මුදිතා දයානන්ද
නව පළාත් සභා ගොඩනැගිල්ල විවෘත කිරිමේ උළෙලට අගමැතිට ආරාධනා නොකිරිමට විරෝධය පා බස්නාහිර පළාත් සභා රැස්වීම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු අද (3) සභා ගැබෙන් ඉවත් ගියහ.
විවෘත කිරිමේ උළෙලටද තම කණ්ඩායම සහභාගී නොවන බවත් ඒ දක්වා සියලූ සභා කටයුතු වර්ජනය කරන බවත් සභාවෙන් ඉවත්ව යාමට පෙර ප‍්‍රකාශයක් කළ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.
බස්නාහිර පළාත් සභා රැස්වීම එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී පෞද්ගලික ප‍්‍රකාශ ඉදිරිපත් කිරිමේ අවස්ථාවේදී නැගි සිටි විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයට අගමැතිවරයාට ආරාධනා නොකිරිමටත්, ආරාධනා පත‍්‍රයට ආණ්ඩුකාරවරයාගේ නම ඇතුළත් නොකිරිමටත් හේතු විමසා සිටි අතර එය නිවැරදි කිරිමට මහඇමැතිවරයා කටයුතු නොකරන්නේ නම් තම කණ්ඩායම සභාව වර්ජනය කර බවත් පැවසීය.
එයට පිළිතුරු දෙමින් මහඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසුයේ පළාත් සභා උත්සවයකට රාජ්‍ය නායකයින් දෙන්නෙකු ගෙන්වන්නේ නැති නිසා ජනාධිපතිට පමණක් ආරාධනා කළ අතර ආරාධනා පත‍්‍රයට දේශපාලන අධිකාරියේ අයගේ නම් පමණක් ඇතුළත් කළ නිසා ආණ්ඩුකාරවරයාගේ නම ඇතුළත් නොකළ බවයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අගමැතිට ආරාධනා නොකළාට විරෝධය දක්වති
Raveendra Tuesday, 03 July 2018 12:19 PM
මේ ඔබේ, මගේ, අපගේ මහජන මුදල්වලින් සාදනලද මහජන දේපළ බව මේ අම්බරුවන් නොසිතන්නේ මන්ද? මේ සඳහා කිසිඳු පිනට ගිලින මහජන නියෝජිතයන් යයි කියා ගන්නා කිසිවකුට ආරාධනා කිරීම කිසිසේත්ම නොකළ යුතුය. කෙටියෙන් පවසන්නේ නම් රටේ මුල් පුරවැසියාටවත් එසේ ආරාධනා කිරීම කිසි ලෙස නොකළ යුතුය. මෙවන් වැඩ සඳහා කිසිඳු උත්සවයක් අවශ්‍ය නැත යන්න අපගේ හැඟීමයි. එසේ ආරාධනා කළවිට ඒ පැමිණෙන්නේත් අපගේම බදුමුදල් වියදම් කරමින්, වටිනා කාලය කාදමමින් නොවේද?
රවින් Tuesday, 03 July 2018 01:07 PM
බොහොම හොඳයි. ඔය විදියටම සියලු දේශපාලුවන්ගේ නම් ඇතුලත් කිසිඳු පලකයක් හෝ නාම පුරුවක් සවිනොකලොත් වඩාත් හොඳයි.
isurandi Wednesday, 04 July 2018 04:15 AM
අපේ රටේ මිනිසුන්ගේ මමත්වය උතුරාගිය අධි හීනමානය තියෙනතාක් කල් මේ සංදර්ශන නිමක් වෙන්නේ නැහැ.