X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ආසන ගණනට මගීන් ගෙනයන යෝජනාව කාලෝචිතයි

ලංගම සහ පෞද්ගලික බස්රථවල සහ දුම්රියේ ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයාම ඉදිරියේදී නීතියක් බවට පත්කර ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහනය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ. එය ඉතාම හොඳ අදහසක් බවත් එවැනි කිසියම් විනයකට යටත් පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳව අසන්නට ලැබීම පවා භාග්‍යයක් බවත් පැවසීමට අපි නොපැකිළෙමු. එවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඉදිරියට එන සියලු‍ බාධා ජයගැනීමට ඇමැතිවරයාට ශක්තිය සහ ධෛර්යය ලැබිය යුතු බවත් ප්‍රකාශ කරමු.

ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යන පොදු ප්‍රවාහන සේවයක් පිළිබඳව අප සියලු‍ දෙනා තුළ පවතින්නේ සිහිනයක් පමණි. එවැනි සේවයක් මේ රටේ ජනතාව දැක ඇත්නම් ඒ නගරාන්තර දුම්රිය සහ බස් සේවාවලදී පමණි. මේ දෙවර්ගයම සැලකෙන්නේ සුඛෝපභෝගී මට්ටමෙනි. එසේ වුවත් ඇතැම් අවස්ථාවලදී සුඛෝපභෝගී බස් රථ පවා සිටගෙන යාමට මගීන් පටවාගනු අපි දැක ඇත්තෙමු. එසේ වුවද සාමාන්‍ය මහජනතාව ගමන් ගන්නා බස් සහ දුම්රිය නම් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් පටවාගෙන යනු දැකිය හැක්කේ ඉතාම කලාතුරකිනි. එයද නීතියක් නිසා නොව මගීන් නොසිටින අවස්ථාවක් වීමේ හේතුවෙනි. එසේ නොමැති නම් අප සාමාන්‍යයෙන් දකින්නේ පාපුවරුවල පවා එල්ලීගෙන අධික ලෙස තෙරපෙමින් බස් සහ දුම්රියවලින් ගමන් ගන්නා පිරිසකි. ඔවුන්ට අනුව නම් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් පටවා ගැනීම මැජික් එකක් පමණි.

මේ ආකාරයේ ආසන ගණනට මගීන් ගෙන යන බස් සහ දුම්රිය සේවා මැජික් එකක් බවට පත්වී ඇත්තේ මේ තරම් කාලයක් මගී ජනතාව විඳින දුක පිළිබඳ අදාළ මැති ඇමැතිවරුන් ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකිරීම හේතුවෙනි. අමරවීර අමාත්‍යවරයාගේම වචනවලින් සඳහන් කළොත් මෙරට ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙන්ම දුම්රියවලද මගී ජනතාව වෙනුවෙන් ප්‍රමුඛ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නැත. එසේම ඒවායේ මුදල් ගෙවා ගමන් ගන්නා මගීන්ද තමන්ගේ අයිතිවාසිකම් ගැන නොදන්නා බවද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මගී අයිතිවාසිකම් සුරැකෙන මගී ප්‍රවාහන ක්‍රමයක් ඇතිකරන ලෙසට උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව කටයුතු කිරීමට පියවර ගණනාවක් ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ අදහස පියවරින් පියවර හෝ ක්‍රියාත්මක කිරීම මෙරට පොදු ප්‍රවාහන සේවාවේ විශාල ඉදිරි පිම්මක් වනු ඇති බව සඳහන් කරමු. ලොරි චැසිවලට සවිකරන ලද බස් වෙනුවට සුරක්ෂිත බස්රථ ගෙන්වා ප්‍රවාහනයට එකතු කිරීමට ගෙන ඇති තීරණයද පොදු ප්‍රවාහනය දිනපතාම ඇසුරු කරන මහජනතාවගේ මහත් ආස්වාදයට හේතුවනු ඇත. එය නිසැකවම මගී ජනතාව තුළ පොදු ප්‍රවාහනය පිළිබඳ විශ්වාසය ඉහළ නංවන ධනාත්මක නැඹුරුවකි.

බස් සහ දුම්රිය සේවය ගුණාත්මක ලෙස වර්ධනය කිරීමේදී මගී ජනතාව වෙතද සුවිශේෂ වගකීමක් පැවරෙයි. එම වගකීම වන්නේ පොදු ප්‍රවාහන සේවා පරිහරණයේදී විශේෂයෙන් බස් සහ දුම්රියවලට ගොඩවීමේදී විනය රැකගැනීමත් බස් සහ දුම්රිය ආරක්ෂා කර ගැනීමත්ය.

