X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


උතුරට එන්නැයි විග්නේෂ්වරන්ගෙන් රංජන්ට ආරාධනාවක්

(එෆ්.අස්ලම්)
 
තමා පුනරුත්තාපනය කළ යුතුද යන්න තීරණය කිරීමට පෙරාතුව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා උතුරට පැමිණ සැබෑ තත්ත්වය සොයා බැලිය යුතු බවත්, පුනරුත්තාපනය කළයුත්තේ කාවද යන්න එවිට ජනතාව   පවසනු ඇති බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන්කළේය.
 
විග්නේෂ්වරන් , සිවාජිලිංගම්,විජයකලා යන අය විශ්වමඩු කදවුරට යවා පුනරුත්තාපනය කළයුතු  බවට රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් මහ ඇමතිවරයා මේ බව සඳහන් කළේය.   
 
‘‘මම සිංහල චිත්‍රපට සා සම්බන්ධ බොහෝ අය ආශ්‍රය කරපු කෙනෙක්.රංජන් මම ඒ පැත්තෙන් හඳුනන්නෙ නැහැ.එහෙත් ඔහු භාවාත්මක චරිතයක් කියල මම දන්නවා.මම කතා කරන කියන දේවල් ගැන පුවත්පත් වලින් දැකලා විවේචනය කරනවා.
 
මං ආසයි රංජන්  මේව සියැසින් දැකල ඇත්ත තේරුම් අරන්ම  ඒ ගැන කතා කරනවා නම්. අපව පුනරුත්තාපනය කළ යුතුයිද නැතිද කියල තීරණය කරන්නට රංජන් රාමනායක අමාත්‍යවරයට උතුරට පැමිණෙන්න කියා ගෞරවයෙන් සහ මහත් ආදරයෙන් ඇරයුම් කර සිටිනවා.
 
අපගේ ජනතාවට නිසි ආරක්ෂාවක් නැහැ. අපට බලතල නැහැ.අපගේ අදහස් වලට දකුණෙන් ඉඩක් නැහැ.අපට ගෞරවයක් නැහැ.අපව ප්‍රතික්ෂේප කරනවා.අපගේ අවශ්‍යතා ඉටුකරලන්න රංජන් අමාත්‍යවරයා මූලිකත්වය ගත යුතුයි.අපට නැති දේවල් ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන් ඉටුකරල දුන්නොත් අපත් ඔහු කෙරෙහි ආදරය සහ ගෞරවය දක්වනවා. උතුරේ වත්මන්   තත්වය  ඇවිත් බලල යන්න කියල මම නැවතත් රංජන් රාමනායකට ඇරයුම් කර සිටිනවා.
 
 
උතුරට ඇවිත් හමුදාවෙන් හෝ පොලිසියෙන් හෝ තම පාක්ෂිකයින්ගෙන් තත්වය ගැන අහල වැඩක් නැහැ.මහජනතාවගෙන් ඔවුන් සිටින තත්වය ගැන අහන්න ඕනෑ.එවිට ඔවුන් පවසයි කාවද පුනරුත්තාපනය කළ යුත්තේ කියලා.‘‘
 



අදහස් (26)

උතුරට එන්නැයි විග්නේෂ්වරන්ගෙන් රංජන්ට ආරාධනාවක්

rama Sunday, 08 July 2018 12:20 PM

අපට දැන ගන්න ඕනෑ එයාලට නැති අපට තියෙන දේවල් මොනවද කියලා තාම?

:       9       505

V.warnakulasuriyaSunday, 08 July 2018 09:13 PM

ඒගොල්ලන්ට තියෙන්නේ එකවර්ගයක අං .අපිට තියෙන්නේ ඊට වෙනස් අං වර්ගයක්. ඒකනේ නිතරම පටලගන්නේ.ඒ වුනාට දෙගොල්ලම බුදින්නේ එකම රටේ තණකොල බව නොදනි.

:       0       87

ධනුෂ්කMonday, 09 July 2018 07:31 AM

මෙතුමා හිතාගෙන ඉන්නේ උතුරේ ඉන්න එයාලට විතරයි මේ ගැටළු කියලා. ඔබතුමා දකුණේ ටිකක් කරක්ගහලා බැලුවා නම් තේරෙයි උතුර හොඳයි කියලා. දකුණත් දැන් පාතාලය, කුඩු, අපචාර... කොටින්ම කිව්වොත් තිරිසන් සමාජයක් බිහිවෙලා තියෙන්නේ... ඔබතුමා පුළුවන්නම් උතුරේ දකුණු ඉන්දියානු සිනමා පට බලන එක නවත්වන විදියක් බලන්න. එතකොට ටිකක් හරියයි. මොකද උතුරේ ජනතාව හිතාගෙන ඉන්නේ... එ්වා තමා සැබෑ ජීවිතය කියලා...

