ්‍ය වලින් තරුණ පරපුරට කරන අපරාධය. මව්පියනුත් වග කියන්න ඕන. මොකද දරුවන් හදනවා කියන්නේ විභාග වලට දුවවන එක ම නෙමෙයි. ජීවිතේ වටිනාකම් ගැන පොඩිකාලේ පටන් ම කියලා දෙන්න ඕනේ. පොළොවේ පය ගහල ඉන්න , ප්‍රශ්න ඉදිරියේ හැගීම් වලින් තීරණ ගන්නේ නැතුව බුද්ධිමත් වෙන්න. සමාජයේ තමන්ගේ ගමන නොසැලී ඉස්සරහට යන්න. අවුරුදු 22ක් ඒ මව්පියෝ කරපු කැපවීම එක මොහොතින් ඉවර වුනා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site