(කාංචන කුමාර ආරියදාස)
ජාතික පුරාවිද්‍යා දිනය සැමරීම සඳහා සීගිරියේ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත වලට තනු නිර්මාණය කර ගීත ගායනා කිරීමේ පාසැල් සිසුන් සඳහා වූ තරගාවලිය මේ මස 7 වන දින සිගිරි පව්ව ඉදිරිපිට දී පැවැත්වීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය තීරණය කර තිබේ.
පුරාවිද්‍යා දිනය සැමරීම සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබෙන බවත් එයින් විශේෂත්වය බවට පත් වන්නේ සීගිරිය කලාපයේ පිහිටි පාසල් 5 ක දුවා දරුවන් සඳහා සීගිරියේ කුරුටු ගීත ලබාදී සිසු සිසුවියන් විසින් ඒවාට තනු නිර්මාණය කොට කුරුටු ගීත ගායනා කිරීම සඳහා යොමු කිරීම බව සිගිරිය සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා ඒකකය සඳහන් කර සිටී.
ජාතික පුරාවිද්‍යා දිනය 07 වන දිනට යෙදී ඇති අතර මෙහිදී තවත් පාසල් 10 ක දුවා දරුවන් සඳහා ඔබ දුටු සීගිරිය මැයෙන් චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් මෙන්ම දීන දෙකක පුරාවස්තු ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානම් කර තිබේ .
මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා අංශය, සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
සීගිරි කුරුටු ගීත වල ඇති රසඥතාවය සහ කුරුටු ගී පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව කුරුටු ගීත වලට තනු නිර්මාණය කොට ගීත ගායනා කිරීමේ තරගය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරිය පුරාවිද්‍යා අධ්යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ මහතාගේ යෝජනාවක් අනුව කෙරේ.
සීගිරි කුරුටු ගීත සඳහා තනු නිර්මාණය කර කුරුටු ගීත ගායනා කිරීමේ වැඩසටහන ලංකා ඉතිහාසයේ පළමු වතාවට සිදු කෙරෙන්නෙකි. මේ සඳහා පාසල් සිසුන් හට මේ වනවිටත් කුරුටු ගීත වල පිටපත් ලබා දී ඇතැයි එහි උසස් නිලධාරිනියක පැවසුවාය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් මෙම උත්සවය සංවිධානය කර තිබේ.
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැටපත් පවුරේ කුරුටු ගී සඳහා තනු නිර්මාණය කිරීමේ පාසල් තරගාවලියක්
Nihal Perera Wednesday, 04 July 2018 09:06 AM
දැනට සීගිරි කුරුටු ගී වලට මිහිරි තනු දමා ගී තුනක් නිර්මාණය කර ඇත්තේ ගුරු දෙවි සුනිල් සාන්තයි. ඒ හැත්තෑව දශකයේය. එම ගී තැටිය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි......... දැන් අලුත් පරපුර ඒ් අභියෝගය කෙලෙස බාර ගනීදැයි අපි බලා සිටිමු.
RaveendraWednesday, 04 July 2018 12:20 PM
නිහාල් පෙරේරා මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය. නමුත් අපි බලමු අපේ අනාගත පරපුර මෙම අභියෝගය කෙසේ බාර ගනීවිද යන්න. එලෙසම අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු අපගේ දු දරුවන්හට අර්ථවත් මෙන්ම සුන්දරත්වයෙන් ඉහල ගී තනු නිර්මාණය කිරීමට හැකිවේවා කියා !!!!!