X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


සහරාන්ගේ අන්තවාදී වැඩ 2018දී අධිකරණයට කිව්වා

(***දසුන් රාජපක්ෂ)

කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාස්කු ඉරුදින  ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නමැත්තා සිදුකළ මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳව 2018 වර්ෂයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට තමා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සමයේ බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ බව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතා ඊයේ (2) ප්‍රකාශ කළේය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී ඊයේ (2) රැස්විය.

එහිදී සාක්ෂි ලබාදුන් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මෙසේ සඳහන් කළේය.

2011 වසරේ ආධුනික පොලිස් අධිකාරිවරයකු ලෙස මා පොලිස් සේවයට බැඳුනා.

රජයේ නීතිඥවරිය:- විශේෂ කාර්යය බළකායේ බුද්ධි තොරතුරු අධ්‍යක්ෂ ලෙස ඔබ කටයුතු කළාද?
සාක්ෂිකරු:- ඔව්.

රජයේ නීතිඥවරිය:- එම ඒකකය පිහිටු වූයේ කවදාද?
සාක්ෂිකරු:- 2002 වසරේ අප්‍රේල් 23 වැනි දින මා මූලික බුද්ධි පාඨමාලාවක් හදාරලා මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රිකවල පිහිටි විශේෂ කාර්යය බළකායේ කඳවුරුවල බුද්ධි ඒකක ස්ථාපිත කළා.  

රජයේ නීතිඥවරිය:- ඔබ විශේෂ කාර්යය බළකායේ බුද්ධි අධ්‍යක්ෂ තනතුරින් වෙනත් දිසාවකට මාරුකිරීමක් සිදුවුණාද?
සාක්ෂිකරු:- 2018 දෙසැම්බර් 14 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරුවීමක් සිදුවූවා.

රජයේ නීතිඥවරිය:- ඔබ අධ්‍යක්ෂ ලෙස පත්වී සිටින අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන ඒකකය සහරාන් හෂීම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබුණාද?
සාක්ෂිකරු:- තවත් මුස්ලිම් කණ්ඩායමක් සමඟ 2017 මාර්තු 10 වැනි දින සහරාන්ලා ගැටුමක් ඇති කරගෙන තිබුණා. එහිදී සහරාන්ලාගේ කණ්ඩායමේ අට දෙනෙකු සහ අනික් කණ්ඩායමේ දෙදෙනකු අත්අඩංගුවට පත්වී තිබුණා. එම සිද්ධියෙන් පසු සහරාන් ගැන ත්‍රස්ත විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළා.

එහි අංශ රාශියක් හරහා ඔහු ගැන විමර්ශන කටයුතු පවත්වා  ඔහු සිදුකර තිබූ අන්තවාදී ප්‍රකාශ සහ දේශන ගැන විමර්ශන සිදුකළා. මුහුණුපොත සහ වෙබ් අඩවියක් හරහා එම අන්තවාදී ප්‍රකාශවලට ඔවුන් ප්‍රචාරයක් ලබාගත් බව වාර්තා වුණා. අපේ පර්යේෂණ හා විශ්ලේෂණ අංශය යොදා ඒ ගැන නිරන්තර සොයාබැලීමක් සිදුකළා.

2018 මැයි 4 වැනිදා කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණයට ගොනු පහළොවක් යටතේ සහරාන් විවිධ මුස්ලිම් පල්ලිවලට ගොස් සිදුකළ  දේශන ගැන කරුණු වාර්තා කිරීමක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළා. අපි ගොනු කළ නඩු අංකය බී 92358/08/18 ලෙස තිබුණා.

