X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා

(ෂේන් සෙනෙවිරත්න)

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ  සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

තමා ලැබූ ජයග්‍රහණය සිය මිත්තණියට පවසා ආපසු  පියා සමග ආපසු එමින් සිටියදී එම සිද්ධියට මුහුණ දී ඇති බව පොලීසිය කියයි.

අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම සිසුවා මුහුණ දුන් බිහිසුණු සිදුවීමෙන් ඔහුගේ හිස ප්‍රදේශයෙන් පහළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් ඔහුට සැත්කමක්ද සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අම්පිටිය ප්‍රදේශයේ කාලයක සිට ක්‍රියාත්මක මැර කල්ලියක්  මෙම බිහිසුණු ක්‍රියාව සිදුකොට ඇති බවට චෝදනා කරන ප්‍රදේශවාසීන් මැර කල්ලියට ඇති බිය නිසා සිසුවා ගේ පවුලේ උදවිය ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමක් සිදු නොකරන බවට ද චෝදනා කර සිටි.

හෙරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම වටා ක්‍රියාත්මක මැර කල්ලියක් කාලයක සිට අම්පිටිය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකරමින් සිටින බවත් ඔවුන් පිළිබඳ කෙතරම් පොලිසියට තොරතුරු ලබා දුන්නත් පලක් නොවන බවත් තොරතුරු ලබා දෙන්නන් ගෙ තොරතුරු අපරාධ කරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටීති.



අදහස් (28)

ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා

kamal Monday, 28 November 2022 10:14 PM

ඇයි IGP ට මේවා පෙනෙන්නේ නැත්තේ?

:       1       138

senaTuesday, 29 November 2022 10:15 AM

එතුමාට උද්ඝෝෂණ කාරයින්ගෙන් ගෝල්ෆේස් එක බේරගන්න තියෙනවා. ඕවා බලන්න වෙලා නැහැ..

:       1       2

ජගත් ලියනගේ Tuesday, 29 November 2022 01:17 PM

එයාට අයත් රාජකාරියක් නෙවෙයි අපරාධ මඩින එක . එයා කරන්නේ කඳුළු ගෑස් සම්බන්ධයෙන් වැඩ විතරයිනේ.

:       2       28

ජැක්සන් Monday, 28 November 2022 10:25 PM

කාලකන්නි

:       1       107

lankasri Monday, 28 November 2022 11:00 PM

මුලින්ම පොලිස් බල්ලන්ව එල්ලලා ඉන්න ඕනේ. රටකට ගිය කලක් කන්න නැතුවා මදිවට පරාන බයත් ඇවිල්ලා.

:       2       103

කිරිපුතා Tuesday, 29 November 2022 12:07 AM

මෙවැනි තිරිසනුන් මට්ටුු කරන්න රටේ නීති නෑනෙ. ස්ථානීය දඬුවම් ලබා දීමට නීතිය ක්‍රියාත්මක කරන අය වග බලාගනිත්වා !

:       0       92

මැක්ස් Tuesday, 29 November 2022 06:50 AM

මෙවන් පුවත් අසන්නට, කියවන්නට ලැබීමම මොනතරම් අවාසනාවක් ද! ඒ නරැමයන්ට උපරිම දඩුවම් දෙනු. මැර ප්‍රහාරයට ලක් වූ දිරිමත් සිසුවාට ඉක්මන් සුව පතමු.

:       0       85

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 November 2022 08:24 AM

කෝ මේ ආරක්ෂක ඇමති, පොලිස්පති නිදිද ? මේ අපරාධ කල්ලිය ගැන පොලීසිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද ? මේ කල්ලිය ගැන තොරතුරු දැනගැනීමට සැලැස්වීම කළත් පොලීසිය ක්‍රියාත්මක නොවූයේ මන්ද ? මෙවන් අපරාධ කල්ලි මෙවැනි සාහසික අපරාධ සිදු කරන්නේ නම්, රටට ආරක්ෂක ඇමති වරයෙකු හා පොලිස්පති ඇතුළු පොලීසියක් කුමටද ? අද පොලීසිය ක්‍රියාත්මක වන්නේ ඇතැම් දේශපාලකයන්ගේ වහලුන් හැටියට නොවේද ?

