X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

(අංජුල මහික වීරරත්න)

කඩා වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 250 ක් හෝ 300 ක් අවශ්‍ය වන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුදල නැවත පොලියත් සමග ගෙවන්නට වන බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා චීන රජයෙන් යුවාන්වලින් ලංකාවට ලැබුණු ණය නැවත ගෙවන්නට වන්නේ ඩොලර් වලින් බවත් කීය.

මෙලෙස ලැබුණු මුදල් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදවලින් ගොඩ එන්නට ප්‍රමාණවත් නැති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිය තවත් අමාරු වනු ඇතැයි ද සඳහන් කළේය .

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (12)

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

Raveendra Friday, 03 September 2021 09:56 AM

හරියටම ගාන කිව්වේ කොහොමද මන්දා..? මහා පුදුම ඥාණයක්නේ අපේ ඇම්ඩන්ට තිබෙන්නේ... නිකන් නෙවෙයිනේ ආසියාවේ "සෘණතම" උගතා කියලා... හැබැයි ඒ දණ්ඩක් දැක්ක ගමන් බයිලා ගහන. කලිසන් කටු ගලෝගෙන ඇලේ බැහැලා එගොඩ මෙගොඩ වෙනවා.. හරිම ෂෝක්..!!! මහදැන මුත්තෙක්නේ මේ අපේ සූත්තර පුංචා...

:       18       15

kamal Friday, 03 September 2021 09:59 AM

සිංගප්පූරුවේ ඉන්න යාළුවට කියන්න ... හොරකම් කළ මුදල් වහාම එවන්න කියලා.

:       10       19

විමල් Friday, 03 September 2021 04:11 PM

කමල්ගේ යාලුවෝ අපේ සිංගප්පූරු යාලුවා වගේ නොවෙයි, සීනිවලින් ඒවගේ දෙගුණයකට ආසන්නව ගත්තා.. ඒවත් ගෙන්න ගන්න..

:       0       2

thenne Friday, 03 September 2021 10:09 AM

ඔබ මහ බැංකුව හොරකම් නොකළා නම් ඔය මිලියන 300 ඉතුරු කරගන්න තිබුණා.

:       12       17

වාසුදේව Friday, 03 September 2021 10:22 AM

ඔබ තමයි මේ පවට වග කියන්න ඕනෑ... බලය දුන්නාම හොර තක්කඩියත් එක්ක ගේම් ගහලා කුලල් කාගත්තා. අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ හරියට ආණ්ඩුව ගෙනිච්චෙත් නැහැ. බැඳුම්කරෙන් UNPය නැත්තට නැති කරලා මොකද වුනේ? නැවත හොර රැල බලය ගත්තා. දැන් එනවා මෙතන බොරු බේගල් කියලා අායෙමත් මිනිස්සු රවට්ටන්න. ලැජ්ජාවක් තියෙනවා නම් නැවත දේශපාලනයට එන්න එපා...

:       12       26

ruby Friday, 03 September 2021 10:41 AM

ඔයා ගහපුවගෙන් දෙන්න...

:       12       19

saman Friday, 03 September 2021 11:05 AM

දුන්නු වෙලාවේ කළ හැටි අපි දැක්කනේ.. දැන් ඉතින් අනුන්ගේ සීනි කිරනවා.

:       10       20

bulan Friday, 03 September 2021 11:28 AM

මගේ යාලුවෙක් ඉන්නවා සිංගප්පුරුවේ .මගුල් ගෙයකට ගිහිල්ලා ,එයාගෙන් ඉල්ලලා දෙන්න පුළුවන්

:       8       18

gunarathnaFriday, 03 September 2021 11:51 AM

අයි එම් එෆ් එකෙන් ඉල්ලාගන්න කියන්නේ නැද්ද.?

:       0       0

Sriland Friday, 03 September 2021 12:23 PM

තමුන් ඇතුළු රට විනාශ කරපු හැමෝටම වෙන දේ ළඟදීම බලාගන්න පුළුවන්..

:       3       2

SUNIL MILANO Friday, 03 September 2021 01:32 PM

අනේද කියනනෙ

:       1       6

රාජේශ් ඛන්නා Friday, 03 September 2021 03:42 PM

ඔබ පිටුපසින් කා වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් ද යන්න පලකරන අදහස් පරිශීලනය කළවිට මොනවට පැහැදිලි වෙමින් පවතී. ආණ්ඩුව බලය වෙනුවෙන්ම ඡන්ද බලාගෙනම තීරණ ගනිමින්, රට වෙනුවෙන් නිවැරදිම තීරණ නොගැනීමේ විපාක අද අපි භුක්ති විඳිමින් සිටිමු.. ප්‍රාන්ත ආණ්ඩු නොමැති කුඩාම රටක මෙවැනි අවස්ථාවක දේශපාලනමය නොවන කරුණක් පාලනය කරගැනීමටවත් නොහැකි පාලකයන් සිටීමෙන් සහ ඔවුන් කරන හරි වැරදි සියල්ලම අනුමත කරන රැල්ලක් සිටීමෙන්, දැනටමත් ආර්ථික හා සමාජමය වශයෙන් අන්තයටම පිරිහී තිබෙන අපේ රටේ අනාගතය, ගොඩ ගත නොහැකි තැනකට තල්ලු වීම කණගාටුවට කරුණකි. රටේ මහජන මුදල් අවභාවිතා කර සත්‍ය අසත්‍ය කර පෙන්විය හැකි දියුණු රහසිගත තාක්ෂණික මාධ්‍ය ක්‍රම යොදා ගනිමින් අසත්‍යයම සත්‍යය ලෙස පෙන්වමින් ලෝකයාටම ණය වෙමින් සමස්ථ රටවැසීයාම රවටමින් කරන මේ උප්පරවැට්ටි ආණ්ඩු ක්‍රමයේ කෙළවරින් කළු සල්ලි ප්‍රකෝටිපතියන් අතලොස්සක් සහ දුකින් පෙළෙන පීඩිත පන්තියක් සහිත රටක් මතුවීම නොවැළැක්විය හැකියි. එය රටේ සහ අපේ අවාසනාවකි. ඔබ ද එම තත්වයට වගකිව යුතු අයෙකි...

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site