රජයේ නීතිඥවරිය:- එම බී වාර්තාවේ ඇතුළත් කරුණු මොනවාද?
සාක්ෂිකරු:- මීරා පල්ලිය පාර කාත්තන්කුඩිහි පදිංචි ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තාගේ මූලධර්මවාදී හා අන්තවාදී කතා සහ ඔහු මූලික වී ප්‍රචණ්ඩව හැසිරීම ගැන කරුණු සඳහන් වුණා. 2017පෙබරවාරි 17 වැනි දින කාත්තන්කුඩියේ හිස්බුල්ලා ශාලාවේදී සහරාන් මුස්ලිම් ආගම කඩුවක් වැනිය, ලංකා කොඩිය එසවීම මුස්ලිම්  ආගමට සිදුකරන තර්ජනයක් ලෙස මුහුණු පොත හා එන්.ටී.ජේ. ඩොට්කොම් යන වෙබ් අඩවිය හරහා තවුහිද් ජමාද් සංවිධානය මඟින් නිකුත් කර තිබූ වීඩියෝ පට අධිකරණයට ඉදිරිපත් කළා.

තවද මුහුණු පොත හරහා 2018 මාර්තු 16 දින ඉස්ලාම් දේශයේ  අව්‍යතාවය-ඉස්ලාම් අපි යටතේ ජිහාඩිය ඇයි නීතියක් වන්නේ යන වීඩියෝව සහ මුස්ලිම් පල්ලිවල පිරිත් කියන්නේ ඇයි  ලෙස ජාතික සංහිඳියාවට තර්ජනක් වන ලෙස සහරාන් කර තිබූ දේශන ගැනද අධිකරණයට වාර්තා කළා.

රජයේ නීතිඥවරිය:- සහරාන්ට අදාළව එතෙක් සිදුකළ නීති කෘත්‍යයන් ගැන ඔබට අවබෝධයක් තිබුණාද?
සාක්ෂිකරු:- අදාළ අංශයන්වල ස්ථානාධිපතිවරුන් කැඳවා මා විස්තර ලබාගත්තා. සහරාන්ලාගේ ක්‍රියාවලට අමතරව අයි.එස්. සංවිධානය ගැනද මා දැනුවත් වුණා. සති තුනකට සැරයක් පොලිස්පතිවරයා සහරාන්ලාගේ ක්‍රියාකාරකම් ගැන සිදුකළ විමර්ශනවල ප්‍රතිගතිය අපෙන් විමසනවා.

රජයේ නීතිඥවරිය:- 2017 මාර්තු 10 වැනි දින සහරාන්ලා සහ තවත් කණ්ඩායමක් අතර ඇති වූ ගැටුම ගැන සහරාන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණාද?
සාක්ෂිකරු:- ඔව්. ඒ වන විට ඔහු අතුරුදන් වී සිටියා.  

රජයේ නීතිඥවරිය:- විශේෂ කාර්ය බළකායේ සිටියදී ඔබ ඒ ගැන දැනුම්වත් වී සිටියාද?
සාක්ෂිකරු:- නෑ. මා ත්‍රස්ත විමර්ශන  කොට්ඨාසයේ සිටින විටයි සහරාන්ලා ගැන දැනුම්වත් වුණේ.  සහරාන් අධිකරණය මඟහරිමින් සිටින බව මා දැනගත්තා.  

ඒ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් අත්අඩංගුවට ගැනීමට සොයමින් හිටියා. කුරුණෑගල කැකුණගොල්ල පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසත් අපේ නිලධාරීන් පරීක්ෂා කර තිබුණද ඔහු එහි සිට නැහැ.
සහරාන්ලාගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් මුස්ලිම් සංවිධානයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

රජයේ නීතිඥවරිය:- ඒ කරුණු දැක්වීම කවදාද කර තිබුණේ?
සාක්ෂිකරු:- 2017 මාර්තු 27 වැනි දින.

රජයේ නීතිඥවරිය:- ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන්ලා ගැන විමර්ශනයක් ආරම්භ  කළේ එම ලිඛිත පැමිණිල්ල ලැබීමෙන් අනතුරුවද?
සාක්ෂිකරු:- ඔව්.

