X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ආර්ථීක පුනර්ජීවන බලකායක් ඕනා

කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගලවා ගැනීම අරමුණු කරගෙන බලතල සහිත ආර්ථීක  පුනර්ජීවන බලකායක් පිහිටුවිය යුතුයැයි පාත්ෆයින්ඩර් පදනම රජයට යෝජනා කරයි.

දේශීය බුද්ධි පර්යේෂණ ආයතනයක් වන මෙම පදනම දක්වන පරිදි ආර්ථීක පුනර්ජීවන බලකාය පත් කිරීමේ දී දේශපාලන පසුබිම පැත්තකින් තැබීම ඉතාම වැදගත්ය. මෙම බලකාය අත්දැකීම් සහිත විශිෂ්ට පුද්ගලයන් ගෙන් සමන්විත විය යුතුයැයි ද පාත්ෆයින්ඩර් පදනම වැඩිදුරටත් යෝජනා කර තිබේ.

ආර්ථීකයේ ඉල්ලූම හා සැපයුම යන න්‍යාය බරපතල සේ පාලනය වී ඇත. ඉල්ලූම ගැන සලකන විට ආයෝජනය, නිෂ්පාදනය හා වෙළඳාම අඩුවනු ඇත.

රැකී රක්ෂා ප්‍රමාණය සහ රැකියා නියුක්තිකයන්ගේ වැටුප් කපා දමන්නට සිදුවිය හැකිය. සංචාරක හා විනෝදාත්මක අවස්ථා වියවුලකට පත් වී තිබේ.  ව්‍යාපාර අවලංගු කිරීම්, කොටස් වෙළඳාම හා ධනෝපානය අවස්ථා පහත වැටීම අපේක්ෂා කළ හැකිය.

සැපයුම් අංශයට බලවත් පීඩනයක් එල්ලවිය හැකි අතරම  ඇතැම් කම්හල් හා ව්‍යාපාර වැසෙනු ඇත. ගෝලීය හා කලාපීය සැපයුම් චක්‍ර අර්බුදයකට පත්වන අතර ගුවන් හා මුහුදු ප්‍රවාහන අංශ නැවත යථා තත්ත්වයට පත්වන්නට සෑහෙන කාලයක් ගත විය හැකිය.


“කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සහ විශේෂයෙන් ආර්ථීක වර්ධනය සමග ඇති වූ ලෝකයේ ඕනෑම තැනකට සේවා සපයමින් යැපෙන නිදහස් වෘත්තිකයන් ඉතාම දුෂ්කර තැනෙකට පත්වනු ඇත. මේවා සුළු පටු කාරණා නොවේ. ඕනෑම ජන සමාජයක් බිංදුවට වට්ටන්නට මේවා හේතුවිය හැකි බව තේරුම් ගත යුතුය“  යයි පාත්ෆයින්ඩර් පදනම පෙන්වා දෙයි.

තමන් අසල දැවටෙන දක්ෂයන්ට වඩා පිරිසක් ආණ්ඩුවේ රාමුවට එපිටින් සිටින අතර ඔවුහු දේශපාලන අරමුණු සහිත විවිධ ව්‍යුහ වලට එකතුවීමට කැමැති නැත.  එම පිරිස සමීප කර නොගැනීම මෙන්ම රටට අත්‍යවශ්‍යම අවස්ථාවක සේවය වෙනුවෙන් පෙනී නොසිටීම ද සෑහෙන අවාසියකි.

පටු අරමුණු පැත්තකට කරමින්, කොවිඩ් -19 වසංගතය හා ලෝක තත්ත්වය හමුවේ මතුවිය හැකි ආර්ථීක ගැටළු කෙරෙහි කෙටිකාලීන, මධ්‍ය හා දීර්ඝ කාලීනව සලකා බලා සාවධාන ක්‍රියාත්මක විය හැකි මධ්‍යස්ථ පිරිසකගේ සේවය රටට උවමනා කර තිබේ.

එබැවින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමට මෙම පුනර්ජීවන බලකායට සම්පූර්ණ නිදහස තිබිය යුතු අතර යම් අවස්ථාවක දී ඒවා ක්‍රියාවට නැංවීම සඳහා ද පුළුල් අවකාශයක් නිර්මාණය කළ යුතු බව පාත්ෆයින්ඩර් පදනම සිය නිවේදනයේ දක්වයි.

- 355



අදහස් (10)

ආර්ථීක පුනර්ජීවන බලකායක් ඕනා

Krish Tuesday, 31 March 2020 03:56 PM

කාලෝචිත යෝජනාවක්....

