(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය නායකයින්, අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන සහ ලෝක ප්‍රසිද්ධ සමාගම් සහභාගී වන සිංගප්පූරුවේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගෙන තිබේ.
තිරසර නාගරික සතිය නමින් හැඳින්වෙන මෙම සමුළුව සඳහා රටවල් 125කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයෝ 21,000ක් පමණ සහභාගී වීමට නියමිතය.
තිරසාර නාගරික සංවර්ධනය සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.
ලබන සදුදා (9) ආරම්භ වන මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංගප්පුරු සමුළුවක ප්‍රධාන දේශනයට අගමැති තෝරාගනී
sirimal Wednesday, 04 July 2018 09:00 AM
ඔය ගමන්ම අර පරණ යාලුවත් ආපහු එක්කරගෙන එන්න ඇහැක් වෙයිද?
Nimal Wednesday, 04 July 2018 09:01 AM
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ !
සේනක Wednesday, 04 July 2018 09:43 AM
රටේ ජනතාවගේ හිත දිනා ගන්න බැරි අගමැති,ජාත්‍යන්තරයේ හිත දිනාගන්න දේශන පවත්වන්න යනවා.රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න පැත්තක තියලා ජාත්‍යන්තරයට ගිහිල්ලා දේශනා තිබ්බා කියලා රටේ ප්‍රශ්න විසදෙනවද? ඔය බයිලා නවත්තලා ජනතාවට වැඩක් කරලා පෙන්නන්න .
චන්දා Wednesday, 04 July 2018 09:43 AM
ගිහින් එහෙ නතර වෙන්න මේන් වැන්දා.. ආයුබෝවන්ඩ !
Ranga Wednesday, 04 July 2018 09:56 AM
අනිත් රටවල එවුන් එනවා ඇත්තේ කොට්ට පැදුරු උස්සගෙන ද දන්නේ නැහැ..
Ashan Wednesday, 04 July 2018 09:58 AM
මෙතුමාගේ වටිනාකම ලංකාවෙ බොහෝ දෙනෙකුට තේරෙන්නෙ නෑ. ඒකට ප්‍රධාන හේතුව මෙතුමාගේ ආර්ථික දැක්ම, සහ දැනුම් තේරුම් ගන්ඩ තරම් අපේ මිනිස්සු උගත් නැතිකම. මෙතුමාට මඩ ගහන්ඩත් ගෙඩිපිටින් කෝටි ගණන් හොරකම් කරපු පරණ අයට ආවඩන්නත් හේතුව ඒකයි.
CiscoWednesday, 04 July 2018 11:05 AM
මෙතුමාට අවස්ථා දෙකක් ලැබුනා රට හදල වැඩ පෙන්වන්න. අවස්ථා දෙකම ෆේල්. ඉතින් කොහොමද රටට තේරෙන්නේ.
RaveendraWednesday, 04 July 2018 11:51 AM
කරුණාකර අපගේ මවුබස විනාශ නොකරන්න. ඔබගේ දැනගැනීම උදෙසා මෙසේ ලිවීමට කැමැත්තෙමු. පුරවැසියකු ඔහු හෝ ඇය ඉතාමත්ම අවංකව, නිර්භීතව, නිහතමානිව තම මවුබිමේ දියුණුව වෙනුවෙන් හා සියලුම පුරවැසියන් වෙනුවෙන්ද සේවය කරන්නේ නම් එවන් වැදගත් උදවියට පමණක් එතුමා, මෙතුමා, එතුමිය හෝ මෙතුමිය යන වැදගත් වචන පාවිච්චියට ගන්නේය.
සේනක Wednesday, 04 July 2018 11:23 AM
අනේ මොනවට කියනවද මෙයාගේ වටිනාකම........... මේ අගමැතිට ආර්ථික දැක්මක් තිබුණානම් මේච්චර රට ආපස්සට යන්නේ නැහැ .අද දවසින් දවස රුපියලේ අගය බාල්දු වෙනවා.රටේ ජනතාවගේ ප්‍රශ්න අහස උසට නැගලා. ඔය තරම් උගත් නොවුණට අපේ රට ගැන ,ජනතාව ගැන හිතලා රටට වැඩක් කරපු නායකයො හිටියා. රටේ නායකයින්ට උගත්කමයි, ආර්ථික දැක්මයි තිබුණට වැඩක් නැහැ ඒවා කලමනාකරණය කරගෙන රටේ යාහාපතට යොදා ගත්තේ නැත්නම්.වැඩක් කරගන්න බැරිනම් ,රටේ අනාගතය ගැන දැක්මක් නැත්නම් ,ඒවා තිබුණා කියලා ජනතාවගේ ප්‍රශ්න විසදෙනවද?.ඊට වඩා හොදයි රට කරන්න පුලුවන් මිනිහෙකුට දීලා ගෙදර ගියානම්.
Sara Wednesday, 04 July 2018 09:59 AM
බැංකු හොර කම් කරන හැටි ද කියන්නද එන්නේ.................
San Wednesday, 04 July 2018 10:03 AM
බැංකු හොර කම් කරන හැටි ද මෙයා කියන්නේ
Senarath Wednesday, 04 July 2018 10:06 AM
දේශනය පවත්වන්නේ , මහා බැංකු කොල්ලකන හැටි සහ රටේ සම්පත් තුට්ටු 2 ට පිටරවලට විකුණන හැටි සහ රටේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවන හැටි නම් මේ මහත්තය අපුරුවට උපදෙස් දෙවි. එහෙම නැතුව රාජ්‍ය සේවය ශක්තිමත් කරලා, කෘෂිකර්මාන්තය නගා සිටුවල, රටක් සංවර්ධනය කරන හැටි නම් මේ දේශකය තෝරා ගැනීම විහිළුවක් වේවි.
නලින් Wednesday, 04 July 2018 10:11 AM
බැංකු සම්බන්ධ සමුලුවක්ද?
suren Wednesday, 04 July 2018 10:30 AM
දේශනා දෙන්න නම් නියමයි. නමුත් වැඩ තමයි නැත්තේ.
Rahimal Wednesday, 04 July 2018 10:56 AM
ඉදිරියට ගමන් කල රටක් ආපස්සට යවන ආකාරය ගැන දේශනයක් දෙන්න වෙන්නැති එන්න කියල තියෙන්නෙ.
sanjeewa Wednesday, 04 July 2018 11:34 AM
නියමයි බැංකු හොරත් එයිද නැත්නම් හම්බුවෙයිද?
පිටිගල මිලානෝ Wednesday, 04 July 2018 12:49 PM
වියත් මගේ ඕන තරම් දේශකයෝ ඉන්නේ, ඒ අයව ගෙන්නන්න තිබුනනේ?