2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 3000ක් යළි ලංකාවට පැමිණ ඇතැයි තමිල්නාඩු රජය අද ප‍්‍රකාශ කළ බව ඉන්දීයාවේ ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය වාර්තා කළේය.
තමිල්නාඩු මහ ඇමති කේ.පලනිස්වාමි විසින් ලාංකික සරණාගතයින් පිළිබඳ වාර්තාවක් අද තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ සභාගත කරමින් මේ බව සඳහන් කරනු ලැබ ඇත.
මෙයින් වැඩිම පිරිසක් යළි ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් වසරේදී වන අතර එම වසරේදී ලාංකික සරණාගතයින් 1520 ක් යළි දිවයිනට පැමිණ ඇතැයි තමිල්නාඩු රජය කියා සිටී. තවද මේ වසරේ මුල සිට පසුගිය මැයි මාසය දක්වා කාලය තුළ තවත් ලාංකිකයින් 577 දෙනෙකු ලංකාවට පැමිණි බවද සභාගත කෙරුණු ලාංකික සරණාගතයින් පිළිබඳ වාර්තාවේ දක්වා ඇත.
සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම ලාංකිකයින් යළි මව්රටට පැමිණි තිබේ.
1984 වසරේ සිට 2009 දක්වා ශ්‍රී ලාංකාවේ පැවති යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකික සරණාගතයින් ලක්ෂ තුනකට වැඩි පිරිසක් තමිල්නාඩුවට පලා ගිය අතර මින් බහුතරයක්ම උතුරේ සහ නැගෙනහිර පළාත් හි පදිංචිකරුවෝ වෙති.
මේ වන විට ඉන් ලාංකික සරණාගතයින් 61 ,422 ක් තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 107 ක රැඳී සිටිති. එසේම තවත් ලාංකිකයින් 35,316 කඳවුරු වලින් පිටත ජීවත් වන බවද තමිල්නාඩු රජය කියා සිටී.
125
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවට පැන්න 3000ක් යළි දිවයිනට ඇවිත්
Bamunuarachchi Saturday, 07 July 2018 10:25 AM
අනේ පව් අපිත් ඔය තත්ත්වයට වැටිලා හිතමු.