X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)    

                          
හෙරොයින් ග්‍රෑම්  හතක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද  (05) නියම කළේය.


මීට වසර පහකට පෙර කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 7.21 ක් ළඟ තබාගත් බවට වු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ කොළඹ 14 ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහුමාන් මොහොමඩ් ෆයිසර් නමැති 46 හැවිරිදි පුද්ගලයකුටය.


විත්තිකරු ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ ආපන ශාලාවක් හා නවාතැන්පොළක් පවත්වාගෙන යන අතරතුර මෙම හෙරොයින් ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි නඩු විභාගයේ දී අනාවරණය විය.


2013 මාර්තු මස 22 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2.18 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.


විත්තිකරුට එරෙහි හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ අතර හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ ඔහුට ඒ සඳහා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
 



අදහස් (1)

හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවම්

Mahee Thursday, 05 July 2018 08:55 AM

හෙරොයින් ළඟ තබා ගන්න මෙයාට ලබාදුන්න මහා මොළය හොයා ගන්න බැරි වෙන්න ඇති නේද? හොයා ගන්න දෙයක් නැහැ විමර්ශනයේදී මෙයාගෙන් ප්‍රශ්න අහපු කට්ටිය හොඳටම දන්නවා ඇති. ඒවා ඉතින් රාජ්‍ය රහස් නේ.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site