X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ජනතාව මුළාකරන මැතිවරණ පොරොන්දු

ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී ඡන්දදායකයන්ට ලබාදෙන පොරොන්දුවලට ඇත්තේ අපූරු ඉතිහාසයකි. තරමක අතීතයේ දී නිකම් හාල්දීම, හඳෙන් හෝ ගෙනැත් හාල්දීම, ධාන්‍ය රාත්තල් අටක් සතියකට ලබාදීම (මෙය වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූයේ ඇට අට වශයෙනි), ධර්මිෂ්ට පාලනයක් ඇති කිරීම (එය අවසන් වූයේ උතුරේත් දකුණේත් යුදගිනි ඇවිලීමෙනි.) වැනි පොරොන්දු විය. මෑත කාලයේ දී රුපියල් දහස් ගණනින් රජයේ සේවක වැටුප් වැඩි කිරීම, උපාධිධාරීන්ට රැකියා දීම, පොහොර නොමිලයේ දීම, බදු අඩු කිරීම්, තරුණ තරුණියන්ට රැකියා සුලබ කිරීම, විවාහ වන තරුණ යුවළට මිලියනයක මුදල් ලබාදීම වැනි පොරොන්දු තිබිණි.

අගෝස්තු 05 අවසන් වූ මැතිවරණයේ දී හැම පවුලකටම රුපියල් 20,000ක් ලබාදීම, රුපියල් 10,000ක් ලබාදීම, උපාධිධාරීන්ට රැකියා දීම, පොහොර නොමිලයේ ලබාදීම වැනි පොරොන්දු විය.

මේ ආකාරයට ලබාදෙන ඉටුකළ නොහැකි පොරොන්දු ජනතාව රවටන ඇස් බැන්ඳුම් පමණි. මෙවැනි පොරොන්දු බලයට පැමිණි මුල් පැය විසිහතරේදීම ආණ්ඩුවේ ලොක්කන්ට අමතක වෙයි. තමන්ට ඊට වඩා වැඩි වගකීම් පැවැරී ඇති බවට අදහස් පළ කරන මේ බොහොමයක් නායකයන් ඊළඟට සිදු කරන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමට වඩා තමන්ගේ බලය තහවුරු කර ගැනීමට කටයුතු කිරීමය. පොරොන්දු පිළිබඳ මතකය නිතර අවදි කරන රටේ ජනතාව මේ ලබා දී ඇත්තේ කවදාවත් ඉටු නොවන පොරොන්දු බව අවබෝධ කර ගන්නා විට ඊළඟ මැතිවරණයට කාලය පැමිණ තිබේ. යළිත් දේශපාලකයෝ පොරොන්දු නැමැති දිරච්ච ලණු ජනතාවට ලබා දෙති. ජනතාව ද තලු‍ මරමින් මේ ලණු අනුභව කරති. මේ චක්‍රය සැමදාම මෙසේ කරකැවිය යුතුද?

එසේ නොවිය යුතුය. ජාතික මැතිවරණවලදී ඡන්දදායකයන්ට පොරොන්දු ලබාදීම අනවශ්‍ය බව අප කියන්නේ නැත. එහෙත් ලබාදෙන පොරොන්දු ඉටුකළ හැකි, පවතින යථාර්ථයට ආසන්න ඒවා වීම අවශ්‍යය. එසේම රටේ ආර්ථිකය වළපල්ලට ඇද දමන ඒවා නොවිය යුතුය.
 
ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙන ලෝකයේ ඕනෑම ආණ්ඩුවක් ජනතාවගෙන් ඡන්දය ලබාගැනීම සඳහා වඩා හොඳ සහ ලාභදායක සේවා පහසුකම් ලබාදෙන බවට පොරොන්දු ලබා දීමට පෙළඹෙයි. ඒ සමඟ බදු සහන ලබාදීම ද තවත් ජනප්‍රිය පොරොන්දුවකි. මෙය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් නොව සංවර්ධිත ධනවත් රටවලට ද පොදු ධර්මතාවකි. එහෙත් ධනවත් රටවලට තමන්ගේ කඳවුරේ රටවල් සමඟ පවතින ආර්ථික සහ දේශපාලනික සබඳතා හේතුවෙන් එවැනි සහන සමාජයට මුදාහැරීම ගැටලු‍වක් වන්නේ නැත. එහෙත් දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින අඩු ඒකපුද්ගල ආදායමක් ඇති රටවලට ඒ ආකාරයට ආර්ථික පොරොන්දු ඉටු කිරීමට හැකියාවක් නැත. දරාගත නොහැකි මට්ටමට පත්වන උද්ධමනය, ආර්ථිකයේ කඩාවැටීම සහ ඒ හේතුවෙන් ඇතිවන දේශපාලන අස්ථාවරභාවය අනවශ්‍ය ලෙස සහන ලබාදීමේදී මුහුණදීමට සිදුවන බරපතළ ගැටලු‍ අතර සුලබය. ශ්‍රී ලංකාව ද දැන් දශක ගණනාවක් තිස්සේ මේ ගැටලු‍වල වින්දිතයකු බවට පත්වී සිටී. එයින් ගැලවෙන උපාය මාර්ග දෙසට කිසිදු දේශපාලන පක්ෂයක අවධානය යොමු නොවීම ලොකුම අවාසනාවය.

