X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


‘‘තනතුරේ වගකීම් ඉටු නොකරන ඇමතිවරුනුත් ඉවත් කළ යුතුයි‘‘

(ඩයනා උදයංගනී)

ඇමතිධූර ලබාගන්නා අය වසර දෙක හමාරක් තුළ අමාත්‍යධූරයේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් මාරු කළ යුතු යැයි කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දක්‍ෂතා නොදක්වන ඇමතිවරුන් වෙනුවෙන් එළඹෙන මහ මැතිවරණයෙන් පසු එවන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

සංස්ථා, මණ්ඩල ඇතුළු ආයතනවල ප්‍රධානීන් ලෙස පත්කරන අයට ද එම ආයතතන වසරක් තුළ ලාභ ලබන මට්ටමට ගෙන ඒමට හෝ ආයතනය පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙනඒමට නොහැකි වුවහොත් තනතුරු වෙනස් කරන බවට උපදෙස් දී ඇති නිසා අමාත්‍යවරුන් සම්බන්ධවත් එවන් ක්‍රමවේදයත් අනුගමනය කිරීම සුදුසු බව අමාත්‍යවරයා කීවේය.   

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘ කලාකරුවන් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා මහකොමසාරිස්වරුන් ලෙස පත්කිරීම සාර්ථකද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

දක්‍ෂතා නොදක්වන්නන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යා හැක්කේ දක්‍ෂයන්ට පමණක් බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ආයතනවල සභාපතිවරුන් පත්කරන කමිටුව පත්වීම් ලබාදෙන්නේ සාධක ගණනාවක් සළකා බැලීමෙන් පසුව බව ද අමාත්‍යවරයා කීවේය.

පුද්ගලික අංශය ඉදිරියට යන්නේ ද ඉලක්කයකට අනුව වැඩකිරීම නිසා යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල අනුව සියලු දෙනාම එක් නීතියක් යටතේ වැඩ කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බව කී ඇමතිවරයා එය ඇමතිවරුන්ටද අදාළ විය යුතු බව කියා සිටියේය.

 

 



අදහස් (17)

‘‘තනතුරේ වගකීම් ඉටු නොකරන ඇමතිවරුනුත් ඉවත් කළ යුතුයි‘‘

විපරමා Thursday, 13 February 2020 01:05 PM

රු.2500කින් මාසයක් ජීවත් වෙන හැටිත් පෙන්වන්න කියයිද මන්දා..? අපරාදෙ කියන්න බැහැ. අපේ ආර්ථික ඔස්තාර්ගේ මොලේ තමයි මොලේ...

:       131       262

හේරත් Thursday, 13 February 2020 01:08 PM

ඇමතිතුමා, එහෙම කරන්න ගියොත් එහෙම රටේ ඇමැති මණ්ඩලයක් ඉතුරු වෙන එකක් නැ නේද?

:       2       64

දිමුත්Friday, 14 February 2020 04:26 AM

මොන පිස්සුද? ඕවා කරන්නැහැ.

:       0       0

Nimal Thursday, 13 February 2020 01:42 PM

නිසි මිනුම් දඬු හඳුන්වා දෙන්න ඇමතිතුමා ඒ අයවැඩ කලේ කොහොමද කියලා සොයා බලන්න නිකම් ඔහේ හිස් කතාවක් නොකර... ජනතාවටම ඒ කාරිය පවරන්නකෝ... එයාලා හරියටම සොයාබලා තීරණයක් ගනීවි.., වැඩ කරන සහ නොකරන අය ගැන...

:       0       30

Raveendra Thursday, 13 February 2020 01:48 PM

කතාව නම් ඇත්ත බන්දුල උන්නැහේටත් එම අදහස් අදාළ ඇතිනේද?

:       0       46

Sarath R- USA Thursday, 13 February 2020 01:53 PM

යමෙක් වගකිවයුතු ඇමති ධුරයකට පත්කිරීමේදී ජනපතිගේ කාර්ය වන්නේ ඒ සඳහා උගත්, කාර්යශූර, නිවැරදි තීරණ හා සපයා ඇති පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි, අය පත්කිරීම මිස, අවුරුදු දෙකහමාරක් ටෙස්ට් කර මාරුකර හෝ එලවාදැමීම නොවේ. පත්වී එන අයගෙන් සුදුස්සා නිවැරදිව තේරීමයි. මහජනයාගේ යුතුකම වන්නේ තමා විසින්, ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා පත්කර යවනු ලබන නියෝජිතයන්, උගත්, නිවැරදි තීරණ ගත හැකි හා දූෂණයෙන් තොර අය යැවීමයි. එවිට ඔවුන්ට උගත් රජයේ නිලධාරීන් හමුවේ නිවැරදි තීරණ ගනිමින් රජයේ සේවය තවතවත් ශක්තිමත් කළහැකි වනවා පමණක් නොව ජනපතිතුමා අපේක්ෂා කරන මහජනයාට හානිකරන බාධක ඉවත් කළ හැකිය. එසේ නොමැති වුවහොත් රටේ ඉදිරිගමන ප්‍රමාද වන අතර ඉදිරියටත් කණගාටුදායක සිදුවීම් සිදුවීම වැළැක්විය නොහැකිය...

