X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘අර්ජුන් ඇලෝසියස්ගේ හඬපටත් මා ගාව තියෙනවා. හැකිනම් කොමිසමක් දාන්න’

බැඳුම්කර වංචාවේ අර්ජුන ඇලෝසියස් තමන්ට කතා කරපු අවස්ථාවල හඬපට තමන් සතුව ඇති බවත්, ඔහු තමන්ට සල්ලි දෙන්න උත්සාහ කිරීමේ හඬපට තමන් සතුව ඇති බවත් පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හැකිනම් තමන්ගේ හඬපට විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කර ලෙස කියා සිටී.

“ඒ කොමිසම පත් කරද්දී මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට. ඇවිල්ලා දෙනවා සාක්කි. එතුමාත් කතා කරපු හඬ පට මා ළඟ තියෙනවා. මාව මැරුවත් කමක් නෑ. මම අවශ්‍ය තැන්වල, ලොකර්වල, මේ රටින් පිටත් ඒවා හාඩ් ඩිස්ක් වල දාලා තියෙනවා“ යයිද මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අධිකරණයට බලපෑම් කළේ යයි අත්අංඩගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21 වැනිදා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

''එෆ්.සී.අයි.ඩී. එකේ රවී විජේලංකාර අහනවා දුර්වල නඩුවක් දුන්නාම මට කීයක් දෙනවාද කියලා. මඟදී නඩුව හැලෙන්න මම දෙන්නම් වැඩේ මට කෝටි කියක් දෙනවාද?

සාක්කිකාරිය සල්ලි ගත්තා.  එෆ්.සී.අයි.ඩි.ය මට බලපෑම් කරනවා කියලා.නඩුව අහක ගියා. පහුගිය ටිකේම අල්ලස් හෝ දුෂණ කොමිසන් සභාවේ සේරම නඩු වලට වුණේ මෙහෙමයි.

නීතිපති එකේ දාපු නඩු වුණේ මෙහෙමයි. හොරු අල්ලන එකයි හොරායි සෙට් වෙලා දෙන්නා එකතු වෙලා ඩීල් එක දාලා බලන් ඉන්නවා. මේ නිසා තමයි මම මේවා පටිගත කළේ. විනිසුරුවරුන්ගේ කතා, හොරාගේ කතා පැමිණිලිකරුගේ කතා විත්තිකරුගේ කතා සේරම පටිගත කළේ.

මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා කියලා. 2015 ජනවාරි 8 වැනිදා රෑ 12.00 ට ගුවන්තොටුපළවල් වහලා හොරු අල්ලනවා කියලා ආවා. ආව ආණ්ඩුව මොකද කළේ ? එදා රෑ චොපර් දෙකක් දුන්නා හොරුන්ට පැනලා යන්න. ඊට පස්සේ බැඳුම්කර වංචාව වුණා.

ඇලෝසියස් මට කතා කරපු ෆෝන් රෙකෝඩ් තියෙනවා. ඒ කෝල් එකේ මට සල්ලි දෙන්න හදපු කෝල් එකත් මා ගාව තියෙනවා. එකයි මම බය නැතිව ඉන්නේ.

එයාට කියන්න බෑ මට කතා කළේ නෑ කියලා. මුලාසුනයේ සිටින  මන්ත්‍රීතුමනි, --- නාලිකාව,--- නාලිකාව, --- නාලිකාව මොන නාලිකාව ආවත් මම  මගේ පෞද්ගලික කැමරාකරුවෙක් තියන් ඉන්නවා. මොකද මගේ කතාව විකෘති කරලා දාන නිසා. මුලු කතාවම පටිගත කරනවා. මොකද --- එකේ යන්නේ --- ඕන දේ. --- යන්නේ --- ඕනෑ ටික. --- එකේ යන්නේ එයාට ඕනෑ කෑල්ල. ඒවා වෙනස් නොකරන්න ඕන නිසා තමයි මම ඉන්න ඒවා වෙනම පටිගත කරන්නේ.