:       128       210

රට වැසියා Tuesday, 31 March 2020 04:43 PM

මේ සඳහා ඉක්මනින් කල යුතුව ඇත්තේ රටේ දැනට තිබෙන කෘෂිකාර්මික යාන්ත්‍රණ කාර්යශිලිව සහ ඉතා ඉක්මනින් පන ගැන්වීමයි. වසංගත තත්වය මාස 3-6 ක් අතර කාලයක් පවතියහොත් රට තුල "සාගත" තත්වයක් සහ සමාජ අසහනයක් වර්ධනය විය හැක. රජයේ ව්‍යසන කලමනාකරණයේ සැලසුම් මොනවාදැයි රටට හෙලි කර රට ඊට පෙල ගැස්විය යුතුයි! දැනට එසේ සැලසුමක් තිබේ දැයි පැහැදිලි නැත! - අවම වශයෙන් රටේ දැනට තිබෙන ආහාර ප්‍රමාණය ගැන සමික්ෂණය කර එය රටට කොපමණ කාලයකට අවශ්‍යවේ ද, ඒ්වා පරිබෝජනය කරන්නේ කෙසේද, ජනතාව අතර සැපයෙන්නේ කෙසේද ආදි කරුණු ගැන අවධානය යොමු කර ඇත්දැයි රට වැසියෙකු වු මට දැනුමක් නැත.! මා දන්නා එකම දෙය මා ජිවත් වන පරිසරයේ අහාර හිඟයක් ආරම්භ වෙමින් ඇති බවයි!!!. එමෙන්ම වසංගතය පාලනය කිරිම සාර්ථක වුවත් ඒ හා ඇතිවන අනිත් ගැටලුවලට රටේ නායකත්වය අවධානය යොමු කර නැති බව පැහැදිලිය. අප විවිධ ව්‍යසනයන්ට මුහුණ දි ඇතිමුත් වසංගත ආකාරයේ ව්‍යසනයකට මුහුන දෙන ප්‍රතම වතාව වන අතර, සාගතයක් යනු කුමක් දැයි අපේ රට දන්නෙ නැත!!! - එම නිසා දැනට ඇති සැලසුම් වලට "අනාගතය" යන නිර්නායකය/අරමුන එක් කර ගන්නැයි රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටිමි.

:       16       154

oba Tuesday, 31 March 2020 09:56 PM

පහුගිය කාලේ මේගොල්ල කොහෙද හිටියේ...? නින්දෙන් අවදිවෙලා උපදෙස් මාලාවක් අරන් ඇවිත් වගේ. දේශීය කර්මාන්ත අකර්මන්‍ය කරලා ආනයන ප්‍රවර්ධනය කලඑකේ ප්‍රථිපල දැන් තමයි ලැබෙන්නේ.

:       0       26

pawan Wednesday, 01 April 2020 02:28 AM

මෙම අවස්ථාවේදී ප්‍රමුකත්වය දිය යුත්තේ රෝගය පාලනය හා වලක්වා ගැනීමයි. දෙවැන්න අති මහත් ජනතාව ට දිනකට එක් වේලක් හෝ කා බඩගින්නේ නොමරිමට ක්‍රමවේදයක් ගොඩනගන අතරම ජනතාවගේ බිඳවැටී ඇති මානසික තත්වය හා අවපිඩනය සමනය වන වැඩසටහන් මනෝ චිකිත්සකයන් ආගමික පුජකවරුන් සම්බන්ද කරගනිමින් මාද්‍ය හරහා ක්‍රියාත්මක කල යුතුය .

:       0       1

anuraTuesday, 07 April 2020 04:58 AM

මේ වැඩ වලට ආගම් ගාව ගන්න අවශ්‍ය නැහැ. පමණ ඉක්මවා ඒවාට බර උනහම ජනතාව අන්ධ වෙනවා.

:       1       8

thiththa aththa Wednesday, 01 April 2020 05:49 AM

අවුලක් නැහැ එකට බසිල්වයි, බන්දුලවයි ඕනිම නම් විමලයත් එක්ක... පී බී ජයසුන්දරව දැම්මහම හරි. තව ඕනි නම් රවී යවයි මන්ගලවයි ගන්න... හැබැයි මුන් තනියෙන් නාගන්න නිසා එහෙම වෙන්නේ නැහැ.

:       1       3

Kmal Koyrala Thursday, 02 April 2020 06:30 PM

දේශීය බුද්ධි පර්යේෂණ මොකටද? පොහොට්ටුවේ ආර්ථික විද්‍යා චක්‍රවර්ති විසින් කරනු ලැබූ ආර්ථික පර්යේෂණ මගින් නිගමනයන්ට එළඹිලා තියෙන්නේ... 2500 මාසයක් කන්න පුළුවන්

:       1       0

Wasantha Saturday, 04 April 2020 12:48 PM

මේක කියවද්දි හිතෙන්නේ මේක හරි නියම යෝජනාවක් කියල. මේ කියන අය අපිටවත් රටට වත් ආදරේ අය නෙවේ. මෙයාල ගැන හොයල බලන්න...

:       0       1

ධම්ම Tuesday, 07 April 2020 04:00 PM

එන් ජී ඕ නම් තවත් එපා.

:       0       3

Wasantha Wednesday, 08 April 2020 04:38 PM

මෙයාල NGO වලට වඩා දරුණු අය. ජනාධිපතිතුමාට තේරුනොත් ජාතියේ වාසනාව....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site