X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


අනුර, සජිත්, මෛත්‍රී එක වල්ලේ පොල්

(අංජුල මහික වීරරත්න)

අනුර, සජිත්, මෛත්‍රී යන තිදෙනාම එක  වල්ලේ පොල් බවත් ඉතිහාසයේ  කිසි විටෙක  සමත් නොවූ මෙම තිදෙනාගෙන් එක් අයෙකුටවත් අරගලයේ යෙදෙන ජනතාව කැමති නැති බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

පිහිටුවන බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවේ සජිත් අගමැති කිරීමට අනුර සහ මෛත්‍රි කැමතිද, අනුර අගමැති කිරීමට සජිත් සහ මෛත්‍රී කැමතිද හෝ මෛත්‍රි අගමැති කිරීමට සජිත් සහ අනුර කැමතිද යන්න ඔවුන් තිදෙනා හෙළි කළ යුතු බව ද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා කීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමට මෙම 9 වැනිදා පාරට බහින බව කියන මේ කණ්ඩායම  එසේ හදන ආණ්ඩුවේ අගමැති කවුරුන්දැයි  ජනතාවට කිව යුතු බවයි.

එසේම එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ වැඩ පිළිවෙල කුමක්දැයි ඔවුන් රටට හෙළි කළ යුතු බව කී එජාප මහලේකම්වරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙල වනුයේ මුලින්ම ආර්ථිකය ගොඩ ගෙන ඉන් පසු සියළු දෙනාගේ කැමැත්තෙන් දේශපාලන ප්‍රශ්නය විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ  වැඩපිළිවෙල සකස් කිරීම බවයි.



අදහස් (12)

අනුර, සජිත්, මෛත්‍රී එක වල්ලේ පොල්

saliya Monday, 04 July 2022 10:08 PM

ඔයා පාස්ද?

:       0       0

ranjith Monday, 04 July 2022 10:10 PM

ඒක තමයි මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 3ක් වත් ගන්න බැරුව ගිහින් යන්තම් ජාතික ලැයිස්තුවෙන් එකක් බේරුණේ...

:       0       0

ජගත් ලියනගේ Monday, 04 July 2022 11:04 PM

එතකොට සමත් kකවුද ? ඔයාගෙ සර් සහ අනිත් සාර් ද?

:       0       3

Perera Monday, 04 July 2022 11:42 PM

මෙයත් ඉන්නේ කුරුවල් වෙච්චි වල්ලක...

:       0       0

බී අමරසිංහ Tuesday, 05 July 2022 02:54 AM

සමගි ජන බලවේගය ආසන 54, රනිල් 1 ( ඒකත් ලැයිස්තුවෙන්) ඉතිහාසයේ කිසි විට සමත් නෑලු ජවිපෙ ආසන 3 .තමන්ගේ ආසනයහ් අහිමි රංග

:       0       4

Chandima Tuesday, 05 July 2022 04:10 AM

එතකොට රනිල්? එයා පුහු පොල් වගේද?

:       0       0

Ruwan Tuesday, 05 July 2022 04:41 AM

ඒක ඇත්ත, මෙයා සමනලවල්ලේ පොල් ...

:       0       5

Chandima Tuesday, 05 July 2022 05:33 AM

මේ ගොල්ලෝ පාපුවරුවේ එල්ලිලා පොල් වලු ගැන කියවනවා. යන්තම් අත අතෑරුණොත් බිමට ඇදගෙන වැටෙනවා.

:       0       0

සංකා Tuesday, 05 July 2022 06:56 AM

අද සිරිකොත කියන්නේ සොහොන් බුමියක්.එක මහජන චන්දයකින් පත්නොවුණු,එක UNP මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ නැති රනිල්ගේ කපටි කමින් පස්ස දොරින් පාර්ලිමේන්තු රිංගගෙන මුළු රටම තව තව වලපල්ලට යවනවා.අමු මහා දවල් ගෑස් වලින් ගහපු ගැහිල්ල අපි TV නිවුස් වල දැක්ක.මිනිසුනේ මේ පාහරයන්ට මේ උතුම් රට විනාස කරන්න දුන්න කාලය දැන් ඇති.රට වනසමින් මේ ආණ්ඩුවය් රනිලුය් අද මේ රට කරන්නේ ජනතාව ලියා දුන්න බුදලයක් වගේ.අනේ අපේ රටට වෙච්ච දෙයක්.

:       0       5

ganegoda Tuesday, 05 July 2022 12:04 PM

දැන් ඔහේ කොයි වල්ලෙද? ඔයාගෙ එක හොඳට පරිස්සම් කරගන්නකෝ..!

:       0       0

fairoos Tuesday, 05 July 2022 12:10 PM

එතකොට ෆේල් වූ සර් සහ රනිල් එක කරත්තයේද?

:       0       0

Bamunuarachchi Wednesday, 06 July 2022 08:34 PM

එක වල්ලේ පුහුපොල්...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site