:       0       103

SL Tuesday, 29 November 2022 08:25 AM

oh police "හෙරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම වටා ක්‍රියාත්මක මැර කල්ලියක් කාලයක සිට අම්පිටිය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකරමින් සිටින බවත් ඔවුන් පිළිබඳ කෙතරම් පොලිසියට තොරතුරු ලබා දුන්නත් පලක් නොවන බවත් තොරතුරු ලබා දෙන්නන් ගෙ තොරතුරු අපරාධ කරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටීති." අපි බදු ගෙවල, බිල් වැඩිපුර ගෙවල, බදු හට හුටහමාරක් ගෙවල මේ ඉන්න නිලධාරින් ගේ පඩි ගෙවන්නේ. පොලිසියේ ඉන්න කබ්බෝන් ට මාසෙට කුට්ටිය එනවා ඇති. STF ,එකට දෙන්න තමා තියෙන්නේ

:       0       89

Muditha Tuesday, 29 November 2022 08:46 AM

තොරතුරු ලබා දෙන්නන් ගෙ තොරතුරු අපරාධ කරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටීති.--Shame you police.

:       0       87

Bunny Preena Tuesday, 29 November 2022 08:48 AM

ඔය පලාතෙ SDIG, SSP, ASP, SSI, SI, HQ කියල නිලතල දරන නිලධාරින් ඉන්නවනෙ. ඒ්ල්ලො ඔක්කොම් නිදාගෙනද ඉන්නෙ. ඒහෙමත් නැතිනම් උන්ගෙ සල්ලිවලින් ඔවුන් නඩත්තුවෙනවාද කියන එක අපි දැන ගන්ට කැමති. දැන් IGP කියල එකෙක් ඉන්නව මෙලො රහක්නැති.

:       0       80

මොට්ටපාල Tuesday, 29 November 2022 03:47 PM

IGP කිව්වාම ඉන්ස්පෙක්ටර් ජෙනරාල් ඔෆ් පොලිස් කිව්වාට වඩා සාමාන්‍යයෙන් ජෙනරාල් කියන්නේ ඉංග්‍රීසියට කැමති අනෙක් ලොක්කෝ තමන්ගේ තනතුරේ අගට යොදන කොටසක්... ඇයි පොලිස් ලොක්කාට විතරක් වෙනස්කර පාවිච්චියට ගන්නේ..? දැන් තියෙන විදියට එහෙම කිරීම හරි නැහැ. ඔහුගේ තනතුරත් පොලිස් ඉන්ස්පෙක්ටර් ජෙනරාල් කියලා සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් යොදන්න ඕන කියලා කාටවත් හිතන්නේ නැද්ද?

:       0       0

sunilTuesday, 29 November 2022 10:41 PM

ඒගොල්ලෝ කරන්නේ තමන්ට පහලින් ඉන්න අයට ගොරවන එක විතරයි.

:       0       2

Senarath Tuesday, 29 November 2022 09:07 AM

බොහෝදුරට මෙ සිදුවිම වෙන්න ඇත්තෙ ඉර්ශාවට. එහෙම අමනයො අපෙ රටෙ ඔනෙ තරම් ඉන්නව. වඩිපුරම ඉර්ශ්‍යා කරන්නෙ නෑදෑයො.

:       1       55

sharm warn Tuesday, 29 November 2022 09:23 AM

දැන් එතකොට පොලිසිය දන්නෙම නැද්ද මේ ගමේ මැර කල්ලියක් මිනිස්සුන්ගේ ජීවිතවලට හිරිහැර කරනවා කියලා..? පෝස්ටරයක් අල්ලගෙන ඉන්න නිරායුධ මිනිස්සුන්ව සත්තු වගේ කුදලාගෙන යන්න විතරයිද? මේ කියන මැර කල්ලිය පොලිසිය බලු පැටව් කරගෙන කියලද මේකෙන් ඔප්පුකරන්නේ?

:       0       0

janahitha Tuesday, 29 November 2022 09:36 AM

ගම්වසින්ට මෙම උවදුර පිලිබදව අපරාද පරික්ෂන දෙපාර්තුමේන්තුවට දැන්විය හැකිය පොලිස්ප්තිටද දැන්විය හැකිය අනිවර්යෙන්ම පියවර ගනු අත. ඔවුන් වෙනුවෙන් අප පියවර ගනු ඇති අපි බලමු.

:       3       25

පුෂ්ප කුමාර අප්පුහාමි Tuesday, 29 November 2022 09:37 AM

අම්පිටියේ මිනිස්සු එකතුවෙලා ඕකුන්ව මරල දාන්න, කාලකන්නි.