හරිහැටි සැලකුවොත් කොරෝනා රෝගයේ බලපෑම් විසින් අපේ රට ඇතුළු සෙසු ලෝකය පුරාම ජනතාවගේ සිතුම් පැතුම් තුළ ප්‍රබල වෙනස්කම් ඇති කර තිබේ. ආසියානු රටවල දකින්නට නොහැකි බාහිර සමාජයේ හැසිරීම්වල විනයගරුක භාවය කොරෝනාව මර්දනය සඳහා යොදවාගනු ලබන සමාජ දුරස්ථභාවය තුළින් ඇතිකර ගැනීමට හැකියාව ලැබී තිබේ. අපේ රටේ බස්නැවතුම්පොළවල දුම්රිය ස්ථානවල පමණක් නොව ෆාමසි සහ සුපර් මාර්කට් ඉදිරිපිට පවා දුරස්ථභාවය රැකගනිමින් විනයගරුකව හැසිරුණු ජනතාවක් අපට දැකගත හැකිවූයේ කොරෝනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. එකී විනයගරුක බව බාහිර සමාජය තුළ කටයුතු කිරීමේදී දිගටම රැකගත හැකි නම් එය රටේ ඉදිරි ගමනට පවා රුකුලක් වනු ඇත. කොරෝනාව තුරන් වූ කාලයක එය ඉතා ඵලදායී ලෙස රටේ සංවර්ධනයට පවා අදාළ කරගත හැකිවනු ඇත.

කෙසේ වුවද ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යන බස් සහ දුම්රිය සේවා සැපයීම එකවර කළ හැක්කක් නොවේ.  ඒ වෙනුවෙන් දැරිය යුතු විශාල පිරිවැයක්ද වෙයි. මූලික වශයෙන් අලු‍ත් බස් රථ සපයාගත යුතුය.

පොදු ගමනාගමන සේවා දුර්වලව පවතින රටක සංවර්ධනය පිළිබඳ පම්පෝරි ගැසීමෙන් පලක් නැත. ඇත්තවශයෙන්ම රටක සංවර්ධනයේ සාර්ථකත්වය මැන බැලෙන ප්‍රධාන සාධකයක් වන්නේ එරට තුළ පවතින පෞද්ගලික වාහන සංඛ්‍යාව නොව පොදු ප්‍රවාහන සේවාවල උසස් බවයි. රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවා නම් එයින් ගම්‍ය වන්නේ එරට සංවර්ධනයෙන් ඉහළ මට්ටමක සිටින බවය. අපටද අවශ්‍ය වන්නේ එවැනි රටකි.

 



අදහස් (16)

ආසන ගණනට මගීන් ගෙනයන යෝජනාව කාලෝචිතයි

Chami Thursday, 04 June 2020 07:32 AM

හොඳ යෝජනාවක්, විනයගරුක සේවක් කරන්න ඕන​, සමහර අය මගීන්ට සලකන්නේ සතුන්ට වගේ. දැන් අලුත් නීති, අලුත් ක්‍රම එන්න ඕන .​.

:       0       107

දිසානායක Thursday, 04 June 2020 09:40 AM

ඡන්දය ළං වුණාම පමණක් වටිනා අදහස් ඉදිරිපත් කරනවා. ඡන්දය ඉවර වුණාම පරණ විදිහමයි. අපිත් අවුරුදු 71ක් කතන්දර අහනවා පමණයි.

:       121       34

de silva Thursday, 04 June 2020 08:46 AM

හොඳ අදහසක්..., නමුත් ලෝක වෙළඳපලේ අඩුවෙලා තිබෙන තෙල් මිලේ සහනය පොදු ප්‍රවාහන සේවාවලටවත් ලබලා දෙන්න..

:       38       52

BamunuarachchiThursday, 04 June 2020 12:10 PM

දැන්ම බැහැ...

:       63       52

විකුම්සිහThursday, 04 June 2020 01:52 PM

තෙල් මිල අඩු වීමේ වාසිය කවදාවත් පොදු ජනතාවට ලැබිලා නැහැ . ඒ නිසා දැනට පවතින තෙල් මිල මේ අර්බුදකාරී අවස්තාවේ වෙනස් නොවිය යුතුයි. විපක්ෂය මිස ජනතාව ඒ වෙනුවෙන් හඩක් නගන්නේ නැත.... රජය එය මනාව කළමනාකරණය කර ගනු ඇතැයි ජනතාවගේ විශ්වාසය .

:       1       7

BamunuarachchiFriday, 05 June 2020 02:16 AM

තෙල්මිල අඩු කිරීමේ වාසිය සමස්ත ජනතාවට ලැබෙන්නේ නැත. තෙල් මිල එසේම තියාගෙන ඒ ලබන ලාභයෙන්, සමස්ත ජනතාවට බර නොදී, රජයේ පිරිවැය පියවා ගන්නවා නම් එය වටිනවා. එයයි දැනට කෙරෙන්නේ...

