සිරස සුපර් ස්ටාර් සීසන් 07 ආපු චාමර වීරසිංහ, කපුගේ මහත්තයගේ සිංදු කියපු අන්තෝනි සාමි නොහොත් "බිත්තර ලොරියේ පොඩී" එහෙම කිව්වොත් ගොඩක් අය අඳුර ගනීවි. ඒත් එදා බිත්තර ලොරියේ කම්කරුවෙකු ලෙස වැඩකරපු පොඩී අද නිලූෂන් ඇන්තනී නමින් ගායකයෙකු වෙලා. "දුක අයිතිකාරියේ" ගීතය ඔහුගේ පළමුවැනි ගීත නිර්මාණය වනවා. මෙම ගීතයේ පද රචනා කරපු උපුල් දිශාන්ත රණවක ඒ පිළිබඳව "සාරවිට" සමග මෙසේ පවසා සිටියා
බිත්තර ලොරියේ පොඩීට ගීතයක් කරන්න මුල් අදහස දුන්නෙ චරිත් හර්ෂණ රත්නායක. ඊට පස්සෙ මම එයාව හොයාගෙන ගිහින් කතා කරල කොළඹට ගෙනාව හඬ පරීක්ෂාවකට. මේ ගීත නිර්මාණය පිටුපස ඉන්න ගොඩක් මහන්සි වුණ චරිතයක් තමයි Spandana Studio එකේ හසිත් සාරංග. හඬ පරීක්ෂාවට ආවට මයික් එකක් ඉස්සරහ වෙව්ලපු නිලූෂන්ට ආත්ම ශක්තියක්, විශ්වාසයක් ඇති කරල ඔහුගේ දක්ෂතා එළියට ගත්තෙ හසිත්. ඔහුගේ ක්ෂේත්රයේ පළපුරුද්ද, අත්දැකීම් එක්ක බලන කොට ඔහු ඉතිහාසයේ වැඩිම වේලාවක් කරපු පටිගත කිරීමත් මෙය වුණා.
හඬ පරික්ෂාවෙන් පස්සෙ ඒ හඬට හරියන නිර්මාණයක් ඕන වුණා. ඒ කාර්ය භාරගත්තෙ රොෂාන් විජේසිරි. ගතින් පොඩි චරිතයක් වුණත් දක්ෂතාවලින් පරිපූර්ණ තරුණ සංගීත අධ්යක්ෂවරයෙක් විදියට ඔහු ඒ කාර්ය මා බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථකව නිම කළා. පද මා විසින් රචනා කරනු ලැබුවා.
නිලූෂන්ට සිංහල අකුරු කියවන්න බැරි නිසා සිංදුව එයාට පාඩම් කළේ සිංහල අකුරු දෙමළට පරිවර්තනය කරල. ඒ විතරක් නෙවෙයි වෙන කෙනෙක් ලවා මුලින් ඒ වෙනුවට ගීතය පටිගත කරල දුන්න. Audio එක ඒ විදියට දුක් විඳල ඉවර කරා.
ඊළගට ආවේ Video ඒක ඊටත් වඩා අමාරු කාර්යයක් වුණා. එකක් අලුතෙන්ම එළියට එන ගායකයෙක්, ශරීර පෙනුමෙන් ආකර්ෂණයක් ගන්න වගේම Video එකේ තාත්විකත්වය සජීවී බව රැකගන්න ලොකු වැඩ කොටසක් කරන්න තිබුණා. ඒක භාරගත්තෙ Dream Tym Films එකේ දිලුක පෙරේරා.
ගොඩක් මහන්සියෙන් සැලසුම් කරල පසුගිය දෙවැනිද ඒ වැඩේට අත ගැහුවා. මීගමුව තමයි Location වලට මූලික කරගත්තෙ.
නවක අධ්‍යක්ෂවරයෙකු විදියට Video එක භාරගත්තෙ දිලුක පෙරේරා. එයාගේ පළපුරුද්ද, දක්ෂතාවන්, සිංදුවේ අර්ථය, රසය, සජීවී බව එලෙසින්ම රැකගෙන ලස්සන Video එකක් කළා.
දැන් නිලූෂන් ගායකයෙක් වුණා. මේ හැම දෙයක්ම ඉවරවෙද්දි ආර්ථික වශයෙන් හා දිරිගන්වමින් මේකට කැපවුණ කෙනෙක් හිටියා. ඒ Sri Lankan best offers and deals හි චරිත් හර්ෂණ රත්නායක. ඒ වගේම මිලින්ද මුදලිගේ මේ සද්කාර්ය දැකල මුදල් අයකිරීමකින් තොරව මේ Video එකේ රඟපෑවා. නිලූ ප්‍රසාදිනී තම චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කළා. කැමරා කටයුතු, වේෂ නිරූපණ, පසුතල සැකසීම් ආදිය වෙනුවෙන් ගොඩාක් අය වෙහෙස වුණා.
මුදල් පස්සෙ හමායන ලෝකයක හැමදේම මුදලට තීරණය වෙද්දි බිත්තර ලොරියෙ පොඩීගෙ ජීවිතේ කවදාවත් නොහිතපු හීනයක් හැබෑ වුණා. ආත්ම තෘප්තිය කියන්නෙ මොකක්ද කියල අපි හැමෝටම හොදටම දැණුන දවසක් එදා. ඒ නිලූෂන්ගෙ ඇස්වල කඳුළු දැක්කම. හිතන්න මොහොතක් දෛවය සිහිනය සහ යථාර්ථය නිකම්ම වචන තුනක් නෙවෙයි කියල.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
'බිත්තර ලොරියේ පොඩී' ගෙන් අලුත් ගීතයක්