X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ආපදාවලින් වසරකදී සිදුවූ පාඩුව කෝටි 8,600ක්

(ඩයනා උදයංගනී)

මෙරට විවිධ ප්‍රදේශවලට පසුගිය 2016 - 2017 කාලය තුළ ඇතිවූ ස්වභාවික ආපදා හේතුවෙන් රටට රුපියල් කෝටි 8,600 ක පමණ පාඩුවක් සිදුව තිබේ.

එම කාලය තුළ ඇතිවූ ගංවතුර, නායයෑම් හේතුවෙන් රුපියල් කෝටි 7,040ක පමණ පාඩුවක් සිදුව ඇති අතර ප්‍රදේශ රැසකට බලපෑ නියඟය හේතුවෙන් ද රුපියල් කෝටි 1,520ක පමණ පාඩුවක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.

සිදුවූ පාඩුවට අමතරව ආපදාවන් හමුවේ බිඳ වැටුනු ජනජීවිත නගා සිටුවීම වෙනුවෙන්ද විශාල මුදලක් වැය කිරීමට රජයට සිදු වූ බව රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ දේශගුණික බලපෑම් හා ස්වභාවික විපත් ඇතිවීමේ ප්‍රවනතාව වේගයෙන් ඉහළ යමින් පවතින බව කී රාජ්‍ය අමාත්‍යවරයා 2016  - 2017 යන කාල පරාසය තුළ ආපදා අවදානම් දර්ශකයේ 98 වන ස්ථානයේ පැවැති ශ්‍රී ලංකාව 2018 වසර වන විට 04 වන ස්ථානය දක්වා පැමිණ ඇති බවද සඳහන් කළේය.

මෙම තත්ත්වය බරපතල ලෙස සැලකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සෘණාත්මකව බලපාන බව කී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා  එය ආසියාවටද පොදු කරුණක් වී ඇති බව කියා සිටියේය.

එබැවින් ආපදා කළමනාකරණය වෙනුවෙන් වූ ආසියානු කලාපීය බලකායක් පිහිටුවා කිසියම් රාජ්‍යයක විපතකදී සම්පත් බෙදා හදා ගනිමින් දායකත්වය ලබා දීමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගිය යුතු බව මොංගෝලියාවේ උලම්බටාර් අගනුවරදී මේ දිනවල පැවැත්වෙන ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වී සිටින්නේ ද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාය.



අදහස් (3)

ආපදාවලින් වසරකදී සිදුවූ පාඩුව කෝටි 8,600ක්

Mahee Thursday, 05 July 2018 08:47 PM

අර වතුර බීපු හාදයාගේ ලක්ෂ ගානක පාඩු කිරීමත් මේකට ඇතුළත්ද?

:       0       0

laithsjm Friday, 06 July 2018 01:26 AM

එතකොට රජයේ වාහන අවභාවිතයත් මේකට ඇතුළත්ද?

:       0       0

Raveendra Friday, 06 July 2018 05:37 AM

දැක්කම මුණ ආපදාව දරුවාගේ බව කියවෙනවා.. එනමුත් බොරු කියමින් හොදහැටි එය අඩුකෙරුවා... දැන්නම් ආපදා දකින් කිබුලන් අඩවනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site