අද එකේ ප්‍රතිඵල මම භුක්ති විදිනවා. මම බය නෑ මොකද මට කතා කරපුවා මා ළඟ තියෙන නිසා.

--- නාලිකාවට බය දේශපාලඥයින් ඉන්නවා. නමුත් මම ඉතිහාසයේ ඉදන් හැමෝම දන්නවා. මම හැමදාම ගත්තේ වින්දිතයාගේ පැත්ත. මම ගත්තේ නෑ පෝසතාගේ බලවතාගේ පැත්ත.

පස් මාෆියාව ආවා. මම පස් ව්‍යාපාරිකයනගේ පැත්ත ගත්තේ නෑ  මම ගත්තේ පස් හින්දා බැට කෑ දිවුලපිටිය ජනතාවගේ පැත්ත. --- ප්‍රශ්නේදී භාරත ලක්ෂ්මන් ප්‍රශ්නේ දී මම ඇයි භාරත පැත්ත ගන්නේ. මම --- නාලිකාවේ පැත්ත ගත්තා නම් ------ වැඩසටහනේ හැමදාම ඉන්නේ මම. ඒ ගොල්ලන්ගේ සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා මම. මම ගත්තේ හඬ නැති නිහඬ මනුස්සයාගේ පැත්ත. ඒ ගැන මම සන්තෝස වෙනවා.

පසුගිය ටිකේ අපේ ගෙදරට ආවා අහිංසක ස්වාමීන් වහන්සේලා දෙන්නෙක්. ඇවිත් මට කතා කරලා කිව්වා ඇමැතිතුමා මේ අහිංසක ස්වාමින් වහන්සේලා දෙන්නා දුෂණය කරලා මේකට පෙනී ඉන්න කියලා. සියයට 76 ක් බුද්ධාගමේ මේකට අත තියන්න එපා කියලා. අනේ පව් මේ ස්වාමින් වහන්සේලා අඬනවා කියලා. දුෂණය වෙලා අපි මේකට පෙනී ඉමු. මේක කරන්න එපා මේක කළොත් කට්ටිය වට කරලා ගහනවා. ආගමට අත තියන්න එපා.

මම ඇව්වා ඒ දෙමාපියන්ගෙන් ඇයි මා ළඟටම ආවේ කියලා...

වෙන අය කතා කරන්නේ බයයි කියලා. මම කිව්වා මම මේකට ඉදිරිපත් වෙනවා කියලා. මේවගේ එක දිගටම සටන් කලේ ඡන්ද බලාගෙන නෙමෙයි. අදත් මම කතා කරන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි.

මම ස්වාධීනව ඉල්ලනවා. තමුන්නාන්සේලාට ඕනෑ නම් ඇප නැතිව ගෙදර යවන්න. කිසිදු ප්‍රශ්නයක් නෑ. ඇත්ත කතා කරලා හිරේ ගියත් කමක් නෑ. බොරු කියලා මිනිස්සු රවට්ටනවාට වඩා.

මම නම්බුකාරව විඳිනවා.

මාගේ දේශපාලනයේ මම බොරු කියන්නේ නෑ. මම කරපු වැඩේ ගැන සාදාචාරත්මක සෙටිෆිකට් මට අවශ්‍ය නෑ.

අද මේ --- සල්ලි හින්දා --- නාලිකා හින්දා මුළු රටම විනාස වෙලා තියෙනවා. මුලාසන මන්ත්‍රීතුමෙනි මම මේ අභියෝගය ආණ්ඩුවට  කරනවා.

මම දැක්කා අගමැතිතුමා කියනවා  මේකට කොමිසමක් පත් කරන්න කියලා. ඩබල් සැලියුට්. පුළුවන්නම් පත් කරන්න.

