X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවමින් අතුරු නියෝගයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇවන්ට්ගාඩ් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම අත්හිටුවමින් අද (4) අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.


 ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය අද(01) නියෝගය නිකුත් කළේය.


එම පෙත්සම අද(19) අචල වෙංගප්පුලි සහ අර්ජුන  ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

 

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.


එම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කරන  ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩුව පවරා ඇති ආකාරය නීති විරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ද කියා සිටියේය.


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියි.


මේ හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීති විරෝධී බවට ප්‍රකාශ කොට ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.


ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වන තරු ඇවන්ට්ගාඩ් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අධ්‍යක්ෂණ අධිකරණයෙන් ඉල්ලා තිබිණි.



අදහස් (10)

ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවමින් අතුරු නියෝගයක්

Bamunuarachchi Wednesday, 04 July 2018 10:30 AM

ජය ශ්‍රී!

:       1038       524

KamalWednesday, 04 July 2018 12:15 PM

අපොයි ලංකාවෙ ස්වාධීන අධිකරණය

:       0       0

එර්දි Wednesday, 04 July 2018 11:06 AM

දැනටම ගෝඨාභය රටේ ජනපති වෙලාද?

:       34       52

BamunuarachchiWednesday, 04 July 2018 06:37 PM

මොකද බයද?

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 04 July 2018 11:17 AM

අනාගත ජනාධිපතිවරයෙක් වීමට සිටින පුද්ගලයෙකුට එරෙහිව නඩු විභාගකර තොප්පි දමා ගන්නේ මොකොටද කියල හිතිලා වෙන්න ඇති!

:       40       60

sirimal Wednesday, 04 July 2018 11:29 AM

එපාර නඩුකාර උන්නාන්සේලාටත් වෙවිලිල්ල බෝවෙලාද? අධිකරණය ස්වාධීනයි කියල නේද පාරම් බාන්නේ? "අනේ මගේ කට" කීවලු.

:       12       134

chandra Wednesday, 04 July 2018 12:41 PM

ඊළග ජනාධිපති මැතිවරණයේ ජනාධිපති පත්වන තෙක් අැදීම.

:       0       102

raawana Wednesday, 04 July 2018 01:50 PM

ප්‍රජාතන්ත්‍රවාදය වැඩිද මන්දා?

:       0       0

sena Wednesday, 04 July 2018 02:11 PM

අධිකරණය ස්වාධීන වීම තුලින් පමණක් නිතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්න බැහැ ඒ සදහා නඩුකරවරුන්ගේ හිත්වල තියෙන බය නැති කරන්න ඕනේ.

:       0       0

nihal Wednesday, 04 July 2018 04:18 PM

නඩුව දාලා තියෙන ක්‍රමය වැරදිනම් අලුතින් හරියට හදලා දැම්මනම් හරිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site