X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ඇදිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථිකයට එළවළු කිලෝ ලක්ෂ 50 ක්

(කාංචන කුමාර ආරියදාස)

ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(04)  දීන  විශාල එළවළු තොග ප්‍රමාණයක් ලැබී තිබිණි .
 
දඹුල්ල ප්‍රධාන මාර්ග රැසකම  එළවළු රැගත් වාහන දිගු පෝලිම් දැකගැනීමට හැකි විය.
 
එළවළු කිලෝ ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇති බව ද ව්‍යාපාරිකයෝ පවසති.
 
ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද මධ්‍යස්ත මිල ගණන් පැවති බව වෙළෙන්දෝ කියති .
 
ඇඳිරිනීතිය අවසන්වීමත් සමඟ  වීවිධ ගමන් බිමන් යෑම සඳහා පැමිණි ජනතාව පොදු ප්‍රවාහන සේවාවන් නොමැති නිසා නගරයේ තැන තැන විශාල වශයෙන් රැස්ව සිටින අයුරුද දැක ගැනීමට හැකි විය.
 
දඹුල්ල නගරයේ සෑම කෘෂි රසායන අලෙවි සැලකම දේශීය ලොකු ලූනු බීජ මිලදී ගැනීම සහ පොහොර මිලදී ගැනීම සඳහා දිගු පෝළිම් දැකගැනීමට හැකිවිය .
 
බොහෝ දෙනා කියා සිටියේ දේශීය ලොකු ලූනු බීජ සහ පොහොර නොමැති බවයි.
 
මීට අමතරව දඹුල්ල නගරයේ වෙසක් කූඩු වෙසක් සැරසිලි අලෙවි කිරීම සඳහා තබා තිබෙන අයුරු ද දැක ගැනීමට හැකි විය.

 


 



අදහස් (5)

ඇදිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථිකයට එළවළු කිලෝ ලක්ෂ 50 ක්

Pradeep Monday, 04 May 2020 05:42 AM

මේ දිනවල රටේ ඇති අතිරික්ත එළවලු ටික මාලදිවයිනට එවන්න ක්‍රමවේදයක් හදන්න. මේ දිනවල මාලදිවයිනේ හැම එළවළුවකම මිල ලංකා මුදලින් රු. දහසක් පමණ වෙනවා. ඇතැම් ඒවා ඊටත් වැඩියි. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ක්‍රියාත්මකයි.

:       0       81

rana Monday, 04 May 2020 06:08 AM

නියම අදහස , ගොවීන්ට ත් හොඳ අදායමක් ලබන්න ඇහැකි, අපේ දේශපාලුවෝ අත දාල අහවර කොරයි, සම්තින් නැත්නම්.

:       0       42

Sumith Monday, 04 May 2020 08:54 AM

බණ්ඩාරවෙල නම් තොග එළවළු මිල අඩුයි... හැම එළවළුවකම රුපියල් 50, 100 අතර...

:       0       4

tdr Monday, 04 May 2020 09:32 AM

ඔය කොයිතරම් එළවලු ආවත් කොළඹට නම් එකක්වත් නෑ.. මිළගණන් වල අඩුවකුත් නෑ...

:       0       4

lalithm Monday, 04 May 2020 04:31 PM

නිකම් දුන්නත් කමක් නැහැ විසි කරන්නේ නැතිව. එහෙම යෝජනාවක් කරපු ප්‍රදීප් ට පින් දෙන්න ඕනේ. මේවට තමා ජනපති කාර්ය සාධක බලකායේ මැදිහත් වීම ඕනේ. නැතිනම් කරන්න බැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site