ඒ කොමිසම පත් කරද්දී මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට. ඇවිල්ලා දෙනවා සාක්කි. එතුමාත් කතා කරපු හඬ පට මා ළඟ තියෙනවා. මාව මැරුවත් කමක් නෑ. මම අවශ්‍ය තැන්වල, ලොකර්වල, මේ රටින් පිටත් ඒවා හාඩ් ඩිස්ක් වල දාලා තියෙනවා.

මේ රජය ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවේ නෑ. හොරු විසින් රජය අල්ලගත්තා. දැන් ඇප පිට ඉන්න කට්ටියගේ හදවත දන්නවා එයාලා හොරු කියලා. සාක්කි දැන් තියෙනවා හඬපට තියෙනවා. වෛද්‍ය වාර්තා තියෙනවා.

කාලෝ ෆොන්සේකා මගේ මාමා. තමන්ගේ වෛද්‍ය පඩිය වැඩි කියලා වෛද්‍ය සභාවට කිව්ව එකම වෛද්‍යවරයා. මම ඒවා කොපි කළා.

පහුගිය ටිකේ පාර්ලිමේන්තුවේ ලක්ෂයක් පඩි වැඩි වුණා. මට තාම ඉන්න හිටින්න ගෙයක් නෑ. මම කිව්වා මට ඉන්න හිටින්න ගෙයක් නෑ. අවුරුදු තුනක් ලක්ෂය දීමනාව නොගත්ත එකම මන්ත්‍රීවරයා.

අනුන්ට හොරා කියනවා නම් හොරු අල්ලන්න යනවා නම් තමන් හොරකන් නොකර ඉන්න ඕනෑ. අද හොරු ගැන කතා කරන අය ලෝක හොරු. මේ ලෝක හොරු කියනවා අනුන් හොරු කියලා.

අමද්‍යප ව්‍යාපාරයේ සභාපති කන පැලෙන්න බීලා අනිත්අයට බොන්න එපා කියලා හරියන්නේ නෑ නේ.

නැවත නැවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජක්ෂ මහතාටයි කියනවා කොමිසමක් දාන්න කියලා. මම ෆයිල් පිටින් එන්නම්.

ගෝඨාභය මහත්තයාගේ හඬ පට නම් මා ළඟ නෑ. මහින්ද මහත්තයාගේ හඬ පට 6 ක් 7 ක් තියෙනවා. කැබිනට් ඇමැතිවරු මට බැන්නේ. කැබිනට් ඇමැතිවරුන්ගේ නෝනලා මට කතා කරපුවා තියෙනවා. මේවා රටට කියන්න.

මගේ මහත්තයාට අගමැති සිහිනයක් තියෙනවා. ඒ මහත්තයා තවත් කැබිනට් ඇමැතිවරයෙක්ගේ නෝනාට කියනවා එයාව බැන්ද කෙනෙක් අගමැති කෙනෙක් වෙනවා කියලා. මාව ඩිවෝස් කරලා ගිහින් එයාව බැන්දා එයා. දන්නවාද කව්ද කියලා. එතකොට මෙයා ඒ කැබිනට් ඇමැතිවරයාගේ නෝනාව බැන්දේ හඳහනේ තියෙන විදිහට අගමැති වෙන්න ඕන හින්දා. මාව අතහැරලා ගියේ. අයියේ මේවා කියන්න පාර්ලිමේන්තුවේ. කියපු වීඩියෝ මගේ ළඟ තියෙනවා. 

හොරු අල්ලද්දී අන්එතිකල් වෙන්න ඕනෑ. හොරු එක්ක ඩිසිප්ලින් නෑ. හොරුන් එක්ක චාරයක් නෑ. හොරුන්ට ඩිසිප්ලින් නැත්නැම් අපි මොකටද ඩිසිප්ලින් වෙලා. හොරුන්ට චාරයක් නැත් නම් අපිට මොකටද චාරයක්.

