‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අනපේක්ෂිත තත්ත්ව සලකා බලමින් පෞද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා සහන රැසක් පිරිනැමීමට එච්.එස්.බී.සී. බැංකුව තීරණය කර ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ගනුදෙනුකාර පාරිභෝගිකයන්ට මෙම සහන ලබාදෙන බවත් වසංගත රෝගය ව්‍යාප්තියට එරෙහිව ගන්නා ප්‍රජා කටයුතුවලට සහ සෞඛ්‍ය අංශවලට සහාය දක්වන බවත් එම බැංකුව කියයි.
ගෙවීම් ස්ථානයන් වෙත ළඟාවීමට ඇති අපහසුතා සැලකිල්ලට ගෙන, සියලුම කාඩ්පත් හිමියන් සඳහා මාර්තු මසට ගෙවීම් නියමිත දින ඊළඟකාඩ්පත් ප්‍රකාශනය ලැබීමට නියමිත දින දක්වා දීර්ඝ කිරීම, ප්‍රමාද ගාස්තු අය නොකිරීම, කාඩ්පතින් කරන රුපියල් 10,000 වැඩි සියලුම වෛද්‍ය වියදම් සඳහා, මාස 06ක් දක්වා පොලී ආපසු ගෙවීම, බැංකුව නැවත දැනුම්දෙන තෙක් චෙක්පත් අගරුවීම් ගාස්තු අය නොකිරීම, ශ්‍රී ලංකා රුපියල් කාල තැන්පතු කල්පිරීමේ දිනට පෙර ආපසු ගැනීමේදී කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීම, ගනුදෙනුකරුවන් හට එදිනෙදා බැංකුකරණ අවශ්‍යතා සඳහා වේගවත් ප්‍රවේශයක් සහ වැඩි පහසුවක් සැලැසීම, එච්.එස්.බී.සී. අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ (දුරකතනය හරහා) පහසුකම් සැලැසීමේදී ලියාපදිංචි ගාස්තු අය නොකිරීම, ඩිජිටල් බැංකුකරණ හා බැංකු සේවා සඳහා මුදල් අය නොකිරීම, ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීමේ පහසුකම නොමිලේ සැපයීම යනාදී පියවර ගැනීමට බැංකුව තීරණය කර ඇත.
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ආපසු ගෙවීම් මාස 03ක් අත්හිටුවීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාතික සම්බන්ධයෙන් මාස 06 තෙක් සියයට 50ක් දක්වා සහන සැලසීම, පෞද්ගලික ණය ආපසු ගෙවීම් මාස 06ක් දක්වා කාලයක් තාවකාලිකව නවතා දැමීමට ද එම බැංකුව පියවර ගෙන ඇත.
· ශ්‍රී ලංකා රජය යෝජනා කරන සහ ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් තවදුරටත් ලැබෙන විධි නියෝග පරිදි සියලු සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පූර්ණ වශයෙන් බැඳී සිටින බව ද බැංකුව දැනුම් දෙයි.
පවත්නා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යමය හෝ මූල්‍යමය වශයෙන් බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන් සිටීනම් 011-5 388 100 ඔස්සේ බැංකුවේ ‘කොවිඩ්-19’ සහන කණ්ඩායම අමතන ලෙසද [email protected] ඊමේල් යොමු කරන ලෙස ද එච්.එස්.බී.සී. බැංකුව සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.
055
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගනුදෙනුකරුවන් වෙනුවෙන් එච්.එස්.බී.සී. බැංකුවෙන් සහන රැසක්
nimal Thursday, 30 April 2020 02:44 PM
මෙ බැංකුව කිව්වොත් කියන්නේ බොරුමයි.. මෙහෙම කීවට මෙයාලා ලස්සනට හොරෙන් මෙ සියලුම සල්ලි අපෙන් ගන්නවා... තත්වෙ තියාගන්න ඔන නිසා බොරු ප‍්‍රචාරය කරනවා...