(නිමල කොඩිතුවක්කු)
සුදුසුකම් නැති අයට දේශපාලන පත්වීම් හා උසස් වීම් ලබා දී ඇති බවට අධ්‍යාපන පරිපාලන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවත් නව පත්විම් හා උසස්වීම් සඳහා සකස් කර ඇති ලැයිස්තුවල එවැනි එක් අයකු හෝ නොමැති බවත් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ කැඳවුම්කරු ප‍්‍රියන්ත පත්බේරිය මහතා පැවසීය.
විධිමත් කමිටු මගින් නිර්දේශ සිදුකර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම ලැයිස්තු සකස් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පත්බේරිය මහතා ම් බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන සේවක සංගමයේ කැඳවුම්කරු ප‍්‍රියන්ත පත්බේරිය මහතා මෙසේ ද කීවේය.
‘‘පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට වෘත්තීය සමිති 16ක් එක්ව විරෝධතාවයක් සංවිධානය කරලා තිබුණා. දේශපාලන පලිගැනීම් මුවාවෙන් විශාල පිරිසකට අධ්‍යාපන පද්ධතියේ උසස්වීම් ලබා දෙනවා යනුවෙන් මේ අය අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනාවක් කලා.
තම මතය ඉදිරිපත් කිරීමටත්, වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමටත් වෘත්තීය සමිතියකට අයිතිය තියෙනවා. වත්මන් රජය එම නිදහස තහවුරු කරලා තියෙනවා.
නමුත් සමහර ජාතික පාසල්, පළාත් අධ්‍යාපන කාර්යාල ඇතුළු ආයතන වසා දැමීමටත් දරුවන්ට පාසල් එන්න එපා කියලත් යම් යම් පිරිස් උපදෙස් දීලා තියෙනවා. මේ රටේ අධ්‍යාපනය, දරුවන් එක්ක ගනුදෙනු බේර ගන්නේ නැතුව තමන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්න ඒ අයට තිබුණා.
දරුවන්ට පාසල් එන්න එපා කියන්න, පාසල් වසා දමන්න කියලා නියෝග දෙන්න වෘත්තිය සමිතියකට හැකියාවක් නැහැ. එන්. ජී. ඕ නඩවලින් යැපෙන බෝඩ් ලෑලි වලට පමණක් සීමා වෙච්ච වෘත්තීය සමිති වලට පුළුවන් කමක් නැහැ. මේ පාසල් පද්ධතිය අකර්මන්‍ය කරන්න.
එදා වැඩ වර්ජනය සියයට 98ක් අසාර්තකයි කියලා අපි පැහැදිලිව කියනවා. සමහර පලාත් පාසල් කිහිපයක ඇරෙන්න අධ්‍යාපන කටයුතු වෙනදා වගේම සිදු කෙරුණා.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සමිති චෝදනාව බොරුවක්
ෆෙරෝස් Friday, 06 July 2018 11:12 AM
මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් බලන්න ඕනේ මුලින්ම..
kalani Friday, 06 July 2018 11:27 AM
ජාතික සේවා සංගමයේ ප්‍රකාශයක් නිසා සම්පූර්ණ ඇත්ත... එතුමත් නිවැරදි පත්වීමක ඉන්නේ...
namal Friday, 06 July 2018 02:02 PM
ලැයිස්තුවේ ඉන්නේ බත් බැලයින්ම තමයි.