අපි මොකට ද ජෙන්ට්ල්මන් වෙන්නේ හොරු ඉස්සරහා පිට?  ඒ නිසා මම කියනවා. මහින්ද මහත්තයෝ, ගෝඨාභය මහත්තයෝ, පුළුවන්නම් නිව්යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා මඟ හැරියා. නිව්යෝක් ටයිම්ස් කතෘ මයිකල් තාම බලන් ඉන්නවා නඩු දානකල්. නඩුව වැටෙනකල් බලන්න ඉන්නවා. එයා තමයි කිව්වේ ---- --------ගිණුමට මෙච්චර ආවා. ------- ස්වාමින්වහන්සේ ඩොලර් 38,000 ක් ගත්තා.

ඒවා කිව්වේ මරියා අල් හබීබී නිව්යෝක් ටයිම්ස් පත්තරේ. නඩු දානවා කිව්වා. මම දැන් කියනවා මේකට නඩු දාන්නේ නෑ. නඩු දැම්මොත් උන්ටම කෙළ වෙනවා.

මේ සේරම මම කළේ 2015 හොරු අල්ලනවා කිව්ව ආණ්ඩුවේ යුතුකමක් ඉටු කරන්නයි. මට හොරුන්ගේ චරිත සහතික වැඩක් නෑ චරිත සහතික දෙන්න පුළුවන් අය මෙතන ඉන්නවාද?

කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියන 50 ක් ඉන්නවා. බාර් පර්මිට් තියන 100 ක් ඉන්නවා. එතනොල් ගේන 4 ක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එක්කෙනෙක් ඉන්නවා. උන්ගෙන් ද මම චරිත සහතික ඉල්ලන්නේ.

මම ගිය හැම ආසනයකම හැම දිස්ත්‍රික්කයකම මම දිනුවා. මිනිස්සු ඇත්ත කතා කරන අයගේ බොඩි ලැන්වේජ් එක දකිනවා.

මේක බොරුවක් ද ඇත්තක් ද රඟපෑමක් ද මේක මිනිස්සුන්ට තේරෙනවා. මේ දේශපාලනය මට හරියන්නේ නැත්නම් මම යන්නම් ගෙදර. මට පක්ෂ සාමාජිකත්වය අහිමි කළා ගිය සුමානේ. මගේ ආසනය අහිමි කළා. නමුත් මම කවදාවත් ඒවාට සැලෙන්නේ නෑ. මම නැවත කියනවා මේක නිකමට යන්න අරින්න එපා. අනිවාර්යෙන් මේකට කොමිසමක් දාන්න.

මේකට මම එනවා. නැවත නැවත කියනවා මේ හඬ පට වල තියෙන දේවල් ජනතාව දැනගන්න ඕනෑ. බැඳුම්කර වංචාවේ අර්ජුන ඇලෝසියස් කතා කරපු රෙකෝඩින් තියෙනවා. එයා මට සල්ලි දෙන්න හදපුවා තියෙනවා.

ක්‍රිකට් ක්‍රිඩාවේ මහා වංචා තියෙනවා. ------------ මහතා මැච් ෆික්සින්වලදී සල්ලි ගත්ත ඒවා තියෙනවා.

තව එක දෙයක් කියන්න ඕනෑ ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහැව්වේ කවුද ? ලංකාවෙන් සෝම හාමුදුරුවන්ගේ ගුණානුස්මරණය දවසේ ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහැව්වේ කවුද ?

මට මේ ගැන කිව්වා මිත්‍රයෙක් චීනේදී. බැරි වෙලාවත් ෂාරුක් ඛාන් මැරුණා නම් තාම ලංකාවට ගහනවා ඉන්දියාවෙන්'' යැයිද කීය.

 

 



අදහස් (21)

‘අර්ජුන් ඇලෝසියස්ගේ හඬපටත් මා ගාව තියෙනවා. හැකිනම් කොමිසමක් දාන්න’

rasika Tuesday, 21 January 2020 05:26 PM

අර්ජුන් ඇලෝසියස් එයාට පගාව දෙන්න හැදුවනම් ඇයි මෙච්චර කල් බලන් හිටියේ. ඒ දවස්වලම නඩු දාලා හිරේ දාන්න තිබුනනේ.

