(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය බත්තලගුංඩුව දූපත ආසන්න සයුරේ, පසු ගිය සතිය පුරා ඉන්දියන් ධීවර යාත්‍රා සමූහ වශයෙන් පැමිණ කල්පිටිය ධීවරයින්ගේ ලක්ෂ ගණනාවක් වටිනා ධීවර දැල් විනාශ කරමින්, ධීවර කටයුතුවල නිරත වී ,පලා ගිය බවට ධීවර ජනතාව චෝදනා නගති.
ආසන්නතම ඉන්දියන් ධීවර ආක්‍රමණයට අද (10 ) , මුහුණදුන් බත්තලංගුංඩුවේ සංක්‍රමණික ධීවරයෙකු වූ තලවිල වර්ණකුළසූරිය ලලිත් ප්‍රසන්න සඳහන් කළේය.
බත්තලගුන්ඩුවේ සිට කිලෝ මීටර දහයක් දුරින් එළා තිබූ තම මඩු සහ කට්ට දැල් මතින්, ඉන්දියන් ධීවර යාත්‍ර ගමන් ගැනීම නිසා, රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා තම දැල් විනාශ වූ බවයි.
අඩි හැටක් පමණ දිග මෙම ඉන්දියන් ධීවර යාත්‍රා, 50, 60 යාත්‍රා සමූහ වශයෙන් පැමිණෙන බවත්, ඉකුත් සතිය පුරාම කල්පිටි මුහුදේ මෙවැනි යාත්‍රා සමූහ මගින් කල්පිටිය ධීරයන්ගේ දැල් වලට විශාල හාණියක් සිදු කළ බැව් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.
එම හානින්ට මුහුණදුන් ධීවරයින් අතුරින් කිහිප දෙනෙකු පමණක් මේ වනවිට බත්තංගුංඩුවපොලිසියේ,විජය නාවුක හමුදාවේ සහ පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පැමිණිලිකර ඇති බවත් ඒ මහතා පැවසුවේ ය.
මේ පිළිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ,පුත්තලම කාර්‍යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා සඳහන් කළේ "ඉකුත් සති කිහිපය තුළ ඉන්දියන් ආක්‍රමණ ඉහළගොස් තිබෙනවා. ධීවර පැමිණිලි ගණනාවක් ලැබී තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් ඉතා මෑත අපෙ දේශසීමාවට පැමිණීමයි.ඉන්දීය ධීවර විනාශකාරී පන්න ක්‍රමයන් නිසා,අපෙ මුහුදු පතුලට හාණි වෙනවා. අපෙ මත්ස්‍ය ප්‍රජාව විනාශ වෙනවා."
මේ අතර, ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් දන ගත් හැකි වූ යේ,කල්පිටිය සයුර ආශ්‍රිතව ඉන්දියන් ධීවරයින් අවසන් වරට අත් අඩංගුවට ගෙන ඇත්තේ, පසු ගිය 2015 වසරේ බව ය.ඉන් පසු ඉන්දියන් ධීවරයින් අත් අඩංගුවට ගැනීමේ කිසිදු මෙහෙයුමක, ක්‍රියාත්මකව නැති බවත් වාර්තා වේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දීය ධීවරයින් බත්තලගුංඩුව දූපත් ධීවරයින්ගේ ධීවර ආම්පන්න විනාශ කරලා