X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ජනපති අපේක්ෂකයා කවුරු වූවත් මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ප්‍රතිඥා දිය යුතුයි

(ක.ග.කරුණාරත්න)
 
ඉදිරි ජනාධිපතිවරණයට මොන අපේක්‍ෂකයා ඉදිරිපත් වුණත් ඒ හැම අපේක්‍ෂකයෙක්ම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්,මත් ද්‍රව්‍ය  විනාශ කරන්න පියවර ගන්නා බවට පැහැදිලිව ප‍්‍රතිඥාවක් දියයුතුයැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (18)  පොළොන්නරුවේ දිඹුලාගලදී පැවසීය.
 
එපමණක් නොව මත්කුඩු ජාවාරම් කාරයින්ට විරුද්ධව මරණය දණ්ඩණය ක‍්‍රියාත්මක කරන බව කිවයුතු යැයිද  කීවේය.
 
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියමගින් දිඹුලාගල ප‍්‍රාදේශි ලේකම් කොට්ඨාශයේ දිඹුලාගල ඉදිකරන ලද ජිවහත්තගම,දිසාලාගම,කොටාරාගල යන ආදර්ශ ගමිමාන ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
 
එහිදී  තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා පාතාලය ,මත්කුඩු, ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර මෙරට විනාශ කරන දේවල් යැයිද ඒවා මර්ධනය කර රටක් හදන්නට තද නති රීති  අවශ්‍ය බවද කීවේය.මත්ද්‍රව්‍ය  නිවාරණ ව්‍යාපාරය ශක්තිමත් කළයුතු බවත් මත්කුඩු විකුණන ව්‍යාපාරිකයින්,කුඩු ජාවාරමිකාරයින් මරණය දණ්ඩනය දීලා මරන්න ඔන කියලා තීන්දු කර ඊට අත්සන් කළ බවද පැවසීය.
 
නමුත්  මරණීය දණ්ඩනයද  මට එසේ අත්සන් කර තිබියද අපේ ආණ්ඩුවේ ලොක්කන් සහ විපක්‍ෂයේ ලොක්කන් රටේ සිටින දේශපාලනඥයින් සමඟ එක්ව පාරට බැහැලා බෑ. මරණය දණ්ඩනය දෙන්න බෑ කියලා කෑගහන්න පටන් ගත් බවක්’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක් අයෙක් උසාවි ගොස් මරණය දණ්ඩනය කල්දාන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණ නියේගයක්ද ලබා ගත් බවත් ඒ අනුව දැන් එය කල්දමා තිබෙන බවද පැවැසීය.
 
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් පේ‍්‍රමදාස, විදේශ කටයුතු රාජ්‍ය ඇමති වසන්ත සේනානායක යන මහත්වරු ද උත්සව සභාව ඇමතූහ.



අදහස් (17)

ජනපති අපේක්ෂකයා කවුරු වූවත් මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ප්‍රතිඥා දිය යුතුයි

කොරනෙලිස් Sunday, 18 August 2019 11:10 AM

නැවත ඔබතුමා ඉල්ලන්නෙ දේශයේ අවශ්‍යතාවය ඔබයි. රටෙ බහුතරයක් ඔබ සමගයි

:       0       0

ගොන්ගාලේ ගොඩබණ්ඩා Sunday, 18 August 2019 11:30 AM

"මැක්කා වනාහි" කතාව වගේ. ඒ කතාවේ ළමයෙකුට මැක්කා ගැන රචනයක් ලියලා ලකුණු හොදට ලැබුනලු. එදා ඉදල මොන රචනයක් දුන්නත් එ්කට මැක්කෙක් සම්බන්ධ කරගෙන මැක්කගේ කතාව ලියනවලු. ඉබ්බා ගැන ලියන්න දුන්නම ඉබ්බගේ ඇගේ මැක්කෝ නැත. එහෙත් මැක්කා වනාහි කියල මැක්කා ගැන ලියනවලු. පොලීසිය සහ විශේෂ කාර්යය බලකාය පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය සහ මදුෂ් ඇල්ලුවට පස්සේ ගැලරියේ විසිල් එක සහ අත්පුඩි ලැබුන නිසා දැන් හැමතැනම මත්ද්‍රව්‍ය වනාහි... මත්ද්‍රව්‍ය වනාහි... මත්ද්‍රව්‍ය වනාහි....හැම එකටම මත්ද්‍රව්‍ය වනාහි.... කියල ගැලරියේ විසිල් එක ගන්න හදන ජනාධිපති කෙනෙක් වගේ.

:       158       371

Raveendra Sunday, 18 August 2019 11:51 AM

දැන් අවරුදු 60 ක් 70 ක් තිස්සේ ඔය කියන අය ප‍්‍රතිඥාවන් කොච්චර දුන්නද ? ඒ දුන්නු ප‍්‍රතිඥාවන් ක්‍රියාත්මක උනානම් අපේ රට දිව්‍යලෝකයක් මේ වෙනකොට.එක්කෙනෙක් මම මේක ධර්මිෂ්ඨ රාජ්‍යයක් කරනවා කිව්වා. කෝ කෙරුවද ? තව කෙනෙක් තව දේවල් කියනවා. තව පාරක් ඇවිල්ල ලෙච්චමී ද මොකක්ද දෙයක් ගැන කිව්වා . දැන් මේ තවත් දේවල් කියනවා. අපි නොදන්නා ප‍්‍රතිඥා .