:       95       7

athuraWednesday, 22 January 2020 08:35 AM

මෝඩ ප්‍රතිචාරයක්නේ. ඉතින් රන්ජන් මෙහෙම කියන එකේ දැන් මේ ආණ්ඩුවට පුළුවන්නේ ඔය කියන එක කරන්න.

:       1       14

HarakaWednesday, 22 January 2020 12:19 PM

ඕක රන්ජන් බොහෝ කලක ඉදන් කියන්නේ......

:       0       4

Ranjan Tuesday, 21 January 2020 05:43 PM

මෙච්චර කල් තියාගෙන හිටියේ මොකද එතකොට?

:       76       4

සමන්ත Tuesday, 21 January 2020 09:40 PM

කවුරු රන්ජා වැරදි කිව්වත් මම කියන්නේ ඔහු රටට ආදරෙයි. කරපු දේවල් වල ක්‍රමය වැරදුනත් මිනිහා අවංකයි. සත්‍ය ගරුකයි.

:       424       610

daniyelWednesday, 22 January 2020 01:39 PM

රන්ජන් හරි....මේ ඔක්කොම හොරු අල්ලලා දෙන්න ඕනා.

:       0       1

Bamunuarachchi Wednesday, 22 January 2020 01:05 AM

භයකරලා ෂේප් කර ගන්න හදනවා වගෙයි. අපිට කමක් නැහැ සියලුම හඬපට එලියට එවන්න.

:       432       285

Sanka Wednesday, 22 January 2020 02:02 AM

ඔය පරණ හොරු ඔක්කොම අද සිල් අරන් ඉන්න බව මුළු රටම දන්නවා. නියමයි රන්ජන්... පුලුවන්නම් ඔය හොරුන්ගේ සිල් රෙදි ගලවල මහජන මුදල් කෝටි ගනම් හොරකම් රටට හෙළිකරන්න. ඔය හොරට හදපු හඩ පට බව අද මුළු රටම දන්නවා. රටේ මුළු ජනතාවම ඔබ සමගයි.

:       251       459

sl Wednesday, 22 January 2020 02:40 AM

මුලික ඉලක්කය හොරු ඇල්ලීම ම නම් ඕවා කලින් එලි කරන්න තිබුනනේ. දැන් බබා පාර්ට් දානවා. අල්ලපු හොරෙක් කියන්න කෝ බලන්න ?? ඇලෝසියස් කෝල් කරානම් එදාම පොලිසියට ප්‍රසිද්ධියේ කියන්න තිබුනා...

:       325       341

ashana Wednesday, 22 January 2020 05:15 AM

දැම්මත් අල්ලයි ද?

:       1       12

NuwanWednesday, 22 January 2020 06:08 AM

තණකොලද කන්නේ? එදා පොලීසියට කියන්නේ කොහොමද ? එදා පොලිසිය තිබ්බේ කව්රු අතේද ? එදා රට කළේ කවුද? පුදුම මොළයක්.

:       2       24

krishantha Wednesday, 22 January 2020 03:04 AM

ඔයාලගේ ආණ්ඩුවෙන් දැම්මේ කොමිසම් හෙන ගොඩක් . ඔය තොරතුරු දෙන්න තිබ්බනේ අනේ. පාර්ලිමේන්ට් ජෝක්ස් තමා ..

:       239       234

Gamage Wednesday, 22 January 2020 04:08 AM

රන්ජගේ පාර්ලිමේන්තු කතාව බලන්න . හුගක් සිල් රෙදි පොරවගත්තු අයගේ සිල් රෙදි ගැලවිලා ගියා. හිටපු ජනාධිපති වරු , බිරින්දෑවරු , හිටපු ඇමතිවරු, ඇමති දුවාලා, පුළුවන් නම් ඔය හඩ පට ඔක්කොම එලියට දාන්න ඕනේ.