රජයේ නීතිඥවරිය:- සහරාන්ව අත්අඩංගුවට ගැනීමට කළ උත්සාහය ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න.
සාක්ෂිකරු:- සහරාන්ලාගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස එවකට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා දැනුම්දීමක් කළා. සහරාන් කර තිබූ අන්තවාදී ප්‍රකාශ හා දේශන ඇතුළත් ෆේස්බුක් පිටුව සහ එන්.ටී.ජේ. වෙබ් අඩවිය ගැන අන්තර්ජාලය හරහා පරීක්ෂා කර බැලීමට පර්යේෂණ හා විමර්ශන අංශයට බාරදුන්නා. ඔවුන්  ඒවා අධ්‍යයනය කර වාර්තා කර තිබුණා. එහිදී සහරාන් ජාතික  තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා බවත් ඔහුගේ සහෝදරයා වූ සෙයිනි නමැත්තා එහි ලේකම් ලෙස කටයුතු කරන බව අපි අනාවරණය කරගත්තා. ඒ පිළිබඳ කාත්තන්කුඩියේ ස්ථාපිත ආරක්ෂක අංශ වෙත දැනුම්දීමක්ද සිදුකළා.

රජයේ නීතිඥවරිය:- ඔබට රිල්වාන් නමැත්තෙක් ගැන වාර්තා වී තිබුණාද?
සාක්ෂිකරු:- එවකට වාර්තා වී තිබුණේ නැහැ. සහරාන් අධිකරණය මඟහැරීම සහ ඔවුන් කළ මුස්ලිම් අන්තවාදී ක්‍රියා ගැන අපි නීතිපති දෙපාර්තමේන්තුවේ නීති උපදෙස් ලබාගත්තා. සහරාන්ලාට විරුද්ධව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ දමා තිබූ නඩුවකට අදාළවයි ඒ නීතිපති උපදෙස් ලබාගැනීම සිදුකර තිබුණේ.

දණ්ඩ නීති සංග්‍රහය සහ 2007 අංක 27 දරණ පරිගණක අපරාධ පනත යටතේ ජාතික තවුහිද් ජමාද් සංවිධානය පවත්වාගෙන ගිය වෙබ් අඩවිය හා නිල ෆේස්බුක් පිටු තහනම් කළ හැකිදැයි කියා සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි දැයි කියා නීතිපති  දෙපාර්තමේන්තුවෙන් විධිමත් විමසීමක් කළා. ඉන්පසු  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කාත්තන්කුඩියට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.

රජයේ නීතිඥවරිය:- සොයාගත් තොරතුරුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණාද?
සාක්ෂිකරු:- තොරතුරු සොයාබැලුවද අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැහැ. සහරාන් භාවිත කළ දුරකථන අංකය ගැන ඩයලොග්  ආයතනයෙන් තොරතුරු විශ්ලේෂණ  වාර්තාවක් කැඳවූවා. ඒ වාර්තාවලට අනුව එවකට සහරාන් භාවිත කරමින් තිබූ දුරකථන අංකය අක්‍රිය කර ඇති බව අපට දැනගැනීමට ලැබුණා.

කාත්තන්කුඩියේදී සහරාන්ලා ඇති කරගත් ගැටුමට ජාතික තවුහිද් ජමාද් සංවිධානය සම්බන්ධ නැති බව එහි නිල වෙබ් අඩවියේ සහ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණා. ජාතික තවුහිද් ජමාද්  සංවිධානයෙන් සහරාන් ඉවත් කර ඇති බව එම වෙබ් අඩවියේ දැන්වීමක් පවා දමා තිබුණා. 2017දෙසැම්බර් 9 වැනි දින සිට මොහොමඩ්  යුසුෆ් මොහොමඩ් තවුෆික් යන පුද්ගලයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා ලෙස ඒ වනවිට  ඔවුන් පත්කරගෙන සිටි බව අපි අනාවරණය කරගත්තා.

