X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


එල්.ටී.ටී.ඊය. යළි ඇති කිරීමට ආණ්ඩුවට වුවමනාවක් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

තහනම් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ඇති කිරීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැති බවත් රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට රජය හැම විටම කැපවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය.

විජයකලා මහේෂ්වරන් මහත්මිය මුණ ගැසුණු පසුව ඇයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවද අගමැතිවරයා කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට උඩ ගෙඩි දෙමින් කර  ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය,

 ‘‘අපි හැමවේලාවෙම මේ රටේ එකීයභාවය ආරක්ෂා කරනවා  එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කරලා තියනවා. ඒ තහනම් කරපු එල්.ටී.ටී.ඊ. සංවිධානය අපට යළි ඇති කරන්න උවමනා නැහැ. ඒ පදනම ඒ රාමුව උඩ අප ඉදිරියටත් ක්‍රියා කරනවා මේ රටේ ඒකීයභාවය බුද්ධාගමේ ප්‍රමුඛතාව ආරක්ෂා කරමින් මේ රටට උවමනා සිංහල, දෙමළ, මුස්ලිම්, ජනතාව බලාපොරොත්තු වන දේශපාලන විසදුමකින් ඒ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නත් බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නත් විසදන්න තියනවා. ඉඩම් ආපසු දීම ගැනත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. උතුරු නැගෙනහිරට සංවර්ධනය වුවමනායි. ඒ සංවර්ධනයන් නැතිව දියුණූ වෙන්න බැහැ.

මහේෂ්වරන් ඇමැතිතුමියගේ කතාව දැනගත් අවස්ථාවේදීම මමත් ඔබතුමාත් සාකච්ජා කළා. ඒ ගැන හොයලා බැලුවා. අපේ දේශපාලන කමිටුව ඊයේ රැස්වුණා. මහේෂ්වරන් මහත්මිය යාපනයේ සිටින බව දැනගන්නට ලැබුණා.

අද කොළඹට ආවම මා මුණ ගැහෙන්න කියලා දැනුම් දුන්නා.අප ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පරීක්ෂන තීරණය කරලා තියෙන්නේ.එතුමිය මුණ ගැහුණම පස්සේ ඒ අදාළ පියවර ගන්න කැමැතියි. අපි හැම වේලාවෙම ඒ ස්ථාවරයේ ඉන්නවා.

යුද්ධය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ලොකු කැපවීමක් කළා. රට නොබෙදී තියාගන්න කැපවීම් කළා. ත්‍රස්තවාදීන් ද්‍රව්ඩ පක්ෂයේ අනෙක් පක්ෂවල නායකයන්  මරා දැම්මා. රටේ මූලධර්ම වලට පටහැනිව ක්‍රියා කළත් ඊට එරෙහිව කටයුතු කරනවා.  එල්.ටී.ටී.ඊ. ය රට බෙදන්න විතරක් නොවෙයි පාර්ලිමේනතුව ක්‍රියා විරහිත කරන්නත් කටයුතු කළා. පොලිසියේ 600ක් මරපු කරුණ තමන්ගේ පක්ෂයේ උපසභාපති කරන්නත් ප්‍රභාකරන්ට මුදල් දීලා ජනාධිපතිවරයා දින්න නම් එල්.ටී.ටී.ඊ. පරාද කරපු හමුදාපති හිරේ දැම්මානම් අද කොහොමද අවිල්ලා මේ ගැන කියන්නේ. ඔබතුමා තදින් ක්‍රියා කරන්න ඕනේ මෙන්න මෙහෙම අයටයි.

සරත් ෆොන්සේකාට කරපු දේශපාලන පළිගැනීම ගැන අද ඔබතුමාට ලිපියක් දිලා තියනවා. එහනම්  අපි ඔක්කොම එකතු වෙලා ඒක අනුමත කරමු. ඇයි මෙතුමා හිරේට යැව්වේ. අපි දන්නවා ඊයේ මෙතැන කෑ ගැහැහුවේ නිවියොක් ටයිම්ස් කතාව නවත්වන්න නේ.ඕකනේ වුණේ. පොලිසියේ 600 මරපු මිනිහා උප සභාපති කරලා ප්‍රභකරන් මරපු මිනිහා  හිරේ දැම්මා.‘‘



අදහස් (3)

එල්.ටී.ටී.ඊය. යළි ඇති කිරීමට ආණ්ඩුවට වුවමනාවක් නෑ

ලකිත් ශ්‍යාමන් Wednesday, 04 July 2018 06:10 PM

අගමැතිතුමනී, නියම කතාව.

:       0       0

nuwan Wednesday, 04 July 2018 06:14 PM

එහෙනම් නීතිය ක්‍රියාත්මක කරන්න. රට රැක ගන්න. විජේකලාට දඩුවම් දෙන්න. ඔබතුමා රටගැන හිතන, නීතිය හැමට එක හා සමානව කරන කෙනෙක් කියලා පෙන්වන්න.. මේක තමයි වෙලාව.

:       0       0

Rasika Wednesday, 04 July 2018 06:15 PM

නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න. උතුර ,දකුණ කොහේ වුනත්. නැත්නම් මේක එක එක්කෙනා දේශපාලන වාසි ගන්න බලනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site