අනුරාධපුර නගරයේ ආයුර්වේද රෝහල ඉදිරිපිට පදික වේදිකාවේ අනවසරයෙන් වෙළදාම් කළ වෙළඳුන් සියයකට අධික පිරිසක් අද(24) අනුරාධපුර මහනගර සභාව ඉවත් කළේය.
එම අවස්ථාවේ බහින්බස් විමක් හා ගුටි බැට හුවමාරුවක් ද සිදුවිය.
දිර්ඝ කාලයක් තිස්සේ මෙම වෙළදුන් අනවසරයෙන් මෙම ස්ථානයේ වෙළදාමේ නිරතවිම නිසා රෝහලට යන එන පදිකයන් දුෂ්කරතාවයකට පත්වන හෙයින් ඔවුන් ඉවත් කිරිමට පියවරගත් බව අනුරාධපුර නාගරික කොමසාරිස් රෝහණ ධර්මදාස මහතා පැවසිය.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අ‘පුර පදික වෙළඳුන් ඉවතට
ජයන්පති Tuesday, 24 May 2016 04:49 PM
අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. මේ අනවසර වෙළෙන්දන් සෑම රෝහලක් අසලම ඉන්නවා, ඒ වගේම වැඩි දෙනෙකුට දේශපාලන සම්බන්ධතාවයන් තියෙනවා. වැඩි දෙනෙක් විකුනන්නේ අපිරිසිදු ආහාර.(ම)
රෆීස් Tuesday, 24 May 2016 08:32 PM
ලංකාවෙ අය හිතන්නේ ඕන තැනක විකුනන්න පුළුවන් කියලයි. මෙය බටහිර රටවල තහනම් රජයට බද්දක නොලැබෙන නිසයි. (බ)
මංගල වේලාරත්න Tuesday, 24 May 2016 11:29 PM
අනවසර පදිකයන් පදිංචිකරුවන් ඉදිකිරීම් ඉවත් කිරීම රටපුරාම ඉක්මනින්ම කළ යුතුය ඉතාම හොද වැඩකි (ම)
නිමල් ලලිත Wednesday, 25 May 2016 01:47 AM
කෙනෙකුගේ ජීවන රැකියාව වුවද ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් කළයුතුම දෙයක්. (නි)
උෂන්ත Wednesday, 25 May 2016 03:06 AM
එඩිතර තීරණ ගන්නා රාජ්‍ය නිළධාරියෙක්. ආඩම්බරයි ඔබ ගැන. (නි)
උෂන්ත Wednesday, 25 May 2016 03:11 AM
මේ අය ඉවත් කළා වගේම සුදුසු තැනක් බලා ඔවුන්ව ස්ථානගත කිරීමට හැකි නම් තවත් හොඳයි. මොනවා වුණත් මොවුන් තම පවුල් නඩත්තු කරන්නේ මේ කරන වෙළඳාම මඟින්. (නි)
නවරත්න Wednesday, 25 May 2016 05:12 AM
නීතිය ඉදිරියටම ගෙනයන්න (නි)
ගයානාත් Wednesday, 25 May 2016 05:17 AM
ඉතා හොඳ වැඩක්. (නි)
තිලක් Wednesday, 25 May 2016 06:59 AM
අනවසර කඩ ඉවත් කිරීම හොඳයි (නි)
ඉසුරන්දි Wednesday, 25 May 2016 07:29 AM
ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඇතිව මේ මිනිසුන්ටත් සාධාරණයක් වෙන ආකාරයේ දෙයක් වෙනවානම් හොදයි. මේ හැමදේම කරන්නේ ජිවිතේ ගොඩ නගා ගන්නනේ.(ම)
මොහාන් Wednesday, 25 May 2016 08:28 AM
ඉතා හොඳ ක්‍රියාවක් (නි)
ජීවන් Wednesday, 25 May 2016 10:18 AM
ජීවත් වෙන්න කියලා පාර හැමතැනම වෙළඳාම් කරන්න බෑනේ . අනෙක පුදුම කරදරයක්. ඉස්සර කොළඹ ලස්සනට තිබුණා දැන් ආයෙත් පාරක යන්න බෑ . අපට මොනවහරි ගන්න ඕනනම් අපි එතනට යනවා. බලෙන් ඇඟේ ගහන්න අවශ්‍ය නෑ. (බ)