(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ පිහිටි බැංකුවක් දෙවරක් කඩා එහි ඒ.ටී.එම්.යන්ත්‍රයට පහරදී රුපියල් ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් සොරකම් කර බැංකුවේ තිබූ වකුගඩු ආධාර පෙට්ටියද කඩා මුදල් සොරා ගත් බව කියන සැකකරු අද (03) පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අලවතුගොඩ මහජන බැංකුව පසුගිය 30 වැනිදා පළමු වරට කඩා ඇතුළු වී එහි තබා තිබූ වකුගඩු ආධාර මුදල් පෙට්ටිය කඩා එහි තිබූ මුදල්වලින් කොටසක් සොරා ගෙන ගොස් තිබූ අතර ඉන් පසුව පසුගිය පළමු වැනිදා නැවත එම බැංකුව කඩා එහි ප්‍රධාන සේප්පුව ඇති කාමරයේ දොර කෙඩා අලාභහානි සිදු කර ඇති අතර ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් සොරාගත් බව කියන මෙම සැකකරු පොලීසිය මගින් කරන ලද විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු හෙට (04) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලවතුගොඩ මහජන බැංකුව දෙවරක් කැඩූ සැකකරු අල්ලයි
SANATH Tuesday, 03 July 2018 05:41 PM
මේ වගේ හොරු හිර කූඩුව ඇතුලෙම දාල තියන්න ඕන. ඇප දීල එලියට ආවගමන් ආයෙමත් කරන්නේ බැංකුවක් හරි ගෙයක් හරි මංකොල්ලකන එක තමයි.