:       0       36

rohana Sunday, 08 July 2018 12:56 PM

මට පේන විදියට පට්ට කොටියෙක්... මෙයාව පුනරුත්තාපනය නෙවෙයි කකුල් දෙකෙන් අල්ලලා හිරේ දාන්න ඕනෑ.

:       3       318

sirimal Sunday, 08 July 2018 01:13 PM

උතුරට එන්න කියලා ලබාදුන්නු දුරකථන ඇමතුම පටිගත කලේ නැද්ද රන්ජන් මහත්තයෝ?

:       166       136

sampath Sunday, 08 July 2018 01:21 PM

දෙමළ ජනතාවට උතුරු වසන්තය හරහා වෙමින් තිබුණු සංවර්ධනයනේ නැති කරගත්තේ. දැන් ඉතින් හූල්ලනවා.

:       303       211

Esala Sunday, 08 July 2018 02:07 PM

නළුවන්ට එන්න කියලා ආරාධනා කරලා වැඩක් නැහැ. අපිට වැඩිය හොඳට ද්‍රවිඩයන් දැන් ලංකාවේ හැමතැනම ජීවත් වෙනවා, අග නගරයේ ඉන්න 90% ද්‍රවිඩ මිනුස්සු කෝටිපතියෝ. උතුරු පළාතේ එදා හිටපු මුස්ලිම් සහ සිංහල මිනිස්සු අද කෝ? මේ ලංකාව අයිති ශ්‍රී ලාංකිකයන්ට මිසක් උතුර විතරක් ද්‍රවිඩ ජනතාවට පමණක් නොවෙයි. ඒ මුස්ලිම්, සිංහල මිනිසුන්ට වුනේ මොනවද? ඒ ගැන කතා කරන්නේ නැහැ නේද.? උතුර මේ තත්වයට සිංහලයින් පත් කළාද? තමුන්ගේම ද්‍රවිඩ ජාතිකයින් සහ තමුන් වගේ දේශපාලකයින් විසින්ම නේද? දැන්වත් තේරෙනවද වෙනස...?

:       1       534

RNG Sunday, 08 July 2018 02:08 PM

මොනවද මෙයාලා මේ මෙච්චරටම ඉල්ලන දේවල් ..? කොටි සංවිධානය මර්ධනය කරලා මරබියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්කම හදලා දීලා තියෙද්දිත් තව මොනවද මෙයාලට විතරක් මේ දෙන්න කියන්නේ..?එහෙනම් ඉතින් රටේ අනිත් ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ටත් කොච්චර ප්‍රශ්න තියෙනවද..?

:       4       378

Buddika Sunday, 08 July 2018 02:29 PM

මේ කෙනා උසාවියේදී දීපු තීරණ සාධාරණද? යුක්තිසහගතද? නීතියට අනුකූලද? නැවත සොයාබලන්න. සිංහල මිනිස්සු අතර ඉපදිලා ජීවත්වෙලා කොටින්ම කඩේ යනවා. මේ අය මහ වැඩක් නැති මිනිස්සු....

:       1       163

PereraSunday, 08 July 2018 07:24 PM

බුද්ධික, මෙතුමා පහලම අධිකරණෙ ඉඳල රටේ ඉහලම අධිකරණයට උසස්වීම් ලබාගෙන පැමිණි කෙනෙක්. මම නීතිඥවරයෙක් ලෙස මෙතුමා මූලාසනය දරපු අධිකරණ වල සිංහල දෙමල මුස්ලිම් මිනිස්සුන් වෙනුවෙන් පෙනී සිටි අයෙක්. ඒ කිසිවිටෙකත් මෙතුමා කිසියම් ජාතියකට පක්ෂපාතිව කටයුතු කරලා නැහැ.ඔබ කරුණු දන්නේ නැතුව ජනමාද්යතුලින් ප්‍රශ්න ඇතිකරන්න එපා. මෙතුමා කරපු ලොකුම වැරැද්ද තමය් උපරිමාධිකරණයෙන් විශ්‍රාම ලබාගෙන දේශපාලනයට අවතීර්ණය වීම.