ඉන්පසු 2018 මාර්තු 23 වැනි දින අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සහරාන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවූවා. 2018 මාර්තු 28 වැනි දින සහරාන් එන් 2017422 යන ගුවන් බලපත්‍රය භාවිතා කර හොංකොංවල බැංකොක් බලා පිටත්ව ගොස් 2019 අප්‍රේල් 8 වැනි දින ලංකාවට නැවත පැමිණ ඇති බව ආගමන විගමන වාර්තාවෙන් අපට එළිදරව් වුණා.

රජයේ නීතිඥවරිය:- කාත්තන්කුඩියේදී තවත් පිරිසක් සමඟ ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසු සහරාන් මෙරට ගුවන් තොටුපළක් හෝ වරායක් හරහා විදේශගත වී ඇති බව වාර්තා වුණාද එහිදී?
සාක්ෂිකරු:- එලෙස වාර්තා වුණේ නැහැ. එම ගැටුමින් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට සෙවූ අවස්ථාවේ රටින් පිටවීමට නොහැකි ලෙස සහරාන්ගේ නම ආසාධුගත ලේඛනවලට ඇතුළත් කළ වාරණයක් අපි ලබාගෙන තිබුණා. ඒ වනවිට අපි මේ ගැන රාජ්‍ය බුද්ධි සේවයට වාර්තා කළා.

රජයේ නීතිඥවරිය:- ඊට පසු මොකද වුණේ?
සාක්ෂිකරු:- සහරාන් ඉන්න තැන සෙවීමට ඔහුගේ මව වන අබ්දුල් කාදර් සිත්ති සමීනා නමැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගත්තා. එහිදී කිසිදු  වැදගත් තොරතුරක් වාර්තා වුණේ නැහැ. ඉන්පසු අවස්ථාවකදී  සහරාන් කාත්තන්කුඩියේ කුලී නිවෙසක රැඳී සිටින බවට  අපට තොරතුරක්  ලැබුණා. ඒ පිළිබඳව එම ප්‍රදේශය බාරව සිටි ග්‍රාමසේවකගෙන් විමසීමක් කළඳ සහරාන් එම ප්‍රදේශයේ නොසිටින බව ග්‍රාමසේවක අපිට දැනුම්දීමක් කර තිබුණා. ඔහු සිටිනා තැන සොයාගැනීමට අපේ කණ්ඩායම් කටයුතු කළද ප්‍රගතියක් වාර්තා වුණේ නැහැ.

රජයේ නීතිඥවරිය:- එලෙස කටයුතු සිදුවෙමින් පවතින විට ජාතික බුද්ධි සේවා ප්‍රධානියාගෙන් ඔබට ලිපියක් ලැබුණාද?
සාක්ෂිකරු:- අතිශය රහසිගත ලිපියක් මට ලබාදීමක් කර තිබුණා. එහි ‘අයිස් ඔන්ලි’ (Eyes only) ලෙස සඳහන් වී තිබුණා. එම ලිපිය විවෘත කර බලන විට පොලිස්පතිවරයා හරහා ලැබී තිබුණු බවද මට මෙන් තවත් බුද්ධි ඒකක තුනකට එය යවා තිබෙන බවද මා දැනගත්තා. එහි එෆ්.එන්.ඒ. (ෆෝ නොසසරි ඇක්සන්) ලෙස සඳහන් වී තිබුණා.

රජයේ නීතිඥවරිය:- එෆ්.එන්.ඒ. ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?
සාක්ෂිකරු:- ඉන් අදහස් වන්නේ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා යනුවෙනි. මෙවැනි ලිපියක් ලැබුණු විට මා තීරණය කළා කළ යුත්තේ කුමක්දැයි කියා. ගත යුතු ක්‍රියාමාර්ග ගැන මෙම ලිපිය මගින් පොලිස්පතිවරයා මා වෙත දැනුම් දී නැතත් මට මේ තොරතුරු අතිශය වැදගත් බව සිතුණු නිසා මා කඩිනමින් කටයුතු කළා.