:       0       57

Chinthaka Tuesday, 29 November 2022 10:19 AM

මොන තරම් නින්දිත වැඩක්ද අහිංසක දක්ෂ දරුවෙකුට මෙහෙම කරන්න පුලුවන්ද අමනුශ්ශයෙකුට මිසක්.මේක ඉරශියාවට මැරයින්ට දීපු කොන්තරත්තුවක් වගේ , පොලිසිය මුන්ගෙන් යැපෙන අය .

:       0       67

sam Tuesday, 29 November 2022 11:16 AM

පොලිස් ඇමැතියයි, දේශබන්දුවයි, රාජපක්ෂ නඩයි, බටලන්දයි... අරගලකරුවන් මට්ටු කර කර බලේ ඉන්න හදනවා...රටම අනතුරේ ඔන්න ඕක තමයි පිටරටින් කිව්වේ ලංකාවේ පොලිසිය දේශපාලනීකරණය වෙලා ඒක නැවත ක්‍රමවත්ව හදන්න ඕනෑ කියලා.. දේශපාලකයින් තමයි හොර පොලිසියත් එක්ක එකතුවෙලා රට විනාශ කරන්නේ...

:       0       1

Ashoka Tuesday, 29 November 2022 12:16 PM

මේකේ මොකක් හරි අව්ලක් තියනවා අපිත් ඔය කිට්ටුව තමයි මේ කියන විදිහේ මැර කල්ලියක් නම් අපි දන්නේ නැ . එහෙම හිටියනම් ඕකුන්ව ගෙනල්ල දෙකක් දීලා වැවට දානවා. මේක වෙන ගේම් එකක් .හෙට අනිද්දට ඇත්ත එලියට එයි . එහෙම නැත්නම් මුන් අම්පිටිය වෙන්න බැ. වෙන කොහේ හරි අස්සක ඉන්න ගන්කබරයෝ වෙන්න ඕනේ

:       3       6

Rata Perata Tuesday, 29 November 2022 12:55 PM

යුද්දෙ කලේ ත්‍රස්තවාදීන්ට ඒකට සල්ලි දෙන්න සම්බන්ධ උනෙ මිනිහෙක් පොලිස් අමති උනාම වෙන මොනව බලපොරොත්තු වෙන්නද? මෙ කලකන්නි රට නැතිම කරල තමයි පස්ස බලන්නෙ. රටෙ ජනදිපතියත් මාලිගාවෙ පූල් එකේ නාපු උන් අල්ලනව, ඒ්ත් මෙව පෙන්නෙෑ.

:       0       7

pradeep Tuesday, 29 November 2022 01:15 PM

පිටරටින් ගෙන්වන වැඩ වැඩි කරන්න පොලිසියට සිද්ධ වෙනවා.'අරලියගහ මැදුරට පැන්න තවත් දෙදෙනෙක් මාට්ටු'

:       0       6

ganegoda Tuesday, 29 November 2022 01:49 PM

ලෝකයේ කොහේ හරි අවුරුදු දාහකට සැරයක් සිද්ධ වෙන දේවල් තමයි අද අපේ රටේ දිනපතාම අහන්න දකින්න ලැබෙන්නේ .ජාතික ආරක්ෂාවට වග කිව යුත්තන් කොහෙද?

:       0       9

podiekaa Tuesday, 29 November 2022 02:02 PM

මෙව්වා දැක්කාම වගකිව යුත්තන්ගේ බෙල්ලේ එල්ලිලා ඔලුව හප්පන්නමයි හිතෙන්නේ...!

:       0       0

තාරක Tuesday, 29 November 2022 02:57 PM

පොලිසිය මේ හැමදේම ගැන දැනුවත්. ඒත් වැඩක් නෑ.

:       0       9

fairoos Tuesday, 29 November 2022 04:04 PM

නාන තටාකයේ නාපු කෙනාව හොයාගන්න පුළුවන්...

:       0       0

ගමේ එකාලා Tuesday, 29 November 2022 05:20 PM

රටේම තියෙන පොලීසිය අරගල කරුවෝ මර්දනය කරන්ඩ යවනවා.රටේ සිදුවන අමානුෂික ,අපරාධ වැඩ ගැන සෝදිසියෙන් ඉන්ඩ බැරි ඇයි. පොලිස්පපතිතුමාගේ අවදානය පිණිසයි .

:       0       0

chandima Wednesday, 30 November 2022 11:46 PM

මුන් අර හරක් රැලට ගිනි තියන්නෙ නැතුව මොනවට මෙ අහිංසක දරුවට ගිනිතිබ්බද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site