:       0       107

කපුරු හාමි Thursday, 13 February 2020 02:20 PM

තනතුරේ වගකීම් හරියට ඉටුකරන දේශපාලුවන් කොහේද ඉන්නේ? පිනට ලැබෙන වරප්‍රසාද භුක්ති විඳගෙන සුවෙන්, සැපෙන් ඉන්නනේ කවුරුත් බලන්නේ...

:       0       13

Aurudu Thursday, 13 February 2020 02:57 PM

අවුරුදු 2 1/2ක් කාලා ගියාම අනෙත් කෙනත් එ්කම කරලා යයි. අවුරුදු 5ක් ගෙවිලා රට බංකොලොත් වී හමාරයි. අනේ ආචාර්ය මොලේ.... දැනුත් අවසානේ.. ඒකම තමයි රටට වෙලා තියෙන්නේ. මෙයත් පුත්තලමේද? දැන් නැති නිසා ඇහුවේ... ඔයාට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා.

:       0       26

chandima Thursday, 13 February 2020 03:54 PM

අනේ ඔයාල ඔක්කොම ගියාම අපිට කවුද ඉතිරිවෙන්නේ ?

:       0       0

Chathuri Thursday, 13 February 2020 04:46 PM

අනේ මගේ කට. මේ අයට ලියන කියන දේවල් හරියට තරාවගේ පිටට වතුර වත් කරනවා වගේ.

:       0       0

isuru Thursday, 13 February 2020 10:31 PM

එදා රුපියල් 2500 යෙන් පවුලකට මාසයක් කන්න බොන්න පුළුවන් කියපු කෙනානේ මේ.

:       0       2

C.K.Lankaputhra Friday, 14 February 2020 12:34 AM

ඇමතිතුමා නිකං බයිලා කියන්නෙ නැතුව අර 2500 ය මේ සැරේ 3000 වත් කරන්න.

:       0       3

Asanga Friday, 14 February 2020 12:36 AM

අපි කියන්නෙත් ඕකම තමයි.

:       0       2

nimali Friday, 14 February 2020 12:55 AM

වගකීමක් දරන්න පුළුවන් නිසානේ බාර ගන්නේ. බැරි නම් යන එක තමා හොද. කරතොත් කරපන් හරියට නැතිනම් බැහැපන් එලියට යන නියායෙන් තමයි රට කරවන්න ඕනෑ.

:       0       2

mahinda Friday, 14 February 2020 12:55 AM

එතකොට මෙයා මාරු කරන්න කාලේ හරිද.?

:       0       5

රවින් Friday, 14 February 2020 01:59 AM

ඔය කියන්නේ, හිසේ අමාරුවට කෝට්ටේ මාරු කරන්න කියලා. ඊයේ පෙරේදා ජනමාධ්‍ය තුලින් දැක්කේ රජගෙදර කවටයා ගොන්පාට් දානවා. එක හොරෙක් පළවැනි අවුරුදු දෙකහමාරක් හොරකම් කරහාම ඊළඟට එන කෙනා ඊළඟ දෙකහාමාර හොරකම් කළා අවුරුදු පහෙන් පස්සේ මහජනයාට වෙන්නේ උඩ බලාගෙන ඉන්න. මහජනයා කලයුත්තේ නුගත් හා නමගිය "උගත් යයි කියාගන්නා" හොරුටික ගෙදර යැවීම මිස නැවත නැවත පත්කර යැවීමෙන් තම තමන්ගේ වළ කපාගැනීමක් නොව.

:       6       12

Nimal ... Friday, 14 February 2020 03:19 AM

අපි දන්නවානේ අවුරුදු 10 ක් තිස්සේ කරපුවා. අධ්‍යාපන අමාත්‍යංශය තිබුණේ ඒකාලේ හෝමාගම. මිනිස්සු 2500/- ට කාලා ඇඳලා සුර සැප වින්දා. එක අතකට ප්‍රභාකරන් කියපු දේ හරි. සිංහල මිනිසුන්ට සති දෙකයි මතක තියෙන්නේ සේරම. ඔය බයිලා මෙයාලගේ ඊළඟ මහ මැතිවරණය එනකම් විතරයි. ඊට පස්සේ මෙයාලා දිනුවොත් ඔය කියන ඒටා සේරම හිරු දුටු පිණි මෙන් වාෂ්ප වෙයි.

:       9       52

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site