රජයේ නීතිඥවරිය:- එම ලිපිය වැදගත් යැයි හැඟුනේ කුමන කාරණයක් නිසාද?
සාක්ෂිකරු:- බුද්ධි අංශවල ලිපි වර්ගීකරණයේදී ටොප් සීක්‍රට් කියන වර්ගීකරණය යටතේ රාජ්‍ය බුද්ධි සේවාව වෙත ඉන්දියාවේ ක්‍රියාත්මක බුද්ධි සේවයක් මඟින් එම තොරතුරු ලැබී ඇති බව නිසයි මා එලෙස තේරුම් ගත්තේ.

රජයේ නීතිඥවරිය:- මෙවැනි ලිපියක් පාර්ශ්ව හතරකට යොමු කිරීම නිවැරදි ක්‍රමය නෙවෙයි නේද?
සාක්ෂිකරු:- මගේ  පිළිගැනීම අනුව එය නිවැරදි ක්‍රමය නෙවෙයි.

මේ ලිපිය මට ලැබුණු කාලයේ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වූ අයි.එස්. ත්‍රස්තයන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණු බව පිළිබඳ මට අවබෝධයක් තිබුණා. සහරාන්ලාගේ අන්තවාදී ක්‍රියාද මට වාර්තා වී තිබූ නිසා ලංකාවේ දේවස්ථාන ආශ්‍රිත පිපිරීමක් සිදුවිය හැකි බව ඉන්දියාවේ එම බුද්ධි තොරතුරු හරහා ලැබී තිබුණු නිසා මා සැලකිලිමත්  වුණා. එම බුද්ධි තොරතුරේ කුමන පල්ලියටද ප්‍රහාරයක් එල්ලවිය හැක්කේ යැයි  සඳහන් නොවුණ ද බරපතළ ආකාරයේ මරාගෙන මැරෙන  ප්‍රහාරයක් එල්ල කරන පුද්ගලයන් හය දෙනෙකු ගැන සඳහන් වී තිබුණා.

රජයේ නීතිඥවරිය:- මේ තොරතුරු දැනගත් පසු ඔබ මොකද කළේ?
සාක්ෂිකරු:- මම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා  සහ සහකාර පොලිස් අධිකාරිවරයකු වහාම කැඳවා මෙම ලියුම පෙන්වා අපේ රටේ ප්‍රගතියක් සිදුවිය හැකි බව දන්වා සිටියා. ලිපිය  ටොප් සීක්‍රට් නිසා කිසිදු අයුරකින් එහි පිටපත් ලබා නොගන්නා ලෙස  ඔවුන්ට දැනුම් දුන්නා.

මේ අතර මෙම ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (2) පෙරවරුවේ සාක්ෂි ලබාදුන් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.එම්. ගපූර් මහතා සහරාන් විසින් මුස්ලිම් ආගම හා කුරානය ඔහුගේ දේශන හරහා විකෘති කරනු ලැබ ඇතැයිද සඳහන් කළේය.

එමෙන්ම 2012 වර්ෂයේ එක්තරා දිනක නුවරඑළියේදී විදේශීය කණ්ඩායමක් බුදුදහම විකෘති කළ  පත්‍රිකා බෙදීමේ සිද්ධියක් ගැන ජනාධිපති කොමිසම දැනුම්වත් කළ ගපූර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම් දී එම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද සාක්ෂි ලබා දෙමින් දන්වා සිටියේය.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ සරත් උදයසිරි  මහතාද මෙම ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (2) පස්වරුවේ සාක්ෂි ලබා දුන්නේය.

මෙම ජනාධිපති කොමිසම අද (3) යළි රැස්වීමට නියමිතය.



අදහස් (1)

සහරාන්ගේ අන්තවාදී වැඩ 2018දී අධිකරණයට කිව්වා

Nuwan Friday, 03 July 2020 01:28 PM

ඊළඟ බෝම්බේ සහරාන්ගේ ගෝලයින් තිබ්බත් දැන් ඉන්න ආණ්ඩුව කරන්නෙත් ඔය වගේ දේවල් තමයි. ඡන්දෙ කාලෙට එන සැණකෙළි මේවා...

:       26       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site