ටෝනි කරුණානායක
විදෙස්ගතව සිටින තැරැව්කරුවන් සමග එක්ව මුදලට මිනිස් ජාවාරම් කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් කාන්තාව මිනුවන්ගොඩ , හොරම්පැල්ල , පදිංචි කාන්තාවක් බව පොලිසිය කීය.
සැකකාරිය සහ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන අවස්ථාවේ හිතවත් වී තම හිතවතකු මාර්ගයෙන් මැලේසියා රටේ රැකියාවක් ලබා දිය හැකි බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ හතරක මුදලක් වැය වන බවත් සැකකාරිය පැමිණිලි කාරියට පවසා ඇති බව පොලිසිය පවසයි .
පැමිණිලිකාරිය ඇඟලුම් කම්හල් සේවයෙන් ඉවත් වී සැකකාරියට රුපියල් ලක්ෂ 04 ක මුදලක් ලබා දී ඉකුත් 17 වෙනිදා මැලේසියා රටේ රැකියාව සඳහා කටුනායක ගුවන් තොටුපලින් පිටත්ව ගොස් තිබේ.
මැලේසියා ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් පැමිණිලිකාරිය සතු ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී එම ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට තහවුරු කරගෙන ඇත .
පැමිණිලිකාරියට එම රටට ඇතුල්වීමට අවසර ලබා නොදී ඉකුත් 21 වෙනිදා පැමිණිලිකාරිය මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව පොලිසිය පවසයි .
පැමිණිලිකාරිය මැලේසියා රටේ ගුවන් තොටුපලේ රැඳී සිටියදී සැකකාරියට ඇමතුමක් ලබාදී ඇති බවද පොලිසිය කියයි.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කතක මැලේසියාවේ අතරමං කළ කතක් මාට්ටු