X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


කපිල චන්ද්‍රෙස්න-බිරිඳ රිමාන්ඩ්

(දසුන් රාජපක්ෂ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ බාර වීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක මහත්මිය ලබන 19වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) නියෝග කළේ ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇනියක් ප්‍රතිස්ථාපනය කිරීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම හෝ  අල්ලසක් ලෙස ලබාගෙන මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු සිදු කළ බවට චෝදනා කරමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවින්ද්‍ර හේවාපතිරණ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට  අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මෙම යුවල අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගෙන තිබුණේය.  

ඒ අනුව සැකකාර යුවළ අද අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන්  නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කරුණු දැක්වූ  ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරල් තුසිත් මුදලිගේ මහතා දෙවැනි සැකකාරියගේ ගිණුමකින් මුදල් බැර කළ ගිණුමක් හිමි පුද්ගලයෙකු මෙරට තුළ සිටින බව ද ඔහු සහ ඔහුගේ ගිණුම් සම්බන්ධයෙන් ඉතා රහසිගත මට්ටමෙන් විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඒවාට බාධා නොවීමට සැක යුවළ රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.

සැක යුවල වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුහෙට්ටි  මහතා කරුණු දක්වමින් 2013 වසරේදී ආරම්භ කළ මේ විමර්ශනයට සිය සේවාදායකයන් හැකි සෑම අවස්ථාවක දී ම උපරිම අයුරින් සහයෝගය දක්වා ඇති බව සඳහන් කළේය .

ඉදිරි විමර්ශන කටයුතු වලට ද එ ලෙසින් සහය දක්වන නිසා ඔවුන් දෙදෙනා සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි  මහතා  වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ  මහෙස්ත්‍රාත්වරයා  ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැක යුවළ ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය. 

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (21)

කපිල චන්ද්‍රෙස්න-බිරිඳ රිමාන්ඩ්

BAMUNUARACHCHI Thursday, 06 February 2020 11:15 AM

ගෝඨාභයගේ රජය නීතිය සැමට ක්‍රියාත්මක කරන බව නිදහස් දිනයේදී ප්‍රසිද්ධියේදී ප්‍රකාශ කළේය.

:       384       562

kasunThursday, 06 February 2020 11:45 AM

බලාගෙන ඉන්නකෝ බමුණෝ..මේක නිකම්ම සාක්ෂි මදි කියලා එළියට දමනවා. නැතිනම් මහා විනාශයක් වෙන්නේ. ඔබ බැල මෙහෙවර කරන, වළන් හෝදන ගෙදර ඔක්කොම මේ හොරකමට අහුවෙලා..ඒ කියන්නේ මහජනයාගේ මුදල් හොරා කාලා.

:       44       538

kamaniThursday, 06 February 2020 12:33 PM

අනේ බමුණා මොනවා කරන්නද? ගෙදර අයිතිකාරයෝ කරපු වැඩේට...................

:       72       111

BamunuarachchiFriday, 07 February 2020 03:55 AM

ඔය පලවෙලා තිබෙන්නේ බමුණුආරච්චි නමින් කාලයක් ලීව මගේ අදහස් නොවෙයි.

:       6       0

BamunuarachchiFriday, 07 February 2020 03:57 AM

දැන් මෙතන බමුනුආරච්චිලා දෙදෙනෙක් ලියනවා එතනයි ප්‍රශ්නය

:       4       0

සමන්ත Thursday, 06 February 2020 03:16 PM

තවත් කඩේ යන නැතුව බලාගෙන ඉන්න. මේ නාට්‍යක් විතරයි කියලා තේරෙන් නැත්තේම වහල්කමට. රටින් නොයා රිමාන්ඩ් වෙලා ටික දවසකින් එලියට එනවා ඇප පිට. එයිට පස්සේ නඩුව යනවා අවුරුදු දෙකක්. පස්සේ කියනවා සාක්ෂි පරස්පරයි, ඒ නිසා නිදොස් කොට නිදහස් කරනවා කියලා.

:       0       195

HemanthaFriday, 07 February 2020 03:34 AM

එතකොට අර රජරට පැත්තේ මනුස්සයෙක් මරුන, තව කෙනෙක් තුවාල කල රිය අනතුරේ ඇමතිට නීතිය ක්‍රියාත්මක නැත්තේ මොකද දන්නේ නැහැ නේද?

:       0       1

BamunuarachchiFriday, 07 February 2020 03:53 AM

ඔය මගේ අදහස් නොවෙයි මේ මගේ නමින් කියන්නේ.

:       11       1

BamunuarachchiSaturday, 08 February 2020 06:41 PM

ප්‍රශ්නයක් නැත. පාඨකයන් සත්‍ය තේරුම් ගෙන ඇත. එක බමුණෙක් සත්‍ය පෙනි පෙනි බොරු ලියන්නෙකි. අනෙකා සත්‍ය නිවැරදිව ලියන්නෙකි. වෙනස එපමණකි.

:       0       0

samare Thursday, 06 February 2020 11:47 AM

බලාගෙන ඔය දෙන්නට රිමාන්ඩ් එකේදිම වැඩක දුන්නොත් අනිවාර්යයෙන්ම අරයා සුනාමියා...............

:       0       221

පිටිගල මිලානෝ Thursday, 06 February 2020 11:49 AM

ලංකාවේ ලොකුම හොරා සුනාමි හොරාවත් දවසකටවත් කුඩුවට දාන්න තිබුනානම් කොච්චර හොඳද?

:       31       608

RanjithThursday, 06 February 2020 12:10 PM

පිටිගල අන්න ඉර බස්නාහිරින් පායනවා.

:       14       58

විජිත්Thursday, 06 February 2020 06:10 PM

පිටිගල , ඔබගේ පැතුම අද අපේ රටේ සිටින උගත්, බුද්ධිමත්, ලක්ෂ ගණනකගේ පැතුමමයි.

:       0       135

අතුල Thursday, 06 February 2020 12:22 PM

ඔය ඩොලර් මිලියන දෙක බෙදාගනිද්දී, වැඩි කොටසක් ගනිපු "ලොකු දේශපාලන මහත්වරුන්" තවම පවතින ආණ්ඩුවේ ඉහලම තලවල ඉන්නවා. ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සේ, ඔය ජෝඩුව එලියේ. පව් රටේ දුප්පත් මහජතවගේ සල්ලි. කොහොමහරි මහ මැතිවරණයේදී ඒ "හොර සෙට් එකම" පත් කර ගන්න. එතකොට ඉතුරු ටිකටත් ගේම දීගන්න පුලුවන්.

:       0       216

Chandrasena Thursday, 06 February 2020 01:08 PM

උපුටා ගැනීමකි. ඔබගේ කතාව 100%ක් නිවැරදිය. නාමල් සහ පොහොට්ටුවේ ගෝඨාභය පත්කරපු කණ්ඩායම කියන්නේ පසුගිය රජයෙන් අල්ලපු හොරෙක් නැතිබවයි. ඔන්න දැන් රාජපක්ෂ සමාගමේ හොරු රාජපක්ෂලාටම අල්ලා ගැනීමට අවස්ථාව පැමිණ තිබේ. ගෝඨා සිදුව තිබෙන්නේ රාජපක්ෂ පවුල රකිනවාද නොඑසේනම් රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගන්නවද නොඑසේ නම් තුනෙන් දෙකක් ලබාගෙන අධිකරණය ගෝඨාට කැමති ආකාරයට තීන්දු දීමට සලස්වා ගන්නවද? තුනෙන් දෙක ඉල්ලන්නේ කුමටද කියා දැන් ජනතාවට හොඳින් තේරුම් යනු ඇත...

:       0       80

MD Thursday, 06 February 2020 05:11 PM

බලන්න ලස්සන හොඳ වැදගත් කපල් එකක් නේද? මහා පරිමාණ හොරකමක් කරලා තියෙන්නේ.

:       0       6

ashan Thursday, 06 February 2020 07:15 PM

දැන් ඔය රහසිගතව හොයන අනිත් ගිනුම් හිමියා මේ විස්තර දැන ගන්නෙ නැද්ද ?

:       0       12

Gamarala Friday, 07 February 2020 01:06 AM

බලන්න මෙයාලගේ මුහුණ. කිසි ලැජ්ජාවක් නැහැ.

:       0       9

dumudu kariyapperuma Friday, 07 February 2020 03:38 AM

මොනවා උනත් ඉදිරිපත් වීම ලොකු දෙයක්. හොරකම් කරන අයට හොද ආදර්ශයක්.

:       0       1

wedage Friday, 07 February 2020 04:35 AM

මොනතරම් අහිංසක කාන්තාවක් ද මේ කාන්තාව නොදැන තමන්ගේ ගිණුමට කව්රුහරි මුදල් දැම්මා කියලා අත් අඩංගුවට ගත්තේ මෙතුමියගේ බැංකු ගිණුම් අංකය දෙන්න ඇත්තේ ස්වාමියා වෙන්න ඇති

:       0       1

leel gunawardena Wednesday, 12 February 2020 06:06 PM

අදින්නා දානා වේරමණී ගාථාව පැත්තකින් තියලා දෙන්නම හොඳට ඇදල තිබෙනවා දැන් විඳවපල්ලා. නැත්නම් වමාරපල්ලා කිව්වලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site