:       0       198

shantha kodithuwakku Sunday, 18 August 2019 11:51 AM

කියනකම් බලාගෙනම හිටියේ මේක කියන්න. ඔය ඔක්තෝබර් අගමැතිට වාඩි කළ කෙනාටයි.එයා ගේ මල්ලිටයි ආයේම ඔන්න කිව්වා.

:       264       568

Amila Sunday, 18 August 2019 12:09 PM

එහෙම එකක් ව්‍යවස්ථාවේ නෑනේ. මෙයත් අල්ලගන්නේ මරු මාතෘකා.

:       54       250

චමින්දMonday, 19 August 2019 01:59 AM

මෙය පොහොට්ටුවේ අයට අදාල වෙන්නම බැහැ.

:       0       0

Prabha Sunday, 18 August 2019 01:35 PM

අවුරුදු පහක් ඔය පුටුවේ ඉඳන් පොල් ගෑවද ?

:       0       11

විජිත් Sunday, 18 August 2019 06:02 PM

"එතකොට බාර් පර්මිට්..? " ඒක.. හාද? කාර් පර්මිට් විකුණුවාට කමක් නැහැ නේද? පූජ්‍ය පක්ෂයට කාර් පර්මිට් එකක්. ටිකක් වැඩියෙන් බටර් ගාන අයට පර්මිට් 2ක් දුන්නට කමක් නැහැ.. හැබැයි වැඩි සද්දයක් නැතිව.. එහෙමනේද?

:       0       0

nimal Sunday, 18 August 2019 10:13 PM

ඇයි ඔයා එන්නේ නැද්ද?

:       0       0

රවින් Monday, 19 August 2019 02:33 AM

මත්ද්‍රව්‍ය උවදුර ගැන කිව්වහම අනික් ඔක්කොම පිළිගනී... ඉස්සරනම් බර අදින ලොරිවල තාර බර හා ශුද්ධ බර කියලා ඩ්‍රයිවර් අසුන යට ලියලා තිබුනා . දැනුත් එහෙමද?

:       0       10

vidya Monday, 19 August 2019 03:14 AM

ඒ වැඩෙත් කරන්න ඕනේ තමා. විශේෂයෙන් මොලේ තියෙන , බුද්ධිමත් උගතෙක් වෙන්න ඕනේ. පසුගිය අවුරුදු 71 ක් ම විනාශ කෙරුවේ මොලේ කලඳක් වත් නැති අය.

:       0       40

gunarathna Monday, 19 August 2019 04:09 AM

කවුරු ආවත් මේ අවුරුදු හතරට තමන්ගේ රාජකාරිය හරියට කරාද කියලා පොළොන්නරුවට ගිහිල්ලා කල්පනා කෙරුවොත් නේද හොඳ ?

:       0       10

thilakasiri Monday, 19 August 2019 05:20 AM

පිස්සු ද? හැටි ද?

:       0       3

Deepal Nirosh Monday, 19 August 2019 05:34 AM

ඔච්චර උවමනාවක් තිබුණ නම් තමන් බලයේ හිටපු මේ අවුරුදු හතරට ඔය උවදුර මඩින්න තිබුණනේ. අනික් අයගෙන් ප්‍රතිඥා ඉල්ලගෙන යන්න අවශ්‍ය නැහැනෙ. පුළුවන්නම් ඔය ප්‍රතිඥාව පෙරට දාගෙන ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා දිනල පෙන්වන්න.

:       3       8

vipula Monday, 19 August 2019 10:12 AM

කිසිම කළමනාකාරණයක් නැති මනුස්සයෙක් අවුරුදු 5ක් මිනිසුන්ගේ කාලය කාලා දාලා දැන් විකාර කියවනවා. අපේ ජනතාවගේ දේශපාලනය කෙරෙහි තිබෙන උගත්කම තමයි මේ මනුස්සයගෙන් ප්‍රතිමූර්ති වන්නේ... ලංකාවේ ඒ තරමට ඉන්නේ අකුරු සාස්තරය දන්නා නූගතුන්...

:       0       0

anura sirisena Monday, 19 August 2019 10:24 AM

හත්වලාමේ ඔහේ මක්කැයි මේ කියවන්නේ...? ඔහේ ජනාධිපති.. ඉතින් කරන මගුල දැන් කරන්න පුළුවන් නේ... අනෙක් උන්ට කියන්නේ..

:       0       0

jagath Monday, 19 August 2019 01:08 PM

එතකොට ගම්පහ මතකුඩු, හෙරොයින්, .එස්.ටී.එෆ්. එකෙන් වට කරද්දී ඒ මත්කුඩු සහ ඒ පුද්ගලයා බේරාගත්ත, බදාගත්ත රටම දන්නා පුද්ගලයාගේ පක්ෂයට ඔබතුමා ගන්න තීන්දුව ගැන රටම, ලෝකයම අවධියෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site