ලොව දෙවැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධන වේගය අඩ සියවසකට පසු පළමු වරට මේ වසරේ මුල් මාස තුනේදී දී පහළ වැටී ඇත.
ලෝක ආර්ථිකයේ දෙවැනි බලවතා වන චීනය, භාණ්ඩ සහ සේවා පරිභෝජනයේ මෙන්ම නිෂ්පාදනයේ ආර්ථික බලවතා ලෙස ද සැලකේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වසංගතය හේතුවෙන් එරට කර්මාන්තශාලා සහ ව්‍යාපාර සියල්ල වසා දැමීමට සිදුවිය.
අද (17) නිකුත් කළ නිල දත්තවලට අනුව මේ වසරේ පළමු කාර්තුවේදී චීන ආර්ථිකය සියයට 6.8කින් කඩා වැටී ඇත. චීන ආර්ථිකයේ කඩා වැටීම එරටට පමණක් ලොව තවත් රටවල් රැසකට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
චීනය කාර්තුවකට වතාවක් ආර්ථික දත්ත වාර්තා කිරීම ආරම්භ කළේ 1992 වසරේදීය. එයින් පසු වසරක මුල් මාස තුනේදී චීන ආර්ථිකය කඩා වැටුණු පළමු අවස්ථාව මෙය විය.
‘‘රැකියා අහිමි වීම, බංකොලොත් බව සහ ස්ථීර ආදායම් මාර්ග අහිමි වීම යනාදී හේතු නිසා මේ වසරේ මුල් මාස තුනේදී රටේ දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටුණා’’ යැයි චීන ආර්ථික බුද්ධි ඒකකයේ යූ සූ පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ යුද්ධයක් පවතින අවස්ථාවේදී වුවද චීන ආර්ථිකය පසුගිය වසරේ මුල් කාර්තුවේදී සියයට 6.4ක ආර්ථික වර්ධනයක් වාර්තා කළේය.
අවසන් දශක දෙකේදී චීන ආර්ථික වසරක සාමාන්‍යයක් ලෙස ගත්විට සියයට 9කින් වර්ධනය වී ඇත.
දැඩි සහ විශාල ප්‍රදේශවලට පනවන ලද ලොක්ඩවුන් සීමා, නිරෝධායන නීති හා ක්‍රියාමාර්ග යනාදිය මේ වසරේ මුල් මාස තුනේදී චීන ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කළේය.
ගෝලීය මූල්‍ය අර්බුදය අවස්ථාවේදී, සාර්ස් වසංගතය අවස්ථාවේදී මෙන්ම තවත් ව්‍යවසන රැසක් මධ්‍යයේ චීන ආර්ථික අඛණ්ඩව වර්ධනය විය.
චීන ආර්ථිකයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 14ක් යැයි ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි. චීන ආර්ථිකය මේ ආකාරයෙන් පහළ වැටුණේ 1976න් පසුව යැයි ද එම පුවත්පත වාර්තා කර තිබිණි.
බී.බී.සී./‘ද නිව්යෝක් ටයිම්ස්’
055
ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති
සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීනයේ ආර්ථික වර්ධන වේගය පහළට
ravi Friday, 17 April 2020 01:31 PM
උදාවෙලා තියන තත්වය අනුව.. කොරෝනා වලින් පස්සේ ලෝක යුද්ධයක් වගේ දේවලුත් සිද්ද වෙන්න ඉඩ තියනවා. චීනය පමණක් නොවෙයි ලෝකයේ හැම බලවත් රටකම ආර්ථිකය සැහෙන දුරට පහල වැටිලයි තියෙන්නේ...
Walter White Saturday, 18 April 2020 02:12 AM
නෑ ලෝක යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාව තව තවත් පහළට ගියා. මේ පොඩි වයිරස් එකකින් මේ වගේ ආර්ථික හානියක් වුනා නම් යුද්ධයකට මැදිහත් වීමෙන් මොනවගේ හානියක් වේවිද? කිසිම රටක් ඒ වගේ මෝඩ තීරණයක් ගන්නේ නෑ.
kusalSaturday, 18 April 2020 09:28 AM
අද ලෝකයේ, ධනවත් .. බලවත් කියන්නේ යුද්ධයට දක්ෂ , ඇමෙරිකාවට සහ යුරෝපයටයි.. මෝඩකම කියන්නේ.. මේ රටවල් එකතුවෙලා.. ඒ වගේ යුද්ධ නොකෙරුවොත් නේද ..?
vipula Saturday, 18 April 2020 11:50 AM
එහෙ JVP නැද්ද?
ase Saturday, 18 April 2020 02:02 PM
මෙක තාවකාලික පසුබැසීමක් විතරයි. නමුත් නිෂ්පාදන ධාරිතාව වෙනස් වෙලා නැහැ. උපරිම වසරකින් පමණ හරියාවි...
සමන්Sunday, 19 April 2020 06:51 AM
ඒක හරි. මේ කාලයේදි අපි හරහා චීනයෙන් ගෙන්වන ඕඩර තාවකාලිකව නවතා තියෙනවා. ගෙන්වන වියදම, රුපියලේ අගය, අප රට වසා තිබීම, තාවකාලික අත් හිටුවීම්.... ආදිය මේ සදහා බලපාලා තියෙනවා. ඒ වගේම චීන්නු හරි දක්ෂයි මේ වෙළදාම කරන්න. ඒ සදහා භාණ්ඩ නිෂ්පාදනයත් විකිණීමටත් එහා ගිය වෙළදාමක් ඔවුන් සතුව තියෙනවා. එමෙන්ම ඔවුන්ගේ පසු විපරම ඉතාම සාර්ථකයි.
amila Sunday, 19 April 2020 03:13 PM
මේක පසුබෑමක් නෙවේ. සාමාන්‍ය දෙයක්. එක මාසයක් පහල බැස්සා කියල චීන ආර්ථිකය පහළ වැටෙන්නේ නැත... අපෙන් පහල වෙටෙනවා. චීන වලින් එනකම් හිටියොත්.