X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ජනපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනයේ හෙළිදරව්ව

(බිඟුන් මේනක ගමගේ සහ හර්ෂණ තුෂාර සිල්වා )

බැදුම්කර ගනුදෙනුව සිදුවූ අවධියේදී වෙනත් ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අතර කිසිදු දුරකථන සන්නිවේදන කටයුත්තක් සිදු වී නැතත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා හා ඔහු අතර කෙටි පණිවුඩ හුවමාරු වී ඇති බව බැඳුම්කර ජනපති කොමිසම් වාර්තාවේ ආන්දෝලනයට තුඩුදුන් සී 350 නමැති ලේඛනයේ සඳහන්ව ඇත.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කළ දැනුම්දීමක් මත ජාතික ලේඛනාරක්ෂක   දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද එම ලේඛනයේ මූලික කරුණු මෙසේය.

වසර 2015 පෙබරවාරි 1 වැනිදා සිට 2016 වසරේ අප්‍රේල් මස 1 වැනිදා දක්වා බැදුම්කර නිකුත් කිරීම් සහ බැහැර කිරීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශනවලට අදාළව මෙම ලේඛනය සකස් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ක යෙහාන් ජයසිංහ මහතා විසිනි.

මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු කොටස තොරතුරු සහ දත්ත ඒකරාශි කිරීම, ක්‍රියාවලිය සහ විශ්ලේෂණය හා සොයාගැනීම් වශයෙන් සමන්විතවේ. දෙවැනි කොටස ඇමුණුමුවලින් යුක්තය.

මෙම දුරකථන දත්ත 2015 ජනවාරි 1 වැනිදා සිට 2017 ජුනි 20 දක්වා කාලයට අදාළ වන අතර ශ්‍රී ලංකා ටෙලිකොම්  සහ ඩයලොග් ආසියාටා  යන සමාගම්  එටිසලාට් ලංකා, භාරතී එයාර්ටෙල් ලංකා, මොබිටෙල් යන පෞද්ගලික සමාගම්වලින් මෙම දත්ත නිදහස් කර ඇත.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 වසරේ ජනවාරි 23 වැනිදා සිට 2017 වසරේ ජුනි 20 වැනිදා දක්වා දුරකථනයෙන් කළ සන්නිවේදන කටයුතුවලට අදාළ තොරතුරු මෙහි ඇතුළත් වේ. අදාළ කාලයට දින 880 ක් ඇතුළත් වන නමුත් එටිසලාට් ආයතනයට අනුව මහේන්ද්‍රන් මහතාගේ දත්ත සඳහන් වන්නේ දින  644 ක පමණි. ඉතිරි දින 236 හි ඔහු දුරකථනය පාවිච්චි කළේද නැද්ද යන්නට දත්ත නැතැයි වාර්තාවේ සඳහන් වේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන හා අර්ජුන් මහේන්ද්‍රන් මහතා අතර එම කාලයේදී දුරකථන ඇමතුම් 27 ක් හුවමාරු වී ඇත. එයින් ඇමතුම් 15 ක් ගෙන ඇත්තේ මහේන්ද්‍රන් මහතාය. ඔහුට ලැබුණු ඇමතුම් ගණන 12කි. මෙම කාලයේදී මහ බැංකු අධිපතිවරයා තවත් දුරකථන අංක භාවිත කර ඇතත් මෙහි තොරතුරු සඳහන් වන්නේ 07222 46361 ට අදාළව පමණි.

අදාළ කාලයේදී ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ සමාගම්වල (තනි) ප්‍රධාන විධායක නිලධාරින් හා හිටපු මහ බැංකු අධිපතිවරයා අතර කිසිදු දුරකථන සන්නිවේදන කටයුත්තක් සිදු වී නැතත් එම කාලයේදී පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා අතර ( 2015 පෙබරවාරි 1 සිට 2017 ජුනි 20 ) කෙටි පණිවුඩ 7 ක් හුවමාරු වී ඇත.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඉන්දික සමන් කුමාර යන අය අතර 2015 ජනවාරි 23 සිට 2017 ජුනි 20 දක්වා කාලයේදී සිදුව ඇති දුරකතන ඇමතුම් සංඛ්‍යාව 30 කි.

ඉන්දික සමන් කුමාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ කාලයේ දී සිදු වූ දුරකතන ඇමතුම් සංඛ්‍යාව 7 ක් වන අතර ඔහු සේවක අර්ථසාධක අරමුදලේ ජ්‍යෙෂ්ඨ සහකාර අධීක්ෂක ලෙස කටයුතු කාලයේදී සිදු වූ දුරකතන ඇමතුම් සංඛ්‍යාව 16කි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඔහු හා ඉන්දික සමන් කුමාර අතර සිදුව ඇති ඇමතුම් ගණන 11කි.

අර්ජුන් ඇලෝසියස් හා ඉන්දික සමන් කුමාර අතර 2015 ජනවාරි 9 සිට 2016 ඔක්තෝම්බර් 18 අතර දුරකථන ඇමතුම් 38 ක් හුවමාරු වී ඇත. 2016 ඔක්තෝම්බර් 23 සිට 2017 ජනවාරි 26 අතර වයිබර් තාක්ෂණය ඔස්සේ ඇමතුම් හෝ ඇමතීමට උත්සාහ ගත් අවස්ථා 448 කි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ විවිධ දේශපාලන හා සිවිල් සමාජ කණ්ඩායම් මෙම ලේඛනය ඉල්ලා පසුගිය කාලය මුළුල්ලේ රජයට දැඩි බලපෑමක් කළේය.

මෙම ලේඛනය තුළ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සාමාජිකයන් රැසක් හා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස් අතර සිදූ වී යැයි කියන දුරකතන ඇමතුම් පිළිබඳ තොරතුරු ඇතුළත් බැවින් රජය එය සඟවාගෙන සිටින්නේ යැයි ඔවුහු චෝදනා කළහ.

 



අදහස් (0)

ජනපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනයේ හෙළිදරව්ව

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site