ඉටුකළ නොහැකි බොරු පොරොන්දු ලබාදීම රටේ ඡන්දදායකයාට දේශපාලන පක්ෂ ලබාදෙන මානසික අල්ලසකි. දිගින් දිගටම සිදුවෙමින් පවතින මේ බැරි පොරොන්දු දේශපාලනයේ එක් අහිතකර ප්‍රතිඵලයක්වී ඇත්තේ රුපියල බාල්දු වීමය. උද්ධමනය පාලනය කරගත නොහැකි මට්ටමකට ඉහළ යාම එහි අනිවාර්ය ප්‍රතිඵලයයි. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම මෙහි වරද පටවන්නේ හිටපු ආණ්ඩුවට වීම මෙරට දේශපාලනයේ මහා පොදු සාධකයකි. එහෙත් එයින් රටේ උග්‍ර ආර්ථික ගැටලු‍වට විසඳුම් ලැබෙන්නේ නැත. එකිනෙක ආණ්ඩු මත වරද පැටවීමෙන් ජනතාවගේ දුප්පත්කම අඩුවන්නේ ද නැත. සිදුවන්නේ ආර්ථික අවිනිශ්චිතභාවය තවදුරටත් වර්ධනය වීම පමණි.

බොරු පොරොන්දු දේශපාලනය මගින් ශ්‍රී ලංකාවට සිදුකර ඇති විනාශය පිළිබඳ අපූරු උදාහරණයක් පසුගියදා මෙරට සුප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු විසින් තම ලිපියක සඳහන් කර තිබිණි. ඔහු කියා තිබුණේ තමාට හමුවූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් කර්තෘවරයකු තමාගෙන් මෙසේ ඇසූ බවය. ‘‘මගේ සීයාගෙ කාලෙ ශ්‍රී ලංකාව දුප්පත් රටක්. මගේ පියාගෙ කාලයෙත් අපේ රට දුප්පත්. මගේ කාලයෙත් රට තාම දුප්පත්. මගේ දුවගේ පුතාගෙ කාලයෙත් රට දුප්පත් විදියටම තිබේවි. ලංකාවට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද?’’

මෙයින් ගැලවීමට ඇති එකම උපක්‍රමය පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම පමණි. නිකම් වෙනසක් නොව එය උඩු යටිකුරු විය යුතුය. ඒ සඳහා අලු‍ත් ආණ්ඩුව හෝ ඉදිරි පියවර නොගත්තොත් තව වසර 05කට පසුව ද මේ කතුවැකිය මෙසේ ලිවීමට සිදුවන බවට සහතිකය.

 



අදහස් (4)

ජනතාව මුළාකරන මැතිවරණ පොරොන්දු

rana Friday, 14 August 2020 10:14 AM

ඉතා අනර්ඝ කතු වැකියක්, ඇනේ ඔලුවටම පහරක්, සිංහලයාගේ කල්පනා ධාරාවේ විශාල වෙනස්වීමකින් හැර ඔබේ, මගේ සිතිවිල්ල සිදුවන්නේ යැයි සිතිය හැකි නොවේ. මෙයට ප්‍රධාන සාධකය ලෙස මා දකින්නේ අපේ දැනුමේ අඩුපාඩු. මෙම ලිපිය තබාගන්න... 2025දී නැවත අනිවාර්යයෙන්ම වුවමනා වේ.

:       0       62

RaveendraFriday, 14 August 2020 11:30 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදි මෙන්ම කාලෝචිතය.. ජනවිඥාණය පිළිබඳව කතාකිරීමේද ලාංකීය ඡන්ද දායකයන් තරම් දැනුමෙන් උසස් මිනිස් කොට්ඨාශයක් මේ තුන් ලෝකෙටම නැති තරම්ය. මක්නිසාදයත් තක්කඩින්, කසිප්පුකාරයන්, කුඩුකාරයන්, බේබද්දන්, මංකොල්ලකරුවන්.. වෙනුවෙන් ඇන කොටා ගනිමින් ඔවුන්ට සුරසැප ලබාදීම පිණිස තම ජීවිතද නැතිකර ගනියි.

:       0       23

sanath Friday, 14 August 2020 10:23 AM

මෙවැනි පොරොන්දු දීම දේශපාලකයින් සිදු කරන්නේ රටේ මිනිසුන්ගේ දුප්පත්කම සහ අනාරක්ෂිත භාවය ප්‍රයෝජනයට ගනිමිනි. මෙවැනි බොරු කියා මිනිසුන්ගේ කර උඩින් ගොස් මහජන නියෝජිතයින් වුවාට පසු ඒ සියල්ල අමතක කර ජනතා බදු මුදලින් සුර සැප විඳීමට පටන් ගනී. ලංකාවේ මිනිසුන් ස්වභාවයෙන් බියගුළු බැවින් මෙවැනි දේට කිසිවක් නොකියා ලැබෙන කටුවක් ලෙවකා සැනසීමට පත්වෙයි.

:       2       20

ABC Sunday, 16 August 2020 03:04 AM

ලංකාවේ ජීවත්වන්නේ ඉල්ලගෙන කන ජනතාවක් වුවත් ඔවුන් මෙතෙක් එය තේරුම් ගෙන නැත. තේරුම් ගන්නේද නැත. සිල්ලර පොරොන්දුවලට රැවටී ඔවුනුත්, රටත් නැතිකර කන්න පිරිසක් ජිවත්වන රටකි. හඳෙන් හාල් සේරු දෙකක් නොමිලයේ ලබාගන්නට බලාපොරොත්තු වූ ජනතාවක් ලංකාවේ එදත් සිටියේය.. අදත් සිටින්නේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site