:       32       4

Lakmal - Ginigathhena Thursday, 04 June 2020 09:06 AM

මෙය යතාර්ථයක් වීමට නම් බස්රථ ප්‍රමාණය වැඩිකළ යුතුයි. නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ප්‍රායෝගිකව බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙයි. නමුත් කෙසේ හෝ රටේ ඉදිරි ගමන වෙනුවෙන් මෙය සාර්ථක කර ගැනීම කාළෝචිත වේ.

:       0       10

Kamal Thursday, 04 June 2020 09:18 AM

යෝජනා නම් කීයක් ගෙනාවද? තාම බස්වල කන් පැලෙන කැසට් සද්දෙ නවත්වන්න බැරි වුණා. සෙමි ලක්ෂරි කියන ප්‍රෝඩාව නවත්වන්න බැරි වුණා.

:       0       37

duminda Thursday, 04 June 2020 09:36 AM

ලංකාවට ගැලපෙන්නේ නෑ. මොකද වැඩිවන බස් ප්‍රමාණයට මාර්ග ප්‍රමාණවත් නෑ. අනික ලංකාවේ පදිංචි කලාප කේන්ද්‍ර වෙලා නෑ. මිනිස්සු හිතුණු තැන්වල ගෙවල් හදන් ඉන්නේ.. එතකොට විශාල බස් ප්‍රමාණයක් යොදවන්න වෙනවා.. වෙන්න ඕනි. එදිනෙදා කටයුතු වෙනුවෙන් අනවශ්‍ය විදිහට ගමන් යන්න වෙන එක නවත්වන්න. මේ වෙලාව තමයි හොඳම වෙලාව... සියලුම රාජ්‍ය සේවා විමධ්‍යගත ගත කරලා, ළඟම පාසල අනිවාර්ය කරලා ආර්ථික යාන්ත්‍රණයට අවශ්‍ය අය විතරක් එළියට ගන්න ඕනෑ...

:       32       16

Indhika Thursday, 04 June 2020 10:22 AM

ලෝකේ වෙන මොන රටේද එහෙම කරන්නේ? සීට් ගානට මිනිස්සු ගන්නේ හයි වේ බස් වලට විතරයි. අනිත් බස් වලට එහෙම නැහැ.

:       1       111

de silva Thursday, 04 June 2020 10:26 AM

රාජ්‍ය සේවය විමධ්‍යගත කරනවා කියන එක ප්‍රේමදාසගේ කලේ ඉඳන් කියනවා. මහින්ද මහත්මයාගේ කාලේ කෝටිගණන් වියදම් කරලා රජයේ ආයතන සදහා පළාත්බදව ගොඩනැගිලි සංකීර්ණ පවා හැදුවා. නමුත් තවමත් ජාතික හැදුනුම්පත ගන්නත් , විදේශ ගමන් බලපත්‍රයක් වෙන වෙන අවශ්‍යතා ඉටු කරගන්නත් කොළඹ යන්න ඕනේ... ගාල්ල, මාතර ඉඳන් කොළඹ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් දිනපතා පොදුප්‍රවාහන සේවාවලින් ගමන් කරනවා. විවධ සේවා ඉටු කරගන්න ජනතාවත් ගාල්ල මාතර ඉඳන් කොළඹ යනවා. මේවා පළාත්බදව කරන්න බැරි මොකද?

:       0       19

Bamunuarachchi Thursday, 04 June 2020 12:08 PM

කාලෝචිතද කියලා අහනවා? හිටගෙන යන පෝලිම් 3යි, ඒ අතරින් කොන්දොස්තරට යන්නත් ඉඩදෙන්න ඕනේ.

:       0       3

Bamunuarachchi Thursday, 04 June 2020 12:09 PM

ලංගමය නගා සිටවමු...

:       12       1

Maduranga Thursday, 04 June 2020 02:33 PM

ඊට කලින් බස් එකක් දෙකක් තියෙන පාරවල් වලට බස් දැම්මොත් නරකද?

:       0       11

Rohana Friday, 05 June 2020 06:32 AM

මගී ඉල්ලුමට ප්‍රමාණවත් බස්රථ සංඛ්‍යාවක් නොමැතිකම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මෙම අදහස ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලුවක් වියහැකියි.

:       0       1

BamunuarachchiFriday, 05 June 2020 06:54 AM

මගී ඉල්ලුමට ප්‍රමාණවත් බස්රථ සංඛ්‍යාවක් මාර්ගයට දමන්න ඉඩ නොදෙන්නේ බස් හිමියන් හේතුව ඔවුනට ලාභය නැතිවෙන නිසා. බස් පර්මිට් එකක් ගන්න කොපමණ මුදලක් යනවා කියලද හිතන්නේ? එම මුදල රජයට යන්නේ නැත.

:       33       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site