X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් විදෙස් ආයෝජන වැඩිකළ හැකියි‘

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත හොත් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදෙස් ආයෝජන ආකර්ෂණය කරගත හැකි යැයි ධුරයෙන් නික්ම යෑමට නියමිතව සිටින මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා පවසා ඇත.

විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවෙමින් ධුරයෙන් නික්ම යෑමට නියමිත ඇමෙරිකා තානාපතිවරයා ඒ බව ප්‍රකාශ කර තිබේ. 

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා  ආර්. සම්බන්ධයෙන් මහතා හමු වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය ඉහත කරුණු සඳහන් කළේය. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරගැනීම මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගත හැකි බවත් වැඩි වැඩියෙන් ආර්ථික ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බවත් තානාපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහාකත්වය යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ක්‍රියාත්මක පවතින බවත් එය ද්විපාර්ශවීය සබඳතාවලට වැදගත් බවත් තානාපතිවරයා මෙම හමුවේදී තවදුරටත් පෙන්වා දී ඇත.

සාමය සහ සංහිඳියාව උදා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ අරමුණු ධනාත්මක ලෙස පැවැතිය යුතු බව මෙම හමුවේදී පවසා ඇති තානාපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ තිබෙන ධනාත්මක ප්‍රතිරූපය උකසට ගත නොගත යුතු බව ද හෙතෙම පෙන්වා දී තිබේ. 

තම ධුර කාලයේදී දැක්වූ සහයෝගයට ආර්. සම්බන්ධන් මහතාට ස්තූතිවන්ත වී තිබෙන තානාපතිවරයා අනාගතයේදී ප්‍රගතිය උදෙසා ශ්‍රී ලංකාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දක්වන බව ද සඳහන් කර තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහාකත්වය යටතේ 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්පත් කරගෙන තිබුණත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ඇත්තේ මන්දගාමී ස්වරූපයක් යැයි මෙහිදි අදහස් දක්වා තිබෙන විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා තානාපතිවරයාට මෙසේ පවසා තිබේ.

“අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කරන ලද්දේ බොහෝ කාලයකට පසුවයි. හානිපූර්ණ පනත තවමත් සම්මත කර නැහැ. සත්‍ය, යුක්තිය සහ සංහිඳියා මෙන්ම නැවත සිදුනොවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභා තවමත් ස්ථාපිත කර නැහැ.



අදහස් (20)

‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් විදෙස් ආයෝජන වැඩිකළ හැකියි‘

Cisco Friday, 06 July 2018 04:22 AM

දැන් රට ඉදිරියට නොයන්නේ ව්‍යවස්ථාව නිසාද? රටේ ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ රටේ මිනිසුන්ට ඕන විදියට මිසක වෙන රටක තානාපති වරයෙකුට අවශ්‍ය විදියට නොවෙයි.

:       0       20

Bamunuarachchi Friday, 06 July 2018 04:43 AM

කියන ඒවා කලොත් අපිට රටත් නැතිවේවි. අනික අපේ රටේ ව්‍යවස්ථාව එයාලට මොකටද? අපේ රටේ ව්‍යවස්ථාව හදලා තිබෙන්නේ අපේ රටට ගැලපෙන විදිහට මිසක් ඇමරිකාවට ඕනේ විදිහට නොවෙයි.

:       0       11

Namal Friday, 06 July 2018 04:48 AM

අපේ රට බේරා ගන්න ඕන.

:       0       9

Bamunuarachchi Friday, 06 July 2018 04:49 AM

යන යකා කොරහ බිඳගෙනම යන්න යනවා වගෙයි. දැන් ආණ්ඩුවේ ඉන්න ඇමරිකානු ගැත්තෝ කියාවි අපි ව්‍යවස්ථාව වෙනස් කරමු ආයෝජකයෝ ගෙන්න ගන්න කියලා. ආයෝජකයෝ ගෙන්න ගන්න නම් බහුජාතික සමාගම් වලට දොස් කියන ජවිපෙ තුරන් කර දමන්න.

:       0       0

Raveendra Friday, 06 July 2018 04:57 AM

සරලව කියනවානම් මේ අයට ඕනා විදියට අපේ රටේ සෑම දෙයක්ම සිදුවිය යුතුයි යන්න නොවේද? මෙම අය සම්බන්ධ කිසිදු රටක් ගොඩ ආවේ නැතිබවට ලෝක ඉතිහාසයේ මෑත සිදුවීම් හොදම නිදසුන් වේ.

:       0       17

සතයපාල Friday, 06 July 2018 05:04 AM

මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශය වූවත් එය අතුල් කේෂාප් හිතන ආකාරයේ දෙමළ ජාතිවාදයට උඩගෙඩි දෙන රට ජාතිවාදී පදනම මත බෙදීමකට ලක්වීමේ තර්ජනයක ලක්විය හැකි ආකාරයේ එකක් නොවිය යුතුයි. ඒවගේම එම ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන මානව හිමිකම් හා ජාතින් අතර විශ්වාසය හා සමගිය රැකෙන ආකාරයේ එකක් විය යුතුය. එසේ නොවුන හොත් මේ රටට විදේශිය ආයෝජන නොපැමිනිනෙවා පමණක් නොව රටේ අනාගතයද තව දුරටත් අදුරු වෙනවා ඇත.

:       0       12

Esala Friday, 06 July 2018 05:17 AM

යන එක කටවහගෙන යන්න නැතිව කොරහත් බඳලයි යන්නේ....................

