ඉන්දීය සාගරයේ කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාවේ උපත ලද විශ්වධර සාහිත්‍යධරයකු වන මයිකල් ඔන්ඩච්චි විසින් රචිත ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ නවකතාව ඉකුත් පනස් වසරක කාලයේදී බිහි වූ හොඳම නවකතාව ලෙසින් සම්මාන ලැබීය.
‘මෑන් බුකර්’ සම්මානය පිරිනැමීම ආරම්භ කර වසර පනහක් පිරීම නිමිත්තෙන් ‘ගෝල්ඩන් මෑන් බුකර් සම්මානය’ යනුවෙන් සම්මානයක් පිරිනැමීමට එහි සංවිධායක මඬුල්ල තීරණය කර තිබිණි. ඒ අනුව පසුගිය දශක පහේදී ‘මෑන් බුකර්’ සම්මාන හිමි කර ගත් කෘති සලකා බලමින් ඉන් එක් දශකයකින් එකක් නියෝජනය වන සේ කෘති 52ක් තෝරාගැනීමට විනිසුරු මඬුල්ල කටයුතු කර තිබිණි.
‘මෑන් බුකර්’ සම්මානය යනු ඉංග්‍රීසි බස කතා කරන ලෝකය මූලික කරගනිමින් වාර්ෂිකව පිරිනමන සාහිත්‍ය සම්මානයකි. මුල් නිර්මාණය ඉංග්‍රීසි බසින් රචිත එක්සත් රාජධානිය තුළ ප්‍රකාශයට පත්වන නවකතා වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලැබේ.
ඉන් අනතුරුව එම කෘතිවලින් හොඳම නවකතාව තෝරා ගැනීම සඳහා මහජන ඡන්ද විමසීමක් පවත්වන ලදී. එහිදි වසර 1992 දී ‘මෑන් බුකර්’ සම සම්මානයෙන් පිදුම් ලද ඔන්ඩච්චිගේ ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ කෘතිය මෙම අතිශය ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීය.
ඔන්ඩච්චිගේ ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ ප්‍රේමවෘතාන්තය ‘ඔබේ රෝම කූපයක් පාසා දැනෙන හදවත තුළටම කිඳා බසින ලද දුර්ලභ නවකතාවලින් එකක යැයි’ විනිසුරු මඬුල්ලේ කටයුතු කළ බ්‍රිතාන්‍ය - පාකිස්තාන සාහිත්‍යවේදිනි කමිලා ෂම්සි සඳහන් කළාය.
සම්මානය පිළිගනිමින් ඔන්ඩච්චි මෙසේ පැවැසීය.
“ලැයිස්තුවේ තිබූ හොඳම පොත මෙය යැයි මම තත්පරයකටවත් හිතුවේ නැහැ. බුකර් සම්මාන ලබපු පොත් ඔක්කොම වෙනම ලැයිස්තුවකට දැම්මත් මේ පොත හොඳම පොත වේවි කියලා මම හිතුවේ නැහැ”.
මෙම කෘතිය පාදක කරගනිමින් 1996 වසරේදී සිනමා පටයක් ද නිර්මාණය වූ අතර ඊට ‘ඇකඩමි (ඔස්කාර්)’ සම්මාන නවයක් හිමිවිය.
මේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට සම්මානලාභී නළු නිළියන් වන රෙල්ෆ් ෆයින්ස්, ජුලියට් බිනෝෂ් සහ ක්‍රිස්ටීන් ස්කොට් තෝමස් යන හේතු වූයේ යැයි ද ඔන්ඩච්චි කීය.
පසුගිය පනස් වසරක කාලයේදී බිහි වූ හොඳම නවකතාව ලෙසින් සම්මානයට පාත්‍ර වූ ඔන්ඩච්චිගේ ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ නවකතාව, බැරි අන්ස්වර්ත් විසින් රචිත 18 වැනි සියවසේ වහල්බව ගැන කියැවෙන ‘සේක්‍රඞ් හන්ගර්’ කෘතිය සමගින් 1992 වසරේදී ‘මෑන් බුකර්’ සම්මානය සම සමව හිමි කරගත්තේය.
‘මෑන් බුකර්’ සම්මානය ප්‍රදානය ආරම්භ කර වසර 40ක් පිරීම නිමිත්තෙන් 2008 වසරේදී ද මෙවැනි තරගයක් සංවිධානය කර තිබිණි. එහිදි 1981 වසරේදී ‘මෑන් බුකර්’ සම්මානයෙන් පිදුම් ලද අග්‍රගණ්‍ය සාහිත්‍යවේදී සල්මන් රුෂ්ඩිගේ ‘මිඞ්නයිට් චිල්රන්’ කෘතිය සම්මානයට පාත්‍රවිය.
හර්ෂණ තුෂාර සිල්වා
බී.බී.සී ඇසුරිනි
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෝල්ඩන් මෑන් බුකර් සම්මානය මයිකල් ඔන්ඩච්චිට
Raveendra Monday, 09 July 2018 05:33 PM
ඔබතුමාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!!
kalani Tuesday, 10 July 2018 04:09 AM
ඔබ කැනඩාවේ ජීවත් වුවත් දෙවන ලෝක සංග්‍රාමය මුල් කර චරිත හතරක් යොදා ගනිමින් ලියූ " ද ඉන්ග්ලිෂ් පේෂන්ට් " මම රස විඳ ඇත්තෙමි. මගේ ගෞරවය...!!!
සතයපාල Tuesday, 10 July 2018 05:54 AM
ප්‍රවීණ සාහිත්‍යවේදී මයිකල් ඔන්ඩච්චී මහාතාට අපගේ ප්‍රණාමය.