X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කටාර් රියාල් මාරු නොකිරීමෙන් ශ්‍රී ලාංකිකයන් අමාරුවේ

(ටී .කේ .ජී .කපිල , ප්‍රසාද් මුතුකුඩ)

කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් අද (6) සිට කටාර් රියාල් මාරු නොකිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ.

වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් අසීරුතාවයට පත් වී ඇත.කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටි සියලු සාප්පු ද මෙසේ කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවතී .

රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ මැදපෙරදිග රටවල හටගෙන ඇති අයි.එස්. ත්‍රස්තවාදීන්ට කටාර් රාජ්‍යය උදව් කිරීම පිළිබඳව අර්බුදය මත ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි තීරණයකට එලඹ ඇති බවයි.

පෞද්ගලික විදේශ  මුදල් මාරු කරන්නන් ද කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.  කටාර් සිට පැමිණෙන මගීන්ට කටාර් රියාල් 1000 ක් දක්වා මාරු කිරිම ලංකා බැංකුවෙන් පමණක් සිදු කැරේ්‍                        

 



අදහස් (7)

කටාර් රියාල් මාරු නොකිරීමෙන් ශ්‍රී ලාංකිකයන් අමාරුවේ

shan Tuesday, 06 June 2017 04:10 AM

ඒ මොන හේතුවකටද අපේ රටේ අය අනුන්ගේ දේවල් වලට කඩේ යන්නේ ඒවා ඒ අය බේරා ගත්තදෙන් අපේ රටේ ඉන්න පුත්තලම් බුරුවෝ කරන වැඩ නිසා විදෙස් ශ්‍රමිකයන් අසරණ වෙනවා එක තේරුම් ගන්න තරම් මොලයක් අපේ ගුවන්තොටුපල පාලන කරන අයට නැද්ද

:       0       30

ahamed Tuesday, 06 June 2017 05:25 AM

මෙය බොරු ආරංචියකි. බැංකු වලින් කටාර් රියාල් මාරු කරනවා.

:       0       2

ජි නන්දන Tuesday, 06 June 2017 05:45 AM

කටාර්වල සේවය කරන ශ්‍රමිකයන්ට මොකද කරන්නේ එම ශ්‍රමිකයන්ගේ මුදල් රජය බාර ගන්නේ නැත්නම් ඒ පවුල් වල යැපෙන්නන් ජිවත් වෙන්නේ කොහොමද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මීට මැදිහත් විය යුතුයි

:       0       37

ලුම්බිණි Tuesday, 06 June 2017 05:50 AM

මෙය ඉතාම වැරදි තීරණයක්. වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී ඉඳල එන මිනිසුන්ට මේක කොච්චර ප්‍රශ්නයක්ද? මහා බැංකුව හෝ කවුරු ගත්තත් කටාර් රියාල් වලට ලෝකයේ තවම කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙනවා නම් ඉන්දියාව අපට වඩා ඉස්සර වෙලා මාරු කිරීම ප්‍රතික්ෂේප කරනවා.

:       0       49

kumar (galf) Tuesday, 06 June 2017 08:22 AM

අපේ රටේ පුටු රත්කරකර ඉන්න නිලධාරීන්ට බැරිද කටාර් රටේ දුක් මහන්සි වී රටට විදේශ විනිමය උපයන අපේ සෙනගට SMS - WatsApp පණිවිඩ වලින්වත් ඔවුන්ව දැනුවත් කරන්න, අඩුගානේ ලංකා තානාපති කාර්යාලයටවත් කීවානම් පණිවිඩය ලැවුගින්නක් වගේ දැනගන්නවා. අනික ලංකාවේ හැම බැංකුවකම නිලධාරීන් කටාර් රටේ සේවය කරනවා.

:       0       34

samanthi Tuesday, 06 June 2017 08:37 AM

මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැද පෙරදිග සංචාරයේ දී , අයිසිස් සංවිධානයට අවි සහ මුදල් සපයන රට ලෙස පැහැදිලිව හඳුනාගත් රටට එරෙහිව ගන්නා ලද අනර්ඝ රජ්‍යතාන්තික කියාවලියකි , කොටින්ම ඇමරිකාව තම බලය පෙන්වා ඇත, සුරලොවක වැජඹුණු කුමාරවරු හෙට දිනයේ බඩගින්න කුමක් දැයි වටහාගනු ඇත , ඇමරිකන් විරෝධී අපේ අයත් අවබෝධ කරගත යුතු සත්‍යය මෙයයි , ඇමරිකාව දන ගැස්වීමට අප ගියහොත් හෙට දිනයේ අපේ නැව් සෑම රටක්ම ආපසු හරවා එවනු ඇත , අපට බඩු රැගෙන එන නැවු ආපසු හරවා යනු ඇත

:       101       45

aravinda Tuesday, 06 June 2017 10:23 AM

මා සිතන්නේ මෙය මෝඩ තීරණයක් කියලයි. අපේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා කටාර් රාජ්‍ය සේවයට යන්නේ රැකියාවක් කොට තමන්ටත්, තමන්ගේ පවුලටත් යම් මුදලක් උපයා ගැනීමට විනා අයි.එස්. ත්‍රස්තවාදීන්ට උදව් කිරීමට නොව. මීට අමතරව අද රටේ විදේශ මුදල් සංචිත පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ ශ්‍රමයෙන් එවන මුදල් වලිනුයි. එමනිසා රජයේ යුතුකම විය යුත්තේ ඔවුන්ට හැකිතාක් උදව් කිරීමයි.

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site