:       0       153

Keppetipola Friday, 06 July 2018 05:21 AM

මේ ඉන්දියානු සම්බවයක් තියෙන අයට මොකක්ද තියෙන අයිතිය ලංකාවේ ව්‍යවස්ටවට ඇගිලිගහන්න? එයාගේ රටේ මානව හිමිකම් හැමදාම කඩනවා. අපිට කොන්ද පනතියෙන නායකයෙක් නැති නිසා හැමෝම රටට ඇගිලි ගහනවා

:       0       159

Sampath Friday, 06 July 2018 05:23 AM

ඩුබායි කියන්නේ කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති ඒකාධිපති රටක්. අද ඇමරිකන් ආයෝජකයෝ වැඩියෙන්ම ආයෝජනය කරන ලෝකේ දියුණුම රටක්. නිකන් බයිලා ගහනවා.

:       0       0

Dusara Friday, 06 July 2018 05:33 AM

දේශපාලකයන් මෙතෙක්කල් කියපුව උනානම් , ලංකාව තමයි දියුණුම රට. දැන් මට හිතෙන විදියට අන්ත දුර්වල රට ලංකාව. මම ඉන්නේ විදෙස්ගත වෙලා. විනිමය අනුපාත (exchange rate ) බැලුවම අඩුම වටිනාකම ලංකාවේ සල්ලි දෙසපලුවන්ගේ කතාවනම් දෝලාවෙන්

:       0       0

Deepal Nirosh Friday, 06 July 2018 05:37 AM

අපි ඉගෙනගෙන නියෙන විදිහට නම් වතුරයි තෙලුයි අතර සම්බන්ධයක් නැහැ. ඒ දෙක මිශ්‍ර වෙන්නෙවත් එකිනෙක ප්‍රතික්‍රියා කරන්නෙවත් නැහැ. විදේශ ආයෝජන සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්ය නම් අපට විදෙස් ආයෝජන නැතුවට කමක් නැහැ. මේ රට හා භෞමික අඛණ්ඩතාව ඊට වඩා දස දහස් වාරයක් වැදගත්. ඔබතුමාට ආපු පාඩුවෙම යන්න අවසරයි.

:       0       0

sarath Friday, 06 July 2018 05:40 AM

රතු අලි පැටියාගේ ව්‍යවස්ථාවේ හිල් ටික වහන්නද හදන්නේ !

:       0       0

Adhi Friday, 06 July 2018 06:04 AM

එහෙනම් ඔය කියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ජනතාවටත් බලාගන්ඩ සහ අවබෝධ කරගන්ඩ පත්තරේට දාමු බලන්ඩ ඕක සම්මත කරගන්ඩ පෙර.

:       0       147

senarath Friday, 06 July 2018 06:12 AM

මෙයාල රටවල්වලට දුන්නෙම දිරච්ච ලණුනේ. මේ රජය බලයට ඇවිල්ල අවටගත්තු ආණ්ඩුවෙන් රට දේශපාලන වශයෙන් අස්ථාවර කියල දැනුණු නිසා මොනතරම් ආයෝජන රටෙන් එළියට ගියාද. එහෙම ව්‍යවස්ථාවේ වෙනසක් නිසාද . එතකොට 2009 යුද්දේ ඉවරුණු ගමන් රටට ආයෝජන ගලා ආවේ කොහොමද. ඒ ව්‍යවස්ථාවේ වෙනසක් කරලද . නැහැනේ. අද රට අවශ්‍ය ස්ථාවර රජයක් නැතුව ව්‍යවස්ථා වෙනසක් නෙමෙයි .

:       1       207

Janaka Friday, 06 July 2018 06:23 AM

ඔව් ඉතින් මුන්ට ඕනේ මේකේ හැමදාම ප්‍රශ්න ඇති කරන්න තමා. මුන්ගේ පැවැත්ම තියෙන්නෙ ඒකෙනේ. මුනටම හරි යන හරක් ටිකකුත් මේකේ ඉන්න එකනෙ පුදුමේ. ලොකුම පුටුවල ඉන්න උන් දෙන්නත් එහෙමනෙ.

:       1       155

ශයාමි එස් දිවිතොටවෙල. Friday, 06 July 2018 06:30 AM

මුන් හිතන්නේ මුන් අපේ රට පාලනය කරනවා කියලයි. අනික මේ ප්‍රකාශය රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක්.අවාසනාව

:       0       135

sathyapala Friday, 06 July 2018 07:17 AM

ඩොලර් ඕනෑතරම් විසිකරන්නම් මේ රට විනාශ කරනවානම්. ඕකයි කියන්නේ.

:       1       153

saranapala Friday, 06 July 2018 08:36 AM

යෝජනා කොහොම වෙතත් ස්වාධීන රජයන් කිහිපයක් අතර සිවිල් යුද්ධය ආරම්භ වේවි...!!!

:       0       58

Adam Friday, 06 July 2018 09:49 AM

මේ අපි කවුරුත් දන්නා අපේ රට විනාශ කරන්න දඟලන කකුල් දෙකේ කොටියෙක්නේ.. කට විතරයි වැඩ නැහැ. කොහොමත් ඇමෙරිකා ජනාධිපති මෙයාට නටන්න දෙන එකක් නැහැ වැඩිය.

:       0       20

Bamunuarachchi Friday, 06 July 2018 10:30 AM

යනයකා කොරහ බිඳගෙන යන්න වගේ හදන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site