:       0       62

Mahee Wednesday, 22 January 2020 04:43 AM

ඉතාම හොඳයි. රන්ජන් කියන දේ වහල්ලුන්ට වහ කදුරු. නමුත් අපට අවශ්‍ය සත්‍යය දැනගන්නයි. ඡන්දෙදි බලන්න පුළුවන් මිනිස්සු ඉන්නේ වහල්ලුන්ගේ පැත්තේද, සත්‍යය අගය කරන මිනිස්සුන්ගේ පැත්තේද කියලා. මගේ ඡන්දය දිවුලපිටියේ. ඒ ඡන්දය ඔබටයි රන්ජන්!

:       1       90

a.b.Srila Wednesday, 22 January 2020 05:02 AM

රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාගේ හඩපට සදාචාර විරෝදී වෙන්න පුළුවන්. ඔහුට අනුවම.. "මේ සේරම මම කළේ 2015 හොරු අල්ලනවා කිව්ව ආණ්ඩුවේ යුතුකමක් ඉටු කරන්නයි. මට හොරුන්ගේ චරිත සහතික වැඩක් නෑ චරිත සහතික දෙන්න පුළුවන් අය මෙතන ඉන්නවාද?" .. අපි පොදු මහජනයා හිතන්න ඕන මේ ජරා දේශපාලුවෝ ටික එක්ක අපිත් තව දුරටත් රගපාමින් යනවද ?

:       0       43

sharm warn Wednesday, 22 January 2020 08:10 AM

අපිට ඔහුගේ පෞද්ගලික කතා වල හඩ පට වැඩක් නැහැ. අපිට වැදගත් රටට ම බලපාන හොරුන්ගේ කතා ටික. අන්තිමට නීතියෙනුත් කරන්නේ මොකද්ද ? ප්‍රසිද්ධියේ කියවෙද්දී කවුද වැරදි කරන්නේ කියලා නඩුකාරයන්ට දඩුවම් කරනවා. මොකද වැරදි කරපු අයට අත උස්සන්න තරම් ශක්තියක් නැති නිසා. රන්ජන් ගැන දුකයි. ඔහු හෙළි කරන දේවල් වලින් දඩුවම් ලබන්නේ අහක ඉන්න අය නිසා. කමක් නැහැ රන්ජන් මහා ජනතාව ඉන්නේ ඔබ එක්ක. ලන්සා ලොකුවට කිව්වට ජනතාව ඔබව ප්‍රතික්ෂේප කරනවා කියලා එක එයා හිතන් ඉන්න හැටි විතරයි.

:       0       28

Anushka Wednesday, 22 January 2020 08:22 AM

ඔව් රන්ජා හරි. අපේ අය හරියට බොරු කියනවා මතක නෑ කියනවා.

:       0       24

lanka Wednesday, 22 January 2020 09:35 AM

නියම වීරයා පුලුවන්නම් කොමිසම් දාලා බලන්න කියා අබියෝග කරන්නවා කෝ කටකාර මන්ත්‍රීවරු

:       0       8

විපරමා Wednesday, 22 January 2020 12:16 PM

දේශපාලුවන්ට කඩේ නොගියත් රන්ජන් කියන දේවල් වල ඇත්තකුත් තියෙනවා. ඇත්ත තිත්තලු. දූෂිත දේශපාලුවන්ට ඔහුගේ කතා දිරවන්නෙ නැහැ.

:       0       1

Bamunuarachchi Wednesday, 22 January 2020 02:25 PM

"නියම වීරයා පුලුවන්නම් කොමිසම් දාලා බලන්න කියා අබියෝග කරන්නවා කෝ" එතකොට අර වයසක නෝනලා සමග කල කතාත් එලියට ඒවි නේද? මේ හාදය මූණත් එක්ක තරහට නහය කපා ගන්න කෙනෙක්.

:       0       0

Bamunuarachchi Thursday, 23 January 2020 03:31 AM

දැන් රන්ජන් සමාව ගත්තාට වැඩක් තිබෙනවාද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site