:       30       29

EsalaMonday, 09 July 2018 09:34 AM

ඕක තමයි රජයේ උසස් තත්වයෙන් රාජකාරි කරන් ඉඳලා විශ්‍රාම ගිහින් දේශපාලන වැඩේට ගියාම වෙන්නේ... උදාහරණයකට පේනවනේ හිටපු හමුදාපතිට වෙලා තියන දේ.

:       0       6

යමුනා Sunday, 08 July 2018 04:01 PM

යන්න එපා රන්ජන්, ඔය කොටියා ඔබට හානි කරන්න පුළුවන්...

:       2       133

BamunuarachchiMonday, 09 July 2018 12:00 AM

රන්ජන් ඔබව කැඳවාගෙන යන්න හදන්නේ ද්‍රවිඩ රාජ්‍යකටද? යන්න එපා අයියා යන්න එපා.

:       8       7

සතයපාල Sunday, 08 July 2018 04:02 PM

උතුරේ තිබෙන තත්වය කුමක් වූවත් එය වෙනස් කරන්න නැවත ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ග වලින් හැකිවේයැයි සිතීම මුලාවකි. ඒ වගේම ඉන්දියාව හා බටහිර රටවල් හරහා එය කර ගැනීමට නොහැකීවී ඇත්තේද ඔවුන් උතුර, නැගෙනහිර සංවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා නොදෙන බැවින්ය. ඒ නිසා අනිවාර්ය හා එකම සාධකය වන්නේ බහුතරය වන සිංහල ජනතාවගේ හොඳ හිත හා ආශිර්වාදය ලබාගෙන තම ප්‍රදේශවල ඇති ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම වන අතර වසර තිහක කුරීරු යුද්ධයේ වැඩිම වගකීම දෙමළ ජනතාව නියෝජනය කළ දේශපාලනය බාර ගතයුතු බවට මතක් කරදෙමු.

:       1       313

Bamunuarachchi Sunday, 08 July 2018 04:05 PM

හලෝ විග්නේශ්වරන් උතුරට ආරක්ෂාව දෙන්නේ කොහොමද? හමුදා කඳවුරු ඉවත් කළාම... කේක් එකතියා ගන්නත් ඕනේ කේක් කන්නත් ඕනේ නේද?

:       57       256

Bamunuarachchi Sunday, 08 July 2018 04:08 PM

මෙයාව හදන්න පුනරුත්ථාපනය කරලා බැහැ... හෙට්ටිවීදියට යවලා මකවලා හූරලා තවකෙනෙක් හැදුවොත් තමයි.

:       60       349

V.warnakulasuriyaSunday, 08 July 2018 08:59 PM

අපෙත් හදන්න බැරි පට්ට හොරු තොගයක්ම ඉන්නවා බමුණුආරච්චි මහත්තයෝ. බැරිද ඒ තොගයත් ඔය ගමන්ම හෙට්ටිවීදියට යවන්න. හැබැයි සුරුවන් වගේ ඒවා නම් එපා.මොකද අපේ අයගේ හැටි දන්නවානේ.

:       7       2

සෙනෙවි Sunday, 08 July 2018 04:35 PM

මං මේ කල්පනා කරන්නෙ මොහු අහපු නඩු වල මොන විදියෙ තීන්දු තිබුණද කියල

:       0       23

ජයන්ත මිලානෝ Sunday, 08 July 2018 05:28 PM

ඒ මහත්තයගෙ ප්‍රකාශයට කවුරුත් ප්‍රකෝපවෙලා.හෙමකෙනෙකුටම අපි ගෞරව කල යුතුයි .එතුමාගෙ ගෞරවාන්විත ආරාධනය රන්ජන් මහත්තයා පිලිගනිය් කියලය් මගේ අදහස.

:       14       11

Atukorala Sunday, 08 July 2018 07:15 PM

සිංහල මිනිස්සු නැවත උතුරේ පදිංචි කල යුතුයි. ශ්‍රී ලංකාව තුල වෙනම ජනවර්ගයක් සිටිය නොහැකියි, ලංකාවේ මවු බස කතා නොකළ හැකි. මෙම ප්‍රශ්නයට ස්ථාවර විසදුම වන්නේ දෙමල ජන කොට්ටසය සිංහලයන් හා මිශ්‍ර වීමයි. නැතහොත් සමද දෙමල ජනතාවට තමන් වෙනස් ජන වර්ගයක් බව හිතේ. උතුරත්, ලංකාවේ කොළඹ මෙන් ජනයා මිශ්‍ර වුනොත්, ඔවුනට තමන් වෙනස් යන හැගීම බොහෝ දුරට අඩුවේ. අප වෙනම ෆෙදෙරල් විසදුමක් දුන්නොත් එය අවසන් වන්නේ, ඉන්දියාව සහ පකිස්ටනය මෙන් වෙන් වෙලය. එදා සිට අපට ඉතුරු වන්නේ රටවල් දෙකක් අතැර යුද්දයකි. දේශපලකන් මෙලෙස දුර බල, ක්‍රියා සහ ප්‍රකාශ නිකුට් කල යුතය. නෙතහොත් ඊට වන්දි ගෙවන්නේ අනාගත දරුවන්ය. පසුගිය අවුරුදු 30 තුල අප වන්දි ගෙව්වා මෙන්.

:       0       158

Sanath Sunday, 08 July 2018 07:26 PM

උතුරු නැගෙනහිර ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවන ප්‍රමිතිය අපට සාපේක්ෂව පහල මට්ටමක තියෙන නිසා ඔවුන් අප ගැන ශුභවාදීව නොසිතන නිසාත් එහි දේශපාලඥයින් එය තමන්ගේ වාසියට හරවාගෙන තිබේ.

:       0       1

kalani Monday, 09 July 2018 01:08 AM

අපේ ඉතිහාසයට අනුව නම් උතුරේ ජිවත් වුයේ ආර්ය වංශික සිංහලයින්.එහෙත් නොයෙක් වතාවල හුදකලා බිම් ප්‍රදේශයක් වූ උතුර චෝල ආක්‍රමණයේ බලපෑම් මත දෙමල බස ව්‍යාප්ත උනා. අද දෙමල කියමින් බොහෝ දේ ඉල්ලන්නේ අතීත සිංහලයින්. විග්නේස්වාරන් මහා ඇමතිතුමා මේ කරුණු නොදන්නවා විය නො හැක.

:       0       5

Gama Monday, 09 July 2018 06:24 AM

අපි මෙහෙ තෙලෙන් කාලා කිරෙන් අතහෝදනවා විග්නේෂ්වරන්... කොළඹ ඉපදිලා, හැදිලා වැඩිලා, අධ්‍යාපනය ලබලා, මහාධිකරණ විනිසුරුවරයෙක් වෙලා විශ්‍රාම ගිය ඔබ දකුණේ මිනිසුන්ගේ ආර්ථික පසුබිම දන්නෙ නැහැ. නිකං බොරු නැතුව ඉන්න...

:       0       2

Hafeel Monday, 09 July 2018 07:47 AM

රන්ජන්ට ආරාධනා කරලා පමණක් මදි. එතුමාට එන්න වීසාත් දෙන්න.

:       0       2

Nimal Tissa Wijetunga Monday, 09 July 2018 08:06 AM

විග්නේශ්වරන්, ඔය කියන ප්‍රශ්න සියල්ලම දකුණටත් තියෙනවා. එ්ක නිසා ආරාධනා කරනවා දකුණටත් ඇවිල්ලා බලන්න කියලා... ඔය කියන ප්‍රශ්න ගැන... දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න ඔක්කොම සිංහල, ජනතාවටත් තියෙනවා ඕනෙවටත් වැඩියෙන්...

:       0       1

nuwan Monday, 09 July 2018 09:07 AM

උතුරේ සිංහල අය පදිංචි කරන්න තහනම්... නමුත් දකුණේ දෙමළ අයට ඉඩම් ගන්න,කෝවිල් හදන්න පුළුවන් නමුත් අපිට වඩා ප්‍රශ්න එ් ගොල්ලන්ටලු. ආරක්ෂාව නැහැලු. ආරක්ෂාවට තමා හමුදාව ඉන්නේ. නමුත් හමුදාව ඉවත් කරන්නලු. දකුණේ හමුදාව ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. මේ ගොල්ලන්ට එ්ක ප්‍රශ්නයක්. මේවා මේ මනුස්සයා කියන්නේ කටින්ද? කොන්ද පණ නැති පාලකයෝ ඉන්න රටක මේ වගේ තප්පුලන කතා මිනිසුන්ට අහගෙන ඉන්නවෙලා...

:       0       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site