X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ක්ෂේත්‍ර 19ක විධායක නිලධාරීහු 11 වැඩ වරති

විනීතා එම් ගමගේ
 
ක්ෂේත‍්‍ර 19 කට අයත් රජයේ විධායක නිලධාරීන් මේ මස 11 වැනිදා එක් දින සංකේත වර්ජනයකට හා විරෝධතාවකයකට එළැඹෙන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ  කමිටුව කියයි. 
 
රටේ ජාතික වැටුප ප‍්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් නීති ක්ෂේත්‍රයට වැටුප් තල වැඩි කිරීම ඇතුළු රජයේ තීන්දු කිහිපයකට විරෝධය පළ කරමින් මෙම සංකේත වර්ජනය සිදුකරන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච් ඒ එල් උදයසිරි මහතා ලංකාදීපයට අද (08) පැවැසීය. 
 
රාජ්‍ය සේවයේ විධායක සේවාවන් අතර සුපිරි හා විශේෂිත සේවා ඇති කිරීමට ගෙන යන අත්තනෝමතික වැඩ පිළිවෙලට විරෝධය පළ කිරීම හා විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි වීම ද මෙම සංකේත වර්ජනයට හේතු වන බව හෙතෙම සඳහන් කළේය.  තම ඉල්ලීම්වලට රජයෙන් නිසි ප‍්‍රතිචාරයක් නොලදහොත් සාමාජික වෘත්තිය සමිති එක්ව දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට යාමට බලාපොරොත්තු වන බව ද උදයසිරි මහතා කීය. 
 
ඉංජිනේරු, ක‍්‍රම සම්පාදන, ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු, දේශිය ආදායම්, කෘෂීකර්ම, රජයේ විද්‍යාත්මක සේවා, වාස්තු විද්‍යාඥ, ගුරු අධ්‍යාපන සේවා, අධ්‍යාපන නිලධාරින් ඇතුළු විධායක ශ්‍රේණිවල සේවාවන් 19 ක් මෙම සංකේත වර්ජනයට එක් වන බව ද ලේකම්වරයා කියා සිටියේය.
 



අදහස් (8)

ක්ෂේත්‍ර 19ක විධායක නිලධාරීහු 11 වැඩ වරති

chandra Sunday, 08 July 2018 02:03 PM

ඔහොම ඉන්නකෝ ගොඨාබය මහත්තයා එනකන්... එතකෙට ඔය අසනීප දුරුවෙයි.

:       103       3

AroSunday, 08 July 2018 07:13 PM

එතුමා ආවම ප්‍රශන විසදයි එතුමාත් හිටපු ලේකම් කෙනක්නේ

:       15       0

Niranjan Monday, 09 July 2018 04:01 AM

සුදු පාට වෑන් වලින් එලොව ගිය කෙනෙක් හීනෙන් ඇවිල්ල චන්ද්‍රාට කිව්වද?

:       0       34

Arosha Sunday, 08 July 2018 07:10 PM

මේ ප්‍රශ්නයට හේතුව ආන්ඩුව අදිකරන සේවාවල වෑටුප් ජාතික වෑටුප් ප්‍රතිපත්තිය උල්ලන්ගනය කරමින් වෑඩි කිරිමයි, සමාන්තර සේවාවල වෑටුප් විශමතාවය.

:       0       30

Nilam Mohamed Monday, 09 July 2018 06:00 AM

රජය තෝරාගත් කොටස්වල බලපෑම්වලට යටත් වී මෙලෙස වැටුප් හෝ දීමනා වැඩිකිරීමෙන් මුළු රාජ්‍ය සේවයේම වැටුප් ව්‍යුහය නැවත නැවත සංසෝදනය කරන තත්වයකට පත්වෙලා. වැටුප් කොමිසම මෙවැනි ක්‍රියාවන්ට ඉඩ නොදිය යුතුයි.

:       0       42

saminda Monday, 09 July 2018 07:53 AM

මේ ගොල්ලන්ගේ වැටුප් විෂමතාව ඉවත්කරන්න තව බදු ගහමු අපි බදු ගෙවන්නම්.

:       0       0

දිලුම් Monday, 09 July 2018 08:20 AM

මේ රටේ රාජ්‍ය සේවය කියන එක ඇතුලේ තව තව සේවාවන් හදාගෙන එක එකා කුලල් කා ගන්නවා. එක් කෝටසකට ඕන ඒ අයගේ සේවය මේ රටේ තියන සුපිරි සේවයක් කරන්න. ඒත් අනිත් සේවාවලට බඳවා ගැනීමේදීත් මේ දඟලන සේවයේ අයගේ සුදුසුකම් හා ඊටත් ඉහළ සුදුසුකම් බලනවා. ඉතින් මොන හීනමානයක් හින්දා තමන්ගේ සේවය ඉහළ දා ගන්න හදනවද කියලා අපිට නම් තේරෙන්න‍ේ නෑ. අනික මේ රජ්‍ය සේවයේ සේවා භේදය නිසා හුඟක් වැඩවලට අනවශ්‍ය ප්‍රශ්න එනවා. හැම වැඩටම මොන සේවයටද අදාල කියන එක් මුල් කරගෙන පහර දෙනවා. මේක ඉතාම අසික්කිත වැඩක්. ඒ නිසා රාජ්‍ය සේවය රාජ්‍ය සේවය විදිහට එක ශීර්ෂයක් යටතේ පවත්ව‍ාගෙන යන එක තමයි හොඳ... මේ මේවා ඔක්කොම එකක් යටතට ගත්තාම මේ හුඟක් ප්‍රශ්න ඉබේම විසඳෙනවා...

:       1       1

wishwa Monday, 09 July 2018 04:14 PM

ළමයිනේ, හම්බන්තොට වරාය, මත්තල, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි, පෝට් සිටිය, බදු බර, දේශපාලකයන්ගේ සුඛ විහරණය, මන්ත්‍රීවරු වැඩිකර ගැනීම, බැංකු මංකොල්ලය , එට්කා ගිවිසුම, මන්ත්‍රීවරු ජාතික ධනය ගසා කෑම, ඡන්ද තෑගී, අල්ලස් දීම හා ගැනීම, රටට අහිතකර කැබිනට් තීරණ සහ තවත් බොහොමයක් වන ජාතික ප්‍රශ්න වලට නේද? ඔබලා වැනි දේශීය බුද්ධිමත් පිරිස විරුද්ධව නැගී සිටින්න අවශ්‍ය. රට සෑදිය යුත්තේ ඔබලාය. දියුණු කල යුත්තේ ඔබලාය. පාලකයෝ කරන දහසක් වැරදි නිවැරදි කරන්නට උද්ඝෝෂණය කරන්න එය කළ හැක්කේ ඔබලාටය. එවිට ඔබේ වැටුපද අනෙක් අයගේ වැටුපද